ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
26/12/2025 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද, හතර වන කාරණය නැවතත් විමසා බැලුවා. නොසංසිඳුනු සිත. (අවූපසන්තචිත්තා) රූප ස්පර්ශ කරන ලද චිත්තයක, ජරාව නිසා ඇති වූ ව්‍යාධි ස්වභාවය ඇත. ජරාව යැයි පිළිනොගනී නම්, ව්‍යාධිය නවතාගත නොහැකි ය. අපි අසනීප වු විට, අපිට තිබූ ශක්තිය නැවත ලබා ගැනීමට අපි ඖෂධ ලබා ගනිමු. ඒ කියන්නෙ පෙර ශක්තිය, මේ උපතේ සිට පෙර සියලු උපත් දක්වා වූ ශක්තිය. ඉහළ ම ශක්තිය අට වන ධ්‍යානයේ දී ය.
03/02/2023 ආහාර සූත්‍ර - පස්සද්ධි භාවනාවේ දී, කෙසේ සෑම ධ්‍යාන තලයක් ම රෝගී බව දන්නේ ද, යන්න සාකච්ඡා කළා. ජරාව දන්නේ නම් ව්‍යාධිය ඇති බව දනී. එනම් කාය විවේකයෙහි වටහා ගන්නා ලද ජරාව ම, ධ්‍යාන තලයන් රෝගී බව වටහා ගැනීමට උදව් උපකාර විය. කුමක් නිසා ද? යම් මනෝමය කායක් හටගත්තේ ද එය රූපය සම්බන්ධව, 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව යන ධර්මයන් සිහි කිරීමෙන් සිදු විය. ගැලවුණා වූ රූපය මත ම ඇති වුණා වූ මනෝමය කාය, රූපය මත ම යැපෙන බව දන්නකුට දක්නකුට සෑම ධ්‍යාන තලයක් ම රෝගී බව වැටහේ.
තව ද, 28/04/2023 ජරා සුත්ත භාවනාවේ දී, බ්‍රහ්ම තලවල ඉපදුණු අයකුට යම් පහළ ධ්‍යාන තලයක සඤ්ඤාවන් ස්පර්ශ වීම එම අයගේ ව්‍යාධිය ලෙස අපි දනිමු. එවැනි සඤ්ඤා ස්පර්ශ වන්නේ, ථීනමිද්ධ ස්වභාවය 6.4 හටගන්නේ ය. සඤ්ඤාවේ ව්‍යාධිය 6.4, නන්දි අගය වේදනාව ඉක්මවා පැමිණ ඇත, යනුවෙන් ඉගෙන ගත්තා. මෙසේ සඤ්ඤා ජරා වීම යන්න, බ්‍රහ්ම තලයක ඉපදුණා වූ අයගේ ජරා ස්වභාවය වේ. එහි පැවැත්මක් නැති බවට ලකුණු පහළ වූවා යැයි සිතයි. මෙසේ දිට්ඨි බිඳීම නිසා, නැවතත් එසේ නොවන සඤ්ඤා සොයා යෑම නිසා සංසාරයේ ගමන් කරයි.
මෙසේ විමසන්නේ ඉහළ ම ශක්තිය, අට වන ධ්‍යාන අවස්ථාවේ දී පැවතුන ද, එහි ද සඤ්ඤා ජරා වීම ම ඇත. අනෙකක් නැත. වේදනා අතර ගැටීම පමණක් ඇත. මෙහි විමසන්නේ සංසාරයේ ගිය බර load එක මගින් ඇති වුණු වේදනාවෝ ය. එයට පියෙහි විප්පයොගයට තුඩු දුන් ගොඩනංවා ගත් සංකල්පයෝ හරහට සිටී. එනම් යම් දහමක් හොඳ යැයි වර්ණනා කරන ලද චිත්ත සංස්කාරයෝ ම බලපායි යැයි පෙර ඉගෙන ගත්තා. සඤ්ඤාවේ ව්‍යාධිය 6.4, නන්දි අගය වේදනා ඉක්මවා පැමිණ ඇත යන්න සමග විමසන්නේ, මෙම දහමුන් හොඳින් වැටහේ. ආශ්‍රවයට තුඩු දෙන ස්පර්ශයන් දැඩිව ගැනීමේ ලක්ෂණය සුඛ සඤ්ඤාවේ ඇත යනුවෙන් විමසන්නේ, අස්මිතිය ඇති අයෙකු, තම අස්මිති ස්වභාවය ම පැවැත්වීම සඳහා වූ නන්දිය භාවිතා කරනු ලබයි. එය එසේ ය. මෙසේ නන්දි අගය සියලු වේදනාවන් ඉක්මවා පැමිණීම සිදු වන්නේ නිර්වාණය නොවේ. මෙය දැන, ප්‍රඥාවෙන් යුතුව වේදනා අතර ගැටීම ඉවත් කර නිර්වාණය සාක්ෂාත් කරගත යුතු ය.(*1)
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාවේ ධර්මතාවයන් සමඟ 60% දක්වා තථාගත ධර්මය නැවත ගොඩනංවා ඇත.
2. ජරාව යැයි පිළිනොගනී නම්, ව්‍යාධිය නවතාගත නොහැකි ය යන්න විමසන්නේ, අපි ජරාව නොදනී යන්න වැටහෙන්නේ, “Excellent” යැයි ඇසුණා. විභන්තචිත්තා පථයට සිත යොමු විය. ජරාව වෙනුවට පියෙහි විප්පයොගය යොදා බලන්නේ නම් පථය හොඳින් වැටහේ. එනම් පියෙහි විප්පයොගො දුක්ඛො, ජාති, වේදනා, චේතනා, අත්තා සිට නිත්‍ය, මෝහ අගති ගමන, කාමරාග අනුසය හරහා සඤ්ඤාව. මෙසේ පියෙහි විප්පයොගයෙන් පටන්ගෙන සුඛ සඤ්ඤාව දක්වා, මෝහය නිසා ගමන් කරන බව පෙනේ.

බ්‍රහ්ම තලවල ඉපදුණු අයකුට, යම් පහළ ධ්‍යාන තලයක සඤ්ඤාවන් ස්පර්ශ වීම, එම අයගේ ව්‍යාධිය ලෙස අපි දනිමු. එනම් සුඛ සඤ්ඤාව මතු වන්නේ යම් කලෙක ද, එය ව්‍යාධිය ලෙස වැටහේ. මෙසේ අට වන ධ්‍යාන දක්වා ගමන් කරන බව වැටහේ.
3. මහණෙනි තොප සොහොන සෙව්වා යන්න ද වැටහේ. අපි මැරුණු සුඛය ම සොයයි. මැරිච්ච දේ සෙවීම, සොහොන සෙවීම ය. චේතනාව ළඟ star එක මතුවිය. මෙහි දී, සති සහ සමාධි ඉන්ද්‍රියන් ප්‍රඥා ඉන්ද්‍රිය සමඟ හොඳින් දැනීම සිදු විය.
4. මෙම භාවනාව අවසානයේ දී, කෘතඥතාවය පළ කරන්නේ, බුදුපියවරු දාහතර නම ම වැඩ සිටින්නේ සිතේ කිසිම වෙනසක් නොවිණ, සුඛය සොයනවා යන්න සොහොන සෙවීම ය යන්න පමණක් සිතේ තිබිණ.
5. සංසාරයේ ගිය බර load එක මගින් ඇති වුණු වේදනාවෝ හඳුනා ගන්නේ ව්‍යාධි සහිත සඤ්ඤාවෙන් යැයි වැටහිණ. “Excellent” යැයි ඇසුණා. මෙසේ සිතන්නේ මෙම දහම තවදුරටත් වැටහේ. රෝගී සඤ්ඤා ඇත්තේ, රෝගී නොවූ දේ සොයයි. තව ද repair කරන්නේ පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසයි යන්න, සිහි කරන්නේ, මළා වූ දෙයකින් යුතුව, සුඛ වූ දෙයක් සොයයි යන්න සිතන්නේ, ආශ්‍රව නොනැසූ සියලු දෙනා, මානසික රෝගීන් බව හොඳින් වැටහේ.
6. 5.3 සඤ්ඤාවේ ජරාව, නිත්‍ය යැයි ගත් සඤ්ඤාව වෙනස් වී ඇත. 4.7 පියෙහි විප්පයොගය, බබා වගේ රූපයෙන් වෙන් වුණා. එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත. නන්දිය, යම් දෙයක් මළ පසු, එය නැවත ඉපදවීමට ඇති කැමැත්ත. මෙසේ විමසන්නේ සඤ්ඤාවේ ව්‍යාධිය 6.4 නන්දි අගය වේදනාව ඉක්මවා පැමිණ ඇත යන්න ද හොඳින් වැටහේ. එනම් දැන් පවතින්නා වූ ධ්‍යාන ස්වභාවය නිසා ඇති වූ යම් වේදනාවෝ ඇති ද එය ඉක්මවා බබා වගේ රූපයෙන් වෙන් වන නිසා එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත ඉදිරියට පැමිණේ. මෙසේ අරූප වන්නේ, රූප සොයයි. රූප වන්නේ, අරූප සොයයි.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 17/01/2026
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒ කියන්නේ මෙතන කෙනෙකුට බලන්න පුළුවන්, බර load එක මගින් ඇති වූ වේදනාව මගින් river එකක්, ඊට පස්සේ ඒ river එක තමයි අස්මිතිය. එතකොට නන්දිය කියන්නෙ river එක පැවැත්වීම කියන එක.