ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
21/11/2025 ජාති භාවනාව නැවතත් කරගෙන ගියා. එම ධර්මතාවයෝ මගින් සටහනක් සාදාගත හැකි ය. දී ඇති සටහන 1 බලන්න. එහි දෙයාකාරයකට මාන වීම නිසා රාග සල්ලයට තුඩු දෙන දහමුන් සොයා යෑම ලකුණු කර ඇත.

සටහන 1
50% පථය, ඉන් අනතුරුව වේදනා තණ්හා චේතනා ඇති වීමත්, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වෙන ධර්මතාවයන් මගින් රාග අනුසය මගින් පවසන අදහස් වන තුන් අගයෝ, එනම් නාමරූප ඇති තැන සුභ අගය, පරාමාස ඇති තැන සුඛ අගය, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, යන අගයන් තුන ම ඇවිස්සීම. සටහන 2 බලන්න.

සටහන 2
දුක සංකල්පයේ සිත බැස නොගනී නම් ධම්මමච්ඡරියට තුඩු දෙන දහමුන් සොයයි. මෙසේ 50% පථයට පැමිණීම, සෝකය හරහා ම සිදු වේ. Line 6 විමසන්න. එහි පවතිනවා යන්න ගැබ් වේ.(*1)
අරූප ධ්‍යාන පවා ඉවතලා ඇත්තේ නම්, කෙසේ පවතිනවා යන්න තවමත් පවතී ද? එය අස්මිතිය නිසා ම සිදු වේ. 16/04/2021 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළ අයුරින්, “වෙදනං අත්තතො සමනුපස්සති” පථය සිදු වන්නේ, එනම් විඤ්ඤාණ, භය අගති, සෝක, වේදනා යන්න සිදු වන්නේ, රාග අනුසය මගින් පවසන අදහස් වන තුන් අගයෝ, එනම් නාමරූප ඇති තැන සුභ අගය, පරාමාස ඇති තැන සුඛ අගය, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ පථයන් තුනක් හරහා නැවතත් සනාථ කිරීම, ඉදංසච්ච, ජීවිත ඉන්ද්‍රිය, පරාමාසය යන ත්‍රිකෝණය මගින් කරනවිට, අස්මිති මානය හටගැනීම, 4.4 දී සිදු වේ. දී ඇති සටහන 3 බලන්න.

සටහන 3
මෙම සටහනේ මාන පාරේ රූප අගය ලකුණු කර ඇති අතර, එය සෝකය ලෙස ලකුණු කරගන්න යැයි බුදුපියා පැවසුවා. එනම් මාන පාරේ රූප අගය යනු සෝකයයි.
එසේ නම් අස්මිති මානය විසින් රාග සල්ලයට තුඩු දෙන දහමුන් සොයා යෑමට සැලැස්සුවා යැයි වැටහේ. “Excellent” යැයි ඇසුණා. 30/08/2024 නිබ්බාන භාවනාවේ අස්මිති මානය අර්ථ දැක්වීම විමසා බලමු.
a. දැන් පවතින විද්‍යාමාන වූ කය නිසා පවතින්නා වූ සක්කාය දිට්ඨිය. මෙය රූපය හා සබැඳේ.
b. බාහිර පුද්ගලයකුගෙන් අසා දැන ගැනීම නිසා හෝ තමා විසින් දැක ඇති නිසා හෝ ඇති වන්නා වූ අස්මිති ඡන්දය. මෙය චිත්තය හා සබැඳේ. තමා විසින් ධ්‍යාන තලයන් ස්පර්ශ කර හෝ සිත නතර වී ඇති අවස්ථාවකින් ඉවත් වූ පසු එහි කැමැත්ත, යොදා විමසා බලන්න.
මෙය සටහන 1 හි දක්වා ඇති a සහ b කරුණු සමඟ ගලපා බලන්න. මෙසේ ජාතිය ඇති වීම වටහා ගත යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ, මෙහි අවසානයට සඳහන් කළ a ධර්මතාවය, එනම් දැන් පවතින විද්‍යාමාන වූ කය නිසා පවතින්නා වූ සක්කාය දිට්ඨිය, මෙය රූපය හා සබැඳේ යන්න, සටහන 1 හි දක්වා ඇති a ධර්මතාවය සමඟ ගළපනවිට අනාශ්‍රව චිත්තය ඇති විය.
2. සටහන 1 හි දෙයාකාරයකට මාන වීම යන්නෙහි, b ධර්මතාවය නිසා, රාග සල්ලයට තුඩු දෙන දහමුන් සොයා යෑම වන බව වටහා ගත යුතු ය. එය වැඩියෙන් බලපාන්නේ ය. මෙය වේදනාව නිසා ඇති වුණ මානය මගින් සිදු වේ. මෙසේ විමසා බලන්නේ, අපි මානය ඇතුව සිතන බව වැටහේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 06/12/2025
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතනට කෙනෙකුට යොදා ගන්නට පුළුවන් අර විඤ්ඤාණ ධාරාව diagram එක.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව එකක් එකතු කරනවා නම්,
අපි කරුණු දෙකක් විමසලා බලනවා.
a. මාන වීම නිසා රාග සල්ලයට තුඩු දෙන දහමුන් සොයා යෑම.
b. දුක සංකල්පයේ සිත බැස නොගනී නම් ධම්මමච්ඡරියට තුඩු දෙන දහමුන් සොයයි.
මෙම දෙක අතරින්, කුමක් වැඩියෙන් සිදු වන්නේ ද? දිට්ඨීන් නිසා රූප ස්පර්ශය හොඳ යැයි පිළිගෙන, හුස්ම ගැනීමක් වේ ද, එය තුළ මානය අඩංගු වේ. සංකල්පය මූලික වීම නිසා, පෙර වේදනාව නිසා, තෙත් වූ සිතක් ඇතිව හුස්ම ගැනීමක් වේ ද එය තුළ මානය අඩංගු වේ. මෙසේ සිතන්නේ, මාන වීම නිසා රාග සල්ලයට තුඩු දෙන දහමුන් සොයා යෑම, වැඩියෙන් සිදු වන බව වැටහේ. එය එසේ ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.