Date: 21/11/2025 Name: ජාති

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

පසුගිය දිනවල කරන ලද භාවනාවල දී 50% පථය, ඉන් අනතුරුව වේදනා තණ්හා චේතනා ඇති වීමත්, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකළවරින් ඇතුල් වෙන ධර්මතාවයන් මගින් රාග අනුසය මගින් පවසන අදහස් වන තුන් අගයෝ, එනම් නාමරූප ඇති තැන සුභ අගය, පරාමාස ඇති තැන සුඛ අගය, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, යන අගයන් තුන ම ඇවිස්සීම කරන බවත් සාකච්ඡා කර ඇත. දී ඇති සටහන 1 බලන්න.

MM_21_11_2025_p1.jpg

සටහන 1

තව ද, 07/11/2025 නිබ්බාන භාවනාවේ දී, සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය මෙනෙහි කරන විට, එහි සඳහන් රූපයට නිත්‍ය එකතු නොකර එයින් ඇති වන ප්‍රීතිය නිසා සතුටු වන්නේ නම් කුමක් වන්නේ ද යන්න, විමසා බැලුවා. එසේ සතුටු වන්නේ නම් මානය ඇති වේ. මෙසේ මාන වීම විමසන්නේ, රාග අනුසය මගින් පවසන අදහස් වන තුන් අගයෝ, එනම් නාමරූප ඇති තැන සුභ අගය, පරාමාස ඇති තැන සුඛ අගය, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, යන ධර්මතාවයේ දී 50% පථයට පැමිණියා, එම පථය සිදු වූවා, යැයි මාන වීමක් ද ඇත යැයි බුදුපියා පැවසුවා. කුමක් නිසා ද? ධම්මමච්ඡරියට තුඩු දිය හැකි යමක් ලැබී ම ය. මෙහි සංකල්පය විමසිය යුතු ය. එය 10/01/2025 නිබ්බාන භාවනාවේ දී දුන් සටහනේ අප්පනා යන දහම නොවීමේ සිට පැමිණ ඇති බව අමතක නොකළ යුතු ය.

S_Anusaya._with_SammaSankappa.jpg

එහි area 6 කාමරාග අනුසයේ සිට අවිද්‍යා අනුසය දක්වා පැමිණ ඇත. මාන වන්නේ නම් ප්‍රඥාව නසන ලද්දේ පදුට්ඨමනසඞ්කප්පය ක්‍රියාත්මක වේ. ද්වේෂය දක්වා ම ගමන් කරන්නේ, ද්වේෂ සල්ලය ක්‍රියාත්මක වේ. එමගින් සෝකය 2 ක්‍රියාත්මක වේ. නිත්‍යභාවය නිසා සෝකය 2 පථය ආරම්භ වීමත්, පෙර වින්ඳා වූ වේදනා අගයෝ ඉල්ලීම, ද්වේෂ සල්ලය නිසා සිදු වන බව වැටහේ. දී ඇති සටහන 2 බලන්න.

MM_21_11_2025_p2.jpg

සටහන 2

පෙර වින්ඳා වූ වේදනා අගයෝ ඉල්ලීම වන්නේ, රාග සල්ලයට තුඩු දෙන දහමුන් සොයා යන බව බුදුපියා පැවසුවා. මෙසේ වන්නේ 50% පථය ක්‍රියාත්මක වේ. කුමක් නිසා ද? දෙයාකාරයකට මාන වන නිසා ය.

a. රූප ස්පර්ශය හොඳ යැයි පිළිගනී. එය දිට්ඨීන් හා සම්බන්ධ ය.

b. පෙර වේදනාව නිසා තෙත් වූ සිතක් ඇති බව. මෙය චිත්තය හා සම්බන්ධ ය. එහි සංකල්පය මූලික වේ.

මෙසේ ජාතිය හේතු කොට ගෙන වේදනා තණ්හා චේතනා මාන යන්නත්, පදුට්ඨමනසඞ්කප්පය හරහා ද්වේෂ සල්ලය විසින් පෙර වින්ඳා වූ වේදනා අගයෝ ඉල්ලීමත් ඇත්තේ, 50% පථය ක්‍රියාත්මක වීම, ඉහත සඳහන් a සහ b මගින් සිදු වන්නේ ඉපදීම වළකාගත නොහැකි ය. මෙය ජාතිය නම් වේ.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. දී ඇති දෙවෙනි සටහනටත් පෙර ම අනාශ්‍රව වන බැවින් මෙම භාවනාව කිරීම ඉතා අපහසු ය.

2. 14/11/2025 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද හතර වෙනි කාරණය සමඟ විමසන්නේ, මමංකාර වී ඇත්තේ ද අහංකාර වී ඇත්තේ ද ධාතු වලට ම ය, යන්න එකතු වන්නේ ජාතිය යන්නෙහි හරයක් නැති බව වැටහේ.

3. 26/01/2024 නිබ්බාන භාවනාවේ දී ත්‍රිශූලය සටහන, සඤ්ඤාව පැත්තෙන් බලන විට, දක්ෂිණාවර්ත ව කැරකවීම සිදු වේ. මෙහි දී, දෝලනය සටහන ද සඤ්ඤාව පැත්තෙන් බලන විට, දක්ෂිණාවර්ත ව කැරකවීම සිදු වේ. එනම් පාණාතිපාත ලකුණු කරන දුස්සීලභාවය ඇති පැත්ත පාත් වේ, පරිදේවය පොළොවට බර පැත්තට යයි. මෙසේ චිත්ත සංස්කාරයෝ, කාය වචී සංස්කාරයන්ගෙන් පරිපූර්ණත්වයට පත්වීම ම උත්පත්තිය යැයි කියනු ලැබේ. තව ද ජාතිය යන්න, අප ජීවත් වී සිටින විට නිතර සිදු වේ. එනම් චිත්ත සංස්කාරයෝ, කාය වචී සංස්කාරයන්ගෙන් පරිපූර්ණත්වයට පත්වීම, හුස්ම ගැනීම පිට කිරීම යන්න මගින් ද සිදු වේ, යනුවෙන් ඉගෙන ගත්තා. මෙසේ දිට්ඨීන් නිසා රූප ස්පර්ශය හොඳ යැයි පිළිගෙන, හුස්ම ගැනීමක් වේ ද, එය තුළ මානය අඩංගු වේ. සංකල්පය මූලික වීම නිසා, පෙර වේදනාව නිසා, තෙත් වූ සිතක් ඇතිව හුස්ම ගැනීමක් වේ ද එය තුළ මානය අඩංගු වේ.

4. මෙහි අවසානයට සඳහන් දෙයාකාරයකට මාන වන නිසා 50% පථය ක්‍රියාත්මක වේ යන්නෙහි ගැඹුර වැටහෙන්නේ වම් පැත්තේ කම්මුල සිසිල් වන අතර, නිකට දැනීම ද, හත් වෙනි ධ්‍යාන වීම ද සිදු වේ. මෙහි දී මාන පාරේ රූප අගය, දිට්ඨි අනුසය රේඛාව සමඟ සිහි වීම හොඳින් සිහියේ තිබිණ. 50% පථය ක්‍රියාත්මක වුවහොත් වන ආදීනවය සිහියේ තිබිණ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.