ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
05/12/2025 ජාති 3 භාවනාවේ දී, දෙවනියට එකතු කරන ලද කාරණාවේ සඳහන්, චිත්ත සංස්කාර වර්ණනා කරන්නේ යන්න විමසන්නේ, මෙය සංකල්පය එනම් සිද්ධියක් මගින්, තෙත් වූ සිත වර්ණනා කරනවා යැයි බුදුපියා පැවසුවා. මෙසේ සංකල්පයන් ගොඩනැංවෙන්නේ එයින් යම් වෙන් වීමක් වේ ද, එය ම පියෙහි විප්පයොගය වන්නේ ය. මෙය සඳහා එහි පැමිණීම, 14/03/2025 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද තුන් වන කාරණය, 3a සහ 3b යන ධර්ම කොටස් සමග විමසන්න.
එහි අසම්පජානය නිසා වන තණ්හා අගය ද එකතු වීමත්, පියෙහි විප්පයොගයට තණ්හාව බලපාන බවත් සාකච්ඡා කර ඇත. මෙම 3a සහ 3b යන දෙයාකාර දහමුන් මගින් ජාතියේ දී පවතිනවා යන අදහස ගැබ් ගනී. මෙසේ සම්මා සංකල්පය විනාස වීම නිසා ද, ජාතිය හටගනී. මෙහි පියෙහි විප්පයොගය අධික බව බලපායි. මෙය තවදුරටත් තේරුම් ගැනීමට 14/03/2025 නිබ්බාන භාවනාවේ දී, තුන් වන කාරණයේ දී දුන් සටහන භාවිතා කරන්න.

එහි line 9 වල බලපෑම අධික නිසා, එය මගින් line 11 වීම සිදු වන අතර, එයට අසම්පජානය නිසා වන තණ්හා අගය ද, එකතු වේ යැයි සලකුණු කර ඇත. මෙය තවදුරටත් විමසන්නේ, line 9 වල බලපෑම අධික වූයේ, line 6 හරහා පැමිණි පවතිනවා යන අගය නිසා ය. නොසැල්වෙන සංකල්පයන් ඇති විට, එහි අගය විශාලව පවතී. නොසැල්වෙන සංකල්පයන් ඇති වන්නේ, ආනෙඤ්ජ අවස්ථාවේ දී පවතින ධ්‍යානයන් නිසා ය.
මෙසේ ඉහළ ධ්‍යානයන්ගේ බලපෑම සංකල්පයට දැඩි ලෙස බලපායි. මෙහි තණ්හා අගය යෙදීම කෙසේ ද? කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තුන් ආකාර වූ තණ්හාවෝ ඇති ද, එය මගින් නිරූපණය කරන දහමුන් මගින්, චේතනා හට ගන්නේ ද, එම චේතනාවන් ඉදංසච්චගත වීම, ජීවිත ඉන්ද්‍රිය හරහා සිදු වීමත්, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ සුඛ යන හැඟීමකින් තොරව සංස්කාර අගයෝ සඳහා තුඩු දෙන අදහස් තැන්පතු වීම බලපායි. මෙසේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර කිරීම සිදු වීම ම තණ්හාව නම් වේ, යනුවෙන් බුදුපියා පැවසුවා. එය එසේ ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව බලා, ඉන් අනතුරුව භාවනා කරන්න යන්න සිතන්නේ, සිත නතරවීම ධර්ම කරුණු සිහි කිරීමට පෙර ම සිදු වේ. ධර්ම කරුණු මතකයේ තිබීම එයට ප්‍රමාණවත් ය. එයින් මිදීමට දැඩි ලෙස විරියක් ගන්නේ, ආකිඤ්චඤ්ඤායතනය පෙනීම විය. නැවතත් අනාශ්‍රව වීම පමණක් සිදු වේ.
2. භාවනාව අවසානයේ දී, කෘතගුණ පළ කිරීම සිදු කරන්නේ, ඉන් අනතුරුව මෙම භාවනාවේ ප්‍රබලතාවය බැලීමට ප්‍රශ්නක් ගෙන, ඉන් අනතුරුව අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර කිරීම සිදු වීම ම තණ්හාව නම් වේ, යන්න සිහි කළ විට ම අනාශ්‍රව වේ.
3. 14/03/2025 නිබ්බාන භාවනාවේ දී, තුන් වන කාරණයේ දී දුන් සටහන සෑදීමේ දී, ජාතිය සහ ජරාවට උඩින් වලාකුළු ලෙස පවතිනවා යන්න ලකුණු කරන්න යැයි බුදුපියා පැවසුවා. එය දැන් වැටහේ. සිද්ධියක් මගින් තෙත් වූ සිතෙහි, තෙත් වූ දේ වාෂ්ප වී ගොස්, වලාකුලක් මෙන් පවතී. එය පවතිනවා යැයි සත්වයන් සිතයි.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.