Date: 26/12/2025 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

19/12/2025 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද, පළවන කාරණය නැවතත් විමසා බැලුවා. එය භයභෙරව සටහන්වල හත් වන පිටුව සමඟ විමසා ඇත. නොසංසිඳුණු සිත (අවූපසන්තචිත්තා).

S_BhayabheravaDiagrams/S_BhayabheravaDiagrams-07.jpg

රූප ස්පර්ශ කරන ලද චිත්තයක, ජරාව නිසා ඇති වූ ව්‍යාධි ස්වභාවය ඇත. ජරාව පිළිනොගනී නම්, ව්‍යාධිය නවතාගත නොහැකි ය. මෙසේ වන්නේ නැවතත් අට වන ධ්‍යාන දක්වා ම සොයා යෑම ම, අරමුණු වේ. එහි ම පිහිටයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර කිරීම සිදු වීම තණ්හාව නවතාගත නොහැකි ය, යනුවෙන් සාකච්ඡා කළා.

අවූපසන්තචිත්තය මගින් උපනාහය ඇති වන බව අපි දනිමු. උපනාහය නිසා පලාසය ඇති වේ. 19/12/2025 නිබ්බාන භාවනාවේ දී දුන් සටහන සමඟ විමසන්නේ, එහි පලාසය මගින් නිරූපණය කරන දහමුන් ලකුණු කර ඇත.

MM_19_12_2025.jpg

පලාසය මගින් නිරූපණය කරන දහමුන් යන්නට කුමක් ඇතුළත් වන්නේ ද යන්න, විමසන්නේ පලාසය ඇති වීමට මක්ඛය තුඩු දෙන නිසා, මක්ඛයේ යම් අඩුපාඩුවක් ඇති ද, එය පලාසය මගින් නිරූපණය කරන දහමුන්ට ඇතුළත් වන්නේ ය. කුමන අඩුපාඩුවක් ද? නිවනින් පිටත යමක් මගේ යැයි ගත් අවස්ථාවේ දී, එය පවතී යැයි සිතූ අඩුපාඩුව ය. මෙය පලාසය මගින් නිරූපණය කරන දහමුන්ට ඇතුළත් වන ප්‍රධාන කාරණය වන්නේ ය.

තව ද, අවූපසන්තචිත්තය මගින් උපනාහය හරහා පලාසයට ඇතුළත් වූ දහම්, එහි විද්‍යාමාන වී පවතී. එනම් සංස්කාර බිඳෙන නමුත්, අපි නිත්‍යයි ගැනීම නිසා වන බද්ධ සඤ්ඤා ඇතුළත් වේ. මෙම දෙයාකාර දහමුන් මගින් අට වන ධ්‍යාන දක්වා ම වූ දහමුන් සොයා යෑම සිදු වේ. නිර්වාණය අතපසු වේ.

19/12/2025 නිබ්බාන භාවනාවේ දී දුන් සටහන සමඟ විමසා බලන්නේ, ධර්ම කරුණු මනා කොට වැටහේ. එනම් බෝංචි ද කැරට් ද මෙන් වෙන් කිරීමෙන් පටන්ගෙන පියෙහි විප්පයොගයට තුඩු දුන් ගොඩනංවා ගත් සංකල්පයන් සොයන නමුදු එය නොලැබේ. කුමක් නිසා ද? උපනාහය ම එයට හරස් වන නිසා ය. එමගින් වේදනා අතර ගැටීම ඇති වේ. දුක යන්නෙහි පිහිටන්නේ නම් පමණක් මෙම ගැටීම ඉවත් වේ.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. තට්ටම් දෙක ධර්මතාවය සිහි කර, මෙය කළ යුතු අතර නිවනින් පිටත යමක් මගේ යැයි ගත් අවස්ථාවේ දී එය පවතී යැයි සිතූ අඩුපාඩුව සිහි කරනවිට සිත අධික ලෙස විශාල වන්නේ ය. තව ද භාවනාව අවසන් කරන්න යැයි පවසන්නේ, එසේ නවත්වනවිට මනෝමය කයෙන් යුතුව භාවනාව අවසන් කර ඇති බවත් එම කය මිනිත්තු තුනක් පමණ එසේ සිටින බව කෘතගුණ පළ කරනවිට දී වැටහිණ.

2. තට්ටම් දෙක ධර්මතාවය සහ එම ධර්මයෝ ඇති වීමට භූමිය සකස් කරන තෙවන දහම විමසීම මෙහි දී කරනු ලබයි. එනම්, වේදනාවෙන් තණ්හා වී, තණ්හාව මගින් නිරූපණය කරන දහමුන් මගින් චේතනා හටගන්නේ ද, එම චේතනාවන් ඉදංසච්චගත වීම ජීවිත ඉන්ද්‍රිය හරහා සිදු වීම වන්නේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ සුඛ යන හැඟීමකින් තොරව සංස්කාර අගයෝ සඳහා තුඩු දෙන අදහස් තැන්පතු වී ඇත්තේ, චේතනාව මගින් නියම කරන සංස්කාරයෝ සිදු කරනු ලබයි. එනම් තමා මෝඩයා බවට පත් කර ඇත්තේ, කරන්නට ඉතිරිව ඇත්තේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාරයන් පමණි.

3. නොසංසිඳුණු සිතක් (අවූපසන්තචිත්තා) ඇති අයෙකු මෙසේ අනෙකුත් දහම් සෙවීම මෙසේ සිදු වන්නේ ය යන්න විමසන්නේ, දී ඇති කාරණා දෙක, එනම් පවතී යැයි සිතූ අඩුපාඩුව සහ නිත්‍ය යැයි ගැනීම නිසා වන බද්ධ සඤ්ඤා යන්න සඳහා උදාහරණ වශයෙන්, පළවන ධ්‍යානයේ සිටින අයෙකු රූප සහිතව සිටින්නේ, යමෙක් හොඳ යැයි කියන නිසා අරූප ධ්‍යාන වන්නේ, ඔහුට පෙර විඳින ලද රූප අගයෝ නොපවතින්නේ, එම අඩුපාඩුව ඇත. අරූප ධ්‍යාන තලවල බොහෝ කාලයක් වාසය කළ හැකි නිසා, නිත්‍ය යැයි ගැනීම නිසා වන බද්ධ සඤ්ඤා ඇත.(*1)

4. නොසංසිඳුණු සිත. රූප ස්පර්ශ කරන ලද චිත්තයක, ජරාව නිසා ඇති වූ ව්‍යාධි ස්වභාවය ඇත. ජරාව යැයි පිළිනොගනී නම්, ව්‍යාධිය නවතාගත නොහැකි ය. අපි අසනීප වුවිට, අපට තිබූ ශක්තිය නැවත ලබා ගැනීමට අපි ඖෂධ ලබා ගනිමු. ඒ කියන්නෙ පෙර ශක්තිය. මේ උපතේ සිට පෙර සියලු උපත් දක්වා වූ ශක්තිය. ඉහළ ම ශක්තිය අට වන ධ්‍යානයේ දී ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 03/01/2026

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) තවත් උදාහරණයක් කියනවා නම්, ලංකාවේ කොස් අතහැරලා පිටරට යනවා. පිටරට යන්නේ පවතිනවා යැයි කියලා හිතලා. ගියාට පස්සේ කොස් නැත. ඒ කියන්නෙ අඩුපාඩුව ඇත.