Date: 19/12/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදු පියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

12/12/2025 ජාති 4 භාවනාවේ දී, ඉහළ ධ්‍යානයන්ගේ බලපෑම සංකල්පයට දැඩි ලෙස බලපාන බවත්, එහි දී තණ්හා අගයේ යෙදීම සාකච්ඡා කර ඇත. එනම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තුන් ආකාර වූ තණ්හාවෝ ඇති ද, එය මගින් නිරූපණය කරන දහමුන් මගින් චේතනා හට ගන්නේ ද, එම චේතනාවන් ඉදංසච්චගත වීම ජීවිත ඉන්ද්‍රිය හරහා සිදු වීමත්, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ සුඛ යන හැඟීමකින් තොරව සංස්කාර අගයෝ සඳහා තුඩු දෙන අදහස් තැන්පතු වීම බලපායි. මෙසේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර කිරීම සිදු වීම ම තණ්හාව නම් වේ යනුවෙන් ඉගෙන ගත්තා.

මෙය 08/11/2024 නිබ්බාන භාවනාවේ දී දුන් සටහන 4 සමඟ විමසා බලමු.

MM_08_11_2024_D4.jpg

එහි වෝකාරය විභව තණ්හාවේ වැඩි ම අගය අට වන ධ්‍යානය මගින් නිරූපණය කර ඇති අතර, එහි වේදනා සිට පරාමාස වීමට සංසාරයේ ගිය බර load එක ලකුණු කර ඇත. වේදනාව නිසා තණ්හාව ඇති වේ. එසේ නම් තුන් තණ්හාව සඳහා ද, එම වේදනාව ම බලපායි. කුමන වේදනාවෝ ද? සංසාරයේ ගිය බර load එක මගින් ඇති වුණු වේදනාවෝ ය. එයට පියෙහි විප්පයොගයට තුඩු දුන් ගොඩනංවා ගත් සංකල්පයෝ හරහට සිටී. එනම් යම් දහමක් හොඳ යැයි වර්ණනා කරන ලද චිත්ත සංස්කාරයෝ ම බලපායි. මෙහි පලාසය යන දහම තදින් බලපායි. යම් චිත්ත සංස්කාරයක් තවත් චිත්ත සංස්කාරයකින් වෙන් කර පවත්වන්නා වූ දහම ඉදිරියට පැමිණ ඇත. මෙසේ සංසාරයේ ගිය බර load එක තුළ පලාසය මගින් නිරූපණය කරන දහමුන්, අනෙකුත් ධර්මයන් අභිබවා යෑම වැඩියෙන් බලපායි. එය එසේ ය.

මෙය නතර කිරීමට සතර ඉද්ධිපාදයෝ 07/02/2025 නිබ්බාන සහ 14/02/2025 නිබ්බාන යන භාවනාවන් මගින් පැහැදිලි කළ ආකාරයට වැඩිය යුතු අතර, එහි පලාසය පහ වීමට යමක් කළ යුතු ද, එය නොකඩවා පැවැත්වීම, සම්මා ආජීවය භාවිතා කර කළ යුතු වන්නේ ය. එදිනෙදා ජීවිතයේ දී ගිහි ගෙය වාසය කරන්නෙකු බෝංචි ද කැරට් ද යන ලෙස වෙන් කිරීමට පුහුණු පුරුදු කර ඇති නිසා, චිත්ත ඉද්ධිපාදය මගින් සෑම රූපයක් කෙරෙහි ම දුක යන සම්බන්ධතාවය පැවැත්වීම අපහසු බව අවබෝධ කරගත යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. භයභෙරව සටහන්වල හත් වන පිටුව සිහි විය. විසිර ගියා වූ (උද්ධතා), නොසනංසිඳුනු සිත (අවූපසන්තචිත්තා).

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-07.jpg

නොසනංසිඳුනු සිත (අවූපසන්තචිත්තා). රූප ස්පර්ශ කරන ලද චිත්තයක, ජරාව නිසා ඇති වූ ව්‍යාධි ස්වභාවය ඇත. ජරාව යැයි පිළිනොගනී නම්, ව්‍යාධිය නවතාගත නොහැකි ය. මෙසේ වන්නේ නැවතත් අට වන ධ්‍යාන දක්වා ම සොයා යෑම ම අරමුණු වේ. එහි ම පිහිටයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර කිරීම සිදු වීම, තණ්හාව, නවතාගත නොහැකි ය.

2. මෙම භාවනාව කරන්නේ වේදනාවන් අතර ගැටීම ඇති බව වැටහේ. වේදනාවන් අතර ගැටීම ඇති නම් නිර්වාණය නොවේ. දුක යන්නෙහි පිහිටන්නේ නම් පමණක් මෙම ගැටීම ඉවත් වේ. දී ඇති සටහන බලන්න.

MM_19_12_2025.jpg

3. මෙම භාවනාව කර repair කරන්නේ අට වන ධ්‍යාන වීම ද, අතීත භව පෙනීම ද, Saturn rings දැකීම ද විය.

4. තට්ටම් දෙක ධර්මතාවය සිහි කර මෙය කිරීම සුදුසු ය. එසේ කරන්නේ සමාධිය අධිකව මේ දහම් සිහි කෙරේ. මෙහි දී රූප ස්පර්ශය හොඳ යැයි පිළිගනී. මෙය දිට්ඨින් හා සම්බන්ධය යන ධර්මතාවය සිහි කරන විට, එහි භයානකකම වැටහිය යුතු ය. යමෙක් ගිනි ගොඩක් දැක එය ස්පර්ශ කිරීමට නොයන්නේ යම් සේ ද, මෙය එසේ වටහා ගත යුතු ය. තව ද අනෙක් තට්ටම සිහි කරන්නේ අප්පනා යන දහම නොවන්නේ නම් දුක සංකල්පයේ සිත බැස ගැනීමක් නැතිවීමේ භයානකකම වැටහිය යුතු ය.

5. ඉහත හතර වන කරුණ සමඟ තට්ටම් දෙක මානය සහ අවිද්‍යාව යැයි සිතන්නේ ඇස් දෙක ඉතා ම ශාන්තව සුඛ ලෙස දැනෙන අතර, මානය සහ අවිද්‍යාව විමංසා සමාධියේ හතුරු දෙන්නා ලෙස දකින්නේ උපෙක්ඛා අප්‍රමාණය නොසැල්වී පවතී.

6. මෙසේ චිත්ත සංස්කාරයන් එකිනෙකා ගැටෙන බව දකින්නේ, එය වර්ණනා කරන ලද චිත්ත සංස්කාර නිසා බව දකින්නේ, ගැටීම සිදු වන විට ම, චිත්ත සංස්කාර හඳුනා ගැනීම ද, එම ගැටීම නැවතීම, එම හඳුනා ගැනීම සමඟ ම සිදු වන අතර, ශාන්ත සුවිමුක්ත චිත්තය ඇති වේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.