ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
Advanced වැඩසටහනේ වත්ථූපම සටහන්වල දෙවන පිටුවේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම අභිජ්ඣා වශයෙන් ලියා ඇත. එමගින් ඇති වන අගය, A - සඤ්ඤාව මගින් දෙන ලද අගය ලෙස ලකුණු කර ඇත.

සුභ යන්න සැකසෙන්නේ කෙසේ ද යන්න එහි පෙන්වා දී ඇත. A - දුර්වල වූ සඤ්ඤාව, B - නාමකායෙ පටිඝසම්‌ඵස්‌සය මගින් ඉදංසච්චයට තල්ලු කරන බවත්, මෙසේ සුභ යැයි ගැනීම සිදු වන බවත් එහි දී ඉගෙන ගත්තා. මෙය දූවිල්ල ඇති තැනකට කාසියක් දැමූවිට එම දූවිල්ල ඇවිස්සෙනවා ලෙස විමසා ඇත.
මෙය තවදුරටත් විමසන්නේ සුභ යන්න සෑදෙන ආකාරය තුළ නාමකායෙ පටිඝසම්‌ඵස්‌ස අගයන් ඇත්තේ නම්, එහි දී ද නොගැලපීම වේදනා සඤ්ඤා නිසා ඇති නිසා සෑදෙන සුභ යන්නෙහි එම නොගැලපීම ම ඇත. ඇවිස්සුණු දූවිල්ල තුළ තමා අපහසුතාවයට පත් වන දේ ඇතිවාක් මෙනි. මෙසේ තම අභ්‍යන්තරය තුළ ම පවතින්නා වූ නොගැළපීම, එනම් පලාසය මගින් සංකල්පය තුළ ඇති කරන ලද දහමුන් ඇත්තේ නම් නිර්වාණය නොවේ. කුමක් නිසා ද? 09/01/2026 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත්තාක් මෙන් රූප වන්නේ අරූප සොයයි අරූප වන්නේ රූප සොයයි යන්න මෙන් සංසාරයේ ගිය නිසා ම ඇති වූ සංකල්පයෝ ඉදිරියට පැමිණේ. නිර්වාණය පවා නොගැලපේ. එය එසේ ය.
තම අභ්‍යන්තරයේ ඇති මෙම නොගැලපීම පහ කිරීම සප්ත බොජ්ඣඞ්ග දහමුන් මගින් කරනු ලබයි. එය එසේ ය. කුමක් නිසා ද? එහි බෝධිය ම අරමුණු කරන නිසා ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. දවස් හතර වැඩසටහනේ දී සංයමයක් නැතිනම් ඇහෙන් රූප බලනවා, ඉන්ද්‍රිය අසංවරය, අභිජ්ඣා වෙනවා. තප්පරයෙන් දාහෙන් එකක් යන්නෙ නැහැ, ලපයක් වගේ එකක් හොයා ගත්තා, ඊට පස්සේ දෝමනස්සය යැයි සාකච්ඡා කළා. මෙම භාවනාවේ ධර්මතාවය සමග සිතන්නේ, ලපය ඇත්තේ අභ්‍යන්තරයේ බව වැටහේ. මෙසේ සිතන්නේ සියලු ම සත්වයන් වෙන් නොකර දැකීම කළ හැකි ය. තථාගතයන් වහන්සේගේ සමානාත්මතා ද, යම් පමණකට වැටහේ. එනම්, සෝතාපන්න වූයේ, සෝතාපන්නයෙකු හට සමානාත්ම වේ. සකෘදාගාමි වූයේ සකෘදාගාමීයක් හට සමානාත්ම වේ. අනාගාමී වූයේ අනාගාමීයක් හට සමානාත්ම වේ. අරහත් වූයේ අරිහත් හට සමානාත්ම වේ. කුමක් නිසා ද? ඉවත් කරන ලද ලප ප්‍රමාණය එක ම නිසා ය. එනම්, නසන ලද ධර්මතාවයන් මගින් පමණක් සමාන බව ඇත.
2. මහණෙනි, ලෞකික ප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහණ හට මෙත්තා චෙතො විමුක්තිය සුභය කෙළවර කොට ඇත්තී යැයි මම කියමි යන්න ද හොඳින් වැටහේ. මෙයින් අදහස් වන්නේ අභ්‍යන්තරයේ ඇති නොගැලපීම ඉවත් කර නිර්වාණයට සිත යොමු වීමයි.
3. සති සම්බොජ්ඣඞ්ග ධර්මතාවය සිහි කරන්නේ, එහි 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව යන සතිය විමසා බැලුවා. මෙහි ඇත්තේ ද නොගැලපී ම ය. ජාතිය වූ අයෙකුට ජරාව නොගැලපේ. ජරාව වූ අයෙකුට ව්‍යාධිය නොගැලපේ. ව්‍යාධිය වූ අයෙකුට මරණය නොගැලපේ. මැරෙනවා නම් නිත්‍යභාවය නොගැලපේ. මෙසේ විමසන්නේ නොගැලපීම ඉවත් කර රූපය විසි කරනවා යැයි වැටහේ. මෙසේ ඉහත 2 ධර්මතාවය මතු වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.