Date: 05/12/2025 Name: ජාති 3

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

28/11/2025 ජාති 2 භාවනාව නැවතත් කරගෙන ගියා. සටහන 1 විමසන්නේ එය දිට්ඨි අනුසය පාර දිගේ පැමිණ සිදු වන්නක් ලෙස වැටහේ. සටහන 2 විමසන්නේ, එය මෝහයේ සිට පැමිණෙන බව වැටහේ. මෙම දෙකෙන් කුමක් පළමුව ද යන්න සිතන්නේ, අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර නිසා මෝහයේ සිට පැමිණීම පළමුව බව වැටහේ. එනම් අප්පනා යන දහම නොවීමේ සිට 50% පථයට පැමිණීම පළමුව බව වැටහේ. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වෙන ධර්මතාවයන් ඇති වීමට පෙර සංකල්පය ඇති වී තිබිය යුතු බැවින්, සටහන 1 ධර්මතාවය දෙවනුව විය යුතු ය. එසේ නම් මෙය සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ ද, යන්න විමසිය යුතු ය. එය එසේ යැයි බුදුපියා පැවසුවා. මෙම ධර්මතාවයෝ සටහන 1 සහ 2 හි ලකුණු කරගැනීම බලමු.

පළමුව සටහන 1 හි , ජාති සිට වේදනා දක්වා වූ කොටසෙහි, සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ ලකුණු කරගත හැකි ය. කුමක් නිසා ද? මෙසේ සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ මගින් වේදනාව හඳුනා ගන්නා නිසා ය. දී ඇති සටහන 1 බලන්න.

MM_05_12_2025_d1.jpg

සටහන 1

දෙවනුව සටහන 2හි අප්පනා යන දහම නොවීමේ සිට 50% පථයට පැමිණීම, අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර ලෙස ලකුණු කරගත යුතු ය. කුමක් නිසා ද? එහි අප්පනා යන දහම නොවන්නේ නම්, දුක සංකල්පයේ සිත බැස ගැනීමක් නැති නිසා, එහි අවිද්‍යාව මූලික වේ. එය ම සංස්කාර කිරීමට තුඩු දේ. ඒ නිසා ය. දී ඇති සටහන 2 බලන්න.

MM_05_12_2025_d2.jpg

සටහන 2

භාවනාව සඳහා 28/11/2025 ජාති 2 භාවනාවේ සටහන 3න් පටන්ගෙන විමසීම කරන්න.

MM_28_11_2025_d3.jpg

අස්මිති මාන ඇති අයෙකු, සෝකයෙන් පටන්ගෙන සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ ඇති කරගැනීමත්, 50% පථය ක්‍රියාත්මක කරගැනීමත්, විමසන්න. එය සඳහා 05/08/2015 සංඛාර පච්චයා විඤ්ඤාණං භාවනාවේ අවබෝධය යොදා ගන්න. සඤ්ඤාවේ ජරා අගය, පැවතිය හැකි ය යන මිච්ඡාදිට්ඨිය, line 5 හරහා පැමිණ, අප්පියෙහි සම්පයොගයට මුලින් පැමිණේ. මෙම අතරවාරයේ පවතිනවා යන මිච්ඡා දිට්ඨිය, line 6 හරහා ව්‍යාධියේ සිට සෝකය දක්වා පැමිණ ඇත. දැන් පවතිනවා යන මිච්ඡා දිට්ඨිය මත පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය ගැලීම සිදු වේ. මෙසේ දුක සංකල්පයේ සිත බැස ගැනීමක් නැති, අවිද්‍යාව මූලික වූ සත්වයාගේ මිච්ඡා දිට්ඨිය ගැලීම සිදු වේ. මෙය ම අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර නම් වේ. මෙසේ මිච්ඡා දිට්ඨිය ගැලීමට ඉඩ සැලැස්වීම නිසා, ජාතිය ඇති වීම වටහා ගත යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. 05/08/2015 සංඛාර පච්චයා විඤ්ඤාණං භාවනාවේ දී, සංස්කාරය නිසා විඤ්ඤාණය දැනගත්තා යැයි ඉගෙන ගතිමු. එය සංස්කාර පච්චයා විඤ්ඤාණං. දිට්ඨි දෙක සමාන නැහැ කියලා දැනගත්තා. සංස්කාර දෙක සමාන නැති වුණා, සංකල්පයන්ගේ වෙනස තිබුණා. ඒක නිසා දැනගත්තා යැයි ඉගෙන ගතිමු. තමාට දැනෙන වේදනාවේ වෙනස නිසා ම, මෙම දැනගැනීම සිදු වේ.

2. 07/03/2025 ව්‍යාපාද 2 භාවනාවේ දී, මෙසේ ධම්මමච්ඡරිය හරහා වන ක්‍රියාවලිය මනා කොට කරගත නොහැකි වන්නේ නම්, වේදනාව අළලා වන දහමුන් කෙරෙහි ව්‍යාපාද ස්වභාවයක් හටගනී, යැයි ඉගෙන ගත්තා. එකතු කරන ලද පළවෙනි කාරණය සමඟ විමසන්නේ, ව්‍යාපාද සහිතව ම මිච්ඡා දිට්ඨිය ඇති අයකු සිතනවා යැයි වැටහේ. සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මා දිට්ඨිය ද අකුසල ගණයට වැටේ. මෙසේ චිත්ත සංස්කාර වර්ණනා කරන්නේ නම්, සම්මා දිට්ඨිය නැති බවත්, එය අකුසල ගණයට වැටෙන බවත්, වටහා ගත යුතු ය. ව්‍යාපාද සහිතව ම මිච්ඡා දිට්ඨිය ඇති අයෙකු සිතන්නේ ඔහු සංස්කාරයන් කරන්නේ ද ව්‍යාපාද සහගතව බව වැටහේ.

3. තථාගතයන් වහන්සේ මළ ගෙදර නොයෑම තවදුරටත් වැටහේ. කුණු අඹ ගෙඩිය කුණු වී නැති වී යන බව දනී නම්, එහි ගිහින් බැලීමට දෙයක් නැත. පවතිනවා යන මිච්ඡා දිට්ඨිය නැති නිසා ය.

4. මෙසේ මිච්ඡා දිට්ඨිය ගැලීම, අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර යැයි යන අවබෝධය ඇතිව, සෝකයෙන් පටන්ගෙන භාවනාව කරන්නේ, සෝකය ඇති තැන දී අනාශ්‍රව වීම ද සිදු වේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 20/12/2025

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. 50% පථයට පැමිණියා, එම පථය සිදු වූවා යැයි මාන වීමක් ද ඇත, යැයි බුදුපියා පැවසුව ධර්මතාවය සිහි වන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර එනම් අවිද්‍යාව නිසා පාණාතිපාතය කළා යැයි මාන වීම ඇත. අදත්තාදානය කළා යැයි මාන වීම ඇත. මෙසේ සිතන්නේ සමාධිය උග්‍ර වේ.

2. සටහන 1 ධර්මතාවයෝ තට්ටම එක ධර්මතාවය ලෙසත් සටහන 2 ධර්මතාවයෝ තට්ටම දෙක ධර්මතාවය ලෙස අපි පසුව භාවිතා කරනවා. එසේ නැතිනම් වම් පැත්තේ තට්ටම, දකුණු පැත්තේ තට්ටම ලෙස මතක තබා ගන්න.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.