ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
16/01/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි advanced වැඩසටහනේ වත්ථූපම සටහන් උපකාරයෙන් සුභ යන්න සැකසෙන්නේ කෙසේ ද යන්න පෙන්වා දී ඇත.

A - දුර්වල වූ සඤ්ඤාව, B - නාමකායෙ පටිඝසම්‌ඵස්‌සය මගින් ඉදංසච්චයට තල්ලු කරන බවත්, මෙසේ සුභ යැයි ගැනීම සිදු වන බවත් සාකච්ඡා කළා. තව ද 19/12/2025 නිබ්බාන භාවනාවේ දී, සංසාරයේ ගිය බර load එක තුළ පලාසය මගින් නිරූපණය කරන දහමුන්, අනෙකුත් ධර්මයන් අභිබවා යෑම වැඩියෙන් බලපාන බව ඉගෙන ගත්තා. එසේ ම 26/12/2025 නිබ්බාන භාවනාවේ දී නිවනින් පිටත යමක් මගේ යැයි ගත් අවස්ථාවේ දී එය පවතී යැයි සිතූ අඩුපාඩුව පලාසය මගින් නිරූපණය කරන දහමුන්ට ඇතුළත් වන ප්‍රධාන කාරණය වශයෙන් ද ඒ සංස්කාර බිඳෙන නමුත් අපි නිත්‍යයි ගැනීම නිසා වන බද්ධ සඤ්ඤා ඇතුළත් වන බවත් සාකච්ඡා කළා.
ඉහත නිවනින් පිටත යමක් මගේ යැයි ගත් අවස්ථාවේ දී එය පවතී යැයි සිතූ අඩුපාඩුව පලාසය මගින් නිරූපණය කරන දහමුන්ට ඇතුළත් වන ප්‍රධාන කාරණය වන්නේ නම්, තව ද අවූපසන්තචිත්තය මගින් උපනාහය හරහා පලාසයට ඇතුළත් වූ දහම් නිසා නිත්‍යයි ගැනීම නිසා වන බද්ධ සඤ්ඤා ඇතුළත් වේ නම්, සංසාරයේ ගිය බර load එක තුළ පලාසය මගින් නිරූපණය කරන දහමුන් අනෙකුත් ධර්මයන් අභිබවා යන බැවින් එමගින් ඇති වන වේදනාත්, නාමකායෙ පටිඝසම්‌ඵස්‌සය මගින් ඉදංසච්චයට තල්ලු කිරීම මගින් උපදවන සුභ යන ධර්මතාවයේ ද පවතී යැයි සිතූ අඩුපාඩුව ම ඇත. අනෙකක් නැත. මෙයට නිත්‍යයි යැයි එකතු කිරීම මගින් පමණක් සුඛ යන මෝඩ මතය සෑදේ. මෙසේ සුභ + නිත්‍ය මගින් සුඛ වීම වටහා ගත යුතු ය.
කෙසේ නිත්‍ය යැයි එකතු කිරීම සිදු වී ද? එය සංස්කාරවල විෂමතාවය මගින් ම එකතු කරනු ලබයි. සාදන ලද සංස්කාර පෙර හා සමානව නොපවතින බැවින් අපි ගෙයක් අලුත් වැඩියා කරන්නාක් මෙන් අනෙකක් ම සොයන බැවින් නිර්වාණය අතපසු කර අලුත් සංස්කාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් සිදු කරන නිසා ය.
සතර ඉද්ධිපාදයෝ භාවිතා කර මෙය නවතා ගත යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙසේ විමසන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සිදු කරන සංස්කාර නැවතීමට ඉද්ධිපාදයෝ භාවිතා කිරීමත්, තම අභ්‍යන්තරයේ ඇති නොගැලපීම පහ කිරීම සප්ත බොජ්ඣඞ්ග දහමුන් මගින් කරන බවත් වැටහේ. එනම් රූප කෙළවර සහ සංස්කාර කෙළවර යන දෙක ම පහ කිරීම කළ යුතු ම ය.
2. මෙම භාවනාව කරන්නේ නාමකායෙ පටිඝසම්‌ඵස්‌ස අගයන් ඇත්තේ නම්, එහි දී ද නොගැලපීම වේදනා සඤ්ඤා නිසා ඇති නිසා සෑදෙන සුභ යන්නෙහි එම නොගැලපීම ම ඇත යන්න සිහි කරනවිට මුදිතා චෙතො විමුක්තිය ඇති වීමත්, පලාසය මගින් නිරූපණය කරන දහමුන්ට ඇතුළත් වන ධර්මතා සිහි කරනවිට මනස සෘජු වීමත් වී නිරෝධය කරා ගමන් කිරීම සිදු වේ.
3. සංසාරයේ ගිය බර load එක මගින් ඇති වූ වේදනා යන්න නාමකායෙ පටිඝසම්‌ඵස්‌සයට ඇතුළත් වීම දෙයාකාර ය. යමෙක් විසින් වේදනා දහමුන් හොඳ යැයි අනුමත කරන්නේ නම් එය අභිජ්ඣා වීමෙන් දොම්නස ඇති වන්නාක් මෙන්, දොම්නස ඇතුල් වන්නේ ය. එය එසේ ය. තව ද යම් වේදනාවක් නිත්‍ය යැයි ගැනීම නිසා වන බද්ධ සඤ්ඤා නිසා නාමකායෙ පටිඝසම්‌ඵස්‌සයට ඇතුළත් වීම සිදු වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.