ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
31/10/2025 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි අවිතක්ක අවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ග ධර්ම කොටස නැවතත් සිහි කළා. යම් දහමක පෙර සිත ගොඩනැඟුවා ද එමගින් ඇති වුණා වූ දුක දැකීමත්, වර්තමානයේ යම් දහමක සිත ගොඩනැඟී ඇද්ද එමගින් ඇති වුණා වූ දුක දැකීමත්, යම් දහමක අනාගතයේ සිත පිහිටුවොත් එය මගින් දුක ඇති වන බව දැක, තුන් කාලයේ දී ම සිත නොපිහිටීමත්, මෙසේ සතිමත් වීමත්, සිහි කළා.
17/10/2025 තණ්හා භාවනාවේ දී, කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තුන් ආකාර වූ තණ්හාවෝ ඇති ද, එය මගින් නිරූපණය කරන දහමුන් මගින්, චේතනා හටගන්නේ ද, එම චේතනාවන් ඉදංසච්චගත වීම, ජීවිත ඉන්ද්‍රිය හරහා සිදු වීම විමසා ඇත. මෙය තවදුරටත් විමසීම, 24/10/2025 උද්‌ධතං චිත්ත භාවනාවේ දී සිදු කළා. එහි දී, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වන ධර්මතාවයන් මගින් රාග අනුසය මගින් පවසන අදහස් වන තුන් අගයෝ, එනම් නාමරූප ඇති තැන සුභ අගය, පරාමාස ඇති තැන සුඛ අගය, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, යන අගයන් තුන ම ඇවිස්සීම කරන්නේ සිත නොසන්සුන් වේ, උද්ධච්චය හටගනී. මෙයට පරාමාස ජීවිත ඉන්ද්‍රිය විඤ්ඤාණ රේඛාව වටා චේතනා අගය පරාවර්තනය වන්නේ, එම අගයෝ ඉදංසච්චාභිනිවෙසකායගන්ථ වන්නේ ය, යන්න එකතු වන්නේ, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ සුඛ යන හැඟීමකින් තොරව සංස්කාර අගයෝ සඳහා තුඩු දෙන අදහස් තැන්පතු වී ඇත්තේ චේතනාව මගින් නියම කරන සංස්කාරයෝ සිදු කරනු ලබයි, යනුවෙන් ඉගෙන ගත්තා.
ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට සිත ඇති වීම, චේතනා ඇති වීම සඳහා, අවිතක්ක අවිචාර සමාධිය භාවිතා කර ඉහත අයුරින් සතිමත් වන්නේ, එය සඳහා අධිචිත්ත ශික්ෂාව පරිපූර්ණත්වයට පත් කරගැනීමට යම් උත්සාහයක් වෙද්ද එය සඳහා නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤා ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍ය යැයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම නිසා යම් ප්‍රීතියක් වේ ද, එම ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් පැවැතිය යුතු ම ය. මෙසේ උපෙක්ඛාවක් නොපිහිටයි ද, එය සෝකය 2 දහමුන් මතු වීම නිසා ම සිදු වන්නේ ය. සෝකය 2 දහමුන් මතුවන්නේ නම්, 10/01/2025 නිබ්බාන භාවනාවේ දී දුන් සටහනේ අප්පනා යන දහම පැවැත්වීමට විරියක් නොපිහිටයි.

මෙසේ දුක සංකල්පයේ සිත බැස ගැනීමක් නොවන්නේ නම්, ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීම සිදු නොවේ.
අධිචිත්ත ශික්ෂාව පරිපූර්ණත්වයට පත් කරගැනීමට, ඉහත අයුරින් කරන ලද උත්සාහය සාර්ථක වන්නේ නම්, එනම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤා ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍ය යැයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම නිසා යම් ප්‍රීතියක් වේ ද, එම ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් පවතී නම්, නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ, කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තුන් ආකාර වූ තණ්හාවෝ ඇති ද, එය මගින් නිරූපණය කරන දහමුන් මගින් චේතනා හටගන්නේ ද එම චේතනාවන් ඉදංසච්චගත වීම ජීවිත ඉන්ද්‍රිය හරහා සිදු වීමත්, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ සුඛ යන හැඟීමකින් තොරව සංස්කාර අගයෝ සඳහා තුඩු දෙන අදහස් තැන්පතු වී ඇත්තේ, චේතනාව මගින් නියම කරන සංස්කාරයෝ සිදු කරනු ලබයි, යනුවෙන් සිහි කරනවිට සිත නතර වීම සිදු වේ. ඉන් ඉදිරියට ධර්මය සිහි කළ නොහැක. මේ සඳහා සෝකය 2 නොවිය යුතු ය, “අතීතං නානුසොචති” යන්න සිතෙහි පැවතීම ප්‍රමාණවත් ය. මෙහි දී මනස නතර වීම ඉදංසච්චය ළඟ දී සිදු වන අතර, චේතනාව මගින් නියම කරන සංස්කාරයෝ සිදු කරනු ලබයි, යන ධර්මයේ දරුණුකම වැටහී තිබිය යුතු ය.
2. ධ්‍යාන තලවල කාම විතක්ක නැත. එනමුදු 17/10/2025 තණ්හා භාවනාවේ දී, කුමන තලයක ඉපදුණත් රූප විෂයෙහි වූ කාම ධාතු සියලු ධාතූන් අභිබවා යයි එහි ම ගැබ් වීමට සිත් දෙනු ලබයි යැයි ඉගෙන ගත්තා. එහි සමහර අය කාම සඤ්ඤාව දක්වා ගොස් නතර වේ. සමහරු කාම ධාතුව ඇති වනවිට ම ඉවත් වේ. මෙයට අට වන ධ්‍යාන ඵල ලාභියා උදාහරණ ලෙස ගත හැකි ය. ඔහු කාම ධාතුව ඇති වනවිට ම එයින් ඉවත් වේ. එය එසේ යැයි බුදුපියා පැවසුවා.
3. ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට සිත ඇති වීම, චේතනා ඇති වීම සඳහා, අවිතක්ක අවිචාර සමාධිය භාවිතා කිරීම සිදු කරන්නේ එය හොඳින් වඩන්නේ, එනම් කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාවය ඇතිව උපදනේ ය, කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය, ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාවය ඇතිව උපදනේ ය, ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය යන අවස්ථා හතර යොදා විමසීම සිදු කර ඉන් අනතුරුව චේතනාවන් ඉදංසච්චගත වීම, ජීවිත ඉන්ද්‍රිය හරහා සිදු වීමත්, චේතනාව මගින් නියම කරන සංස්කාරයෝ සිදු කරනු ලබයි යනුවෙන් සිහි වන්නේ, චේතනාව ළඟ star එකක් මතු විය.
4. අවිතක්ක අවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ග ධර්ම කොටස සිහි කරනවිට, එනම් යම් දහමක පෙර සිත ගොඩනැඟුවා ද එමගින් ඇති වුණා වූ දුක දැකීමත්, වර්තමානයේ යම් දහමක සිත ගොඩනැඟී ඇද්ද එමගින් ඇති වන්නා වූ දුක දැකීමත්, යම් දහමක අනාගතයේ සිත පිහිටුවොත්, එය මගින් දුක ඇති වන බව සිහි කරන්නේ ධාතු මනසිකාරය කරන්න යැයි බුදුපියා පැවසුවා. එහි දී එකවර ම යම් දහමක පෙර සිත ගොඩනැඟුවා ද, වර්තමානයේ යම් දහමක සිත ගොඩනැඟී ඇද්ද, අනාගතයේ සිත පිහිටුවොත් යන සියල්ල තණ්හාව මගින් නිරූපණය කරන දහමුන්, එනම් සඤ්ඤා, වේදනා සහ යමකට බැඳීම ඇති කරන දහමුන් නොවේ දැයි යනුවෙන් සම්බන්ධ විය. එම දහමුන් මගින් චේතනා හට ගන්නේ ද, එම චේතනාවන් ඉදංසච්චගත වීම නිසා චේතනාව මගින් නියම කරන සංස්කාරයෝ සිදු කරනු ලබයි යනුවෙන් සිහි වන්නේ, ශාන්ත සුවිමුක්ත චිත්තය ඇති විණ. තව ද repair කරනවිට දී මෙම ධර්මය සිහි වන්නේ, පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ යැයි සිතනවිට ම සබ්බාසව diagram 3හි හතර වෙනි පිටුවෙහි ඇති සටහන සිහි විය. මෙසේ මමංකාර වී ඇත්තේ ද, අහංකාර වී ඇත්තේ ද, ධාතුවලට ම ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 22/11/2025