ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
02/01/2026 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද, හය වන කාරණය නැවතත් විමසා බැලුවා. 5.3 සඤ්ඤාවේ ජරාව, නිත්‍ය යැයි ගත් සඤ්ඤාව වෙනස් වී ඇත. 4.7 පියෙහි විප්පයොගය, බබා වගේ රූපයෙන් වෙන් වුණා. එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත. නන්දිය, යම් දෙයක් මළ පසු, එය නැවත ඉපදවීමට ඇති කැමැත්ත. මෙසේ විමසන්නේ සඤ්ඤාවේ ව්‍යාධිය 6.4 නන්දි අගය වේදනාව ඉක්මවා පැමිණ ඇත යන්න ද හොඳින් වැටහේ. එනම් දැන් පවතින්නා වූ ධ්‍යාන ස්වභාවය නිසා ඇති වූ යම් වේදනාවෝ ඇති ද එය ඉක්මවා බබා වගේ රූපයෙන් වෙන් වන නිසා එවැනි රූපයකින් සිටීමට ඇති කැමැත්ත ඉදිරියට පැමිණේ. මෙසේ අරූප වන්නේ, රූප සොයයි. රූප වන්නේ, අරූප සොයයි. මෙසේ විමසන්නේ ලැජ්ජාව ඇති වේ. එනම් හිරි ඕතප් ඇති වීම ය. මෙය සමඟ ඥාන පථය සිහි විය. ඉහත අයුරින් ප්‍රඥාවන්ත වන්නේ සංසාරයේ පුරාවට මැරුණු දහමුන් ම සොයා ඇති බව දැන දැක ඥාන පථයේ හික්මවීම සිදු වේ. මෙහි දී ආයතන 2 සටහන්වල තුන් වන පිටුවේ දී ඇති මණ්ඩලාධිපති බුදුපියාගේ පථය භාවිතා කරන්න.

එහි අභිජ්ඣා දෝමනස්ස නැති කිරීම විමසා ඇත. අභිජ්ඣා ඇති වීමෙන් පසුව, දොම්නස කෙසේ හටගන්නේ ද? රූපය දැක වට දෙකක් කරකවයි. පළමු වන වටය අවිද්‍යා ආශ්‍රව නිසා ය. එමගින් area 2 සරසංකප්ප ඇති වේ. මෙය අප්පනා යන දහම නොවීමේ සිට 50% පථයට පැමිණීම අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර සමඟ විමසා බලන්න. දෙවන රවුම මානය නිසා ය. එමගින් area 1 ඇති වේ. මෙය 28/11/2025 ජාති 2 භාවනාවේ දී දුන් සටහන 1 සමඟ විමසන්න.

එහි දෙයාකාරයකට මාන වීම නිසා රාග සල්ලයට තුඩු දෙන දහමුන් සොයා යෑම ලකුණු කර ඇත. රාග සල්ලයට තුඩු දෙන දහමුන් සොයා යෑම සිදු වන්නේ area 1 ඇති වීම නොවැළකේ.
මණ්ඩලාධිපති බුදුපියාගේ පථයේ ඇති ත්‍රිකෝණ දෙක බලන්න.
Path A සම්මා දිට්ඨිය නිසා ය. මෙහි විරිය වශයෙන් දැක්වෙන්නේ පළමු වන විරියයි. අත්හැරීම කුමක් සඳහා ද? අභිජ්ඣා නැති කිරීමට ය. මෙය path A මුළුල්ලේහිම පැවතිය යුතු ය. 28/11/2025 ජාති 2 භාවනාවේ දී දුන් සටහන 1හි රූප ස්පර්ශය හොඳ යැයි පිළිගනී. මෙය දිට්ඨින් හා සම්බන්ධය යන ධර්මතාවය සිහි කරන විට, එහි භයානකකම වැටහිය යුතු ය. යමෙක් ගිනි ගොඩක් දැක එය ස්පර්ශ කිරීමට නොයන්නේ යම් සේ ද, මෙය එසේ වටහා ගත යුතු ය.
Path B ප්‍රඥාව නිසා ය. අභිජ්ඣා ඇති නම්, දොම්නස ඇති වේ, යන්න පිටුව දෙකෙහි දී ඉගෙන ගතිමු. මෙය දැන බුද්ධිමත් විය. මෙම ධර්ම කොටස සිහි කරන විට අනික් තට්ටම සිහි කරන්නේ, අප්පනා යන දහම නොවන්නේ නම් දුක සංකල්පයේ සිත බැස ගැනීමක් නැතිවීමේ භයානකකම වැටහිය යුතු ය. දැන් දොම්නස නැති වීම කෙසේ දැයි දනී. එසේ දැන ගැනීම ඇත්තේ, එනම් අස්තංගමය දන්නේ, ප්‍රඥාව පරාමාසකායගන්ථය ඇතුළට ඇදේ. ඉන් පසුව නිර්වාණය මෙයින් පිටත බව දැන ප්‍රඥාව පරාමාසකායගන්ථයෙන් ඉවත් වීම සිදු වේ. මෙය ඉහළ ම උපෙක්ඛාවයි. මෙසේ උපෙක්ඛාව ඇත්තේ නම් අරූප වන්නේ රූප සොයයි, රූප වන්නේ අරූප සොයයි, යන්න නොයෙදේ. මෙසේ හිරි ඕතප් ඇත්තේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ මුලින් මුදිතා චෙතො විමුක්ති ඉන් අනතුරුව ප්‍රඥා විමුක්තිය ඇති වී ප්‍රඥාව පරාමාසකායගන්ථයෙන් ඉවත් වීම සිදු වේ යන්න සිහි කරන විට, එනම් ධම්මමච්ඡරියත් ඉවත් කිරීම සිහි කරන විට උපෙක්ඛා අප්‍රමාණය ඇති වී එය නොසැල්වී පවතින අතර කිසිම තැනක සිත නොපිහිටයි.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 17/01/2026
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේක තව චුට්ටක් පැහැදිලි කරනවා නම්, නිර්වාණය මෙයින් පිටත බව දැන, ප්‍රඥාව පරාමාසකායගන්ථයෙන් ඉවත් වීම සිදු වේ යන්න, ප්‍රඥා විමුක්තියෙන් හෝ චෙතො විමුක්තියෙන් හෝ සිටිමී යන්න ඉවත් කිරීමෙන් සිදු වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.