ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
23/01/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සුභ යන්න පරාමාසයේ සිට පැමිණියේ ය. පරාමාසයට වේදනාවේ සිට ඇතුල් වූ දහම් ඇත්තේ එය සංසාරයේ ගිය බර load එක මගින් ඇති වූ වේදනාවෝ ය. මෙම වේදනාවන්ට නන්දිය මගින් පැවැත් වූ අස්මිති දහමුන් ද ඇතුළත් වී ඇත. එය එසේ ය. මෙය 02/01/2026 නිබ්බාන භාවනාවේ කරුණු සමග විමසන්නේ නම් මනා කොට වැටහේ. ආශ්‍රවයට තුඩු දෙන ස්පර්ශයන් දැඩිව ගැනීමේ ලක්ෂණය සුඛ සඤ්ඤාවේ ඇත. එසේ නම් රූප ස්පර්ශ වේදනා ගිද්ධිලෝභ belt එක කැරකවීම ආරම්භ වේ. Area 1 මගින් area 6 ඇති වන්නේ ය. දී ඇති සටහන බලන්න.

මෙයට ගිද්ධිලෝභ ධර්මයන් කෙසේ බලපායි ද? එය 11/05/2014 ගිද්ධිලෝභ 2 භාවනාවේ දුන් සටහන සමඟ විමසන්න.

එහි චේතනා විඤ්ඤාණ පරාමාස යන area 8 නිසා area T ප්‍රිය වී ඇත. එය මගේ යැයි ගත් නිසා ය. අත්තා සිට නිත්‍ය දක්වා මානයෙන් ඔසවන අවස්ථාවේ දී සත්‍ය වශයෙන් ම එන්නේ ජරාවේ සිට ව්‍යාධියට ය. නිත්‍ය යැයි පවසන්නේ සත්‍ය වශයෙන් ම ලෙඩ වන්නේ ය. ව්‍යාධිය සහ සෝකය area T වල අඩංගු වේ. මෙහි පරාමාසය සහ භය අගතිය අතර ලකුණු කරන අත්තා යන්න ඇතුළත් වේ. මෙම අත්තා මගින් දිවෙන දහමුන් ද ඇතුළත් වේ. මෙසේ අත්තා මගින් ඇති වුණු දහමුන් මගින් ගිද්ධිලෝභය දුව වන බව පැහැදිලි ය.
“රොගං වදති අත්තතො” යන්න ද පැහැදිලි ය. අත්තා යැයි ගන්නේ නම් නිත්‍ය වශයෙන් ම රෝගී වන නිසා ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. අත්තා යන්න තුළ ඇති අඩුපාඩු ම ගිද්ධිලෝභය හරහා සුභ යන්නට කාන්දු වන බව පෙනේ.
2. මෙම භාවනාව බලා අත්තා මගින් දිවෙන දහමුන්ට මානය ද ඇතුළත් වන බව වැටහෙන්නේ තට්ටම් දෙක ධර්මතාවය සිහි කරන්නේ, සිත අධික ලෙස විශාල වී, අනාශ්‍රව වීම භාවනාව කිරීමට පෙර ම සිදුවන්නේ ය. එය බොහෝ කාලයක් පවතී.
3. 11/05/2014 ගිද්ධිලෝභ 2 භාවනාවේ සඳහන් කරුණු විමසීම කළා. යම්කිසි ආකාරයකට මේ රූපය ලාභයි කියලා ගන්නවා නම්, මේක ම තමයි පරාමාසයේ සිට සුභයි කියලා, area 6 එකේ එන්නේ, parallel ධර්මය. ඊළඟට area 1 එකේ, රාග සල්ලයෙන් අල්ලලා කරකවනකොට area 6 එකේ නිත්‍යයි කියල පහළට යනවා, parallel ධර්මය. ඊළඟට ස්පර්ශයට වේදනාව යම් ආකාරයි ද, area 6 එකේ මෝහයට සංස්කාර ඒ ආකාරයි. ස්පර්ශයෙන් වේදනාවට එනවා මෝහයෙන් සංස්කාරයට එනවා, parallel ධර්මය. අත්තා මගින් දිවෙන දහමුන් ද මෙසේ සිහි කර වේදනාවන්ට නන්දිය මගින් පැවැත් වූ අස්මිති දහමුන් ද ඇතුළත් වී ඇත යන්න සිහි වී, තට්ටම් දෙක ධර්මතාවය සිහි කරන්නේ, එනම් අප්පනා දහම නොවීමේ සිට පැමිණියා යැයි සිතන්නේ වේදනාව ළඟ star එකක් මතු විය.
4. අත්තා යැයි ගැනීම සමඟ ලාභ වන බව අපි දනිමු. මෙසේ විමසන්නේ අත්තා යන්න තුළ ඇති අඩුපාඩු ම ගිද්ධිලෝභය හරහා සුභ යන්නට කාන්දු වන්නේ, යමක් සුභ යැයි ගැනීමේ දී මෙසේ අත්තා මගින් ගිද්ධිලෝභයට බැස ගත් ධර්මයෝ ඉස්මතු වන්නේ, ගිද්ධිලෝභය එහි ප්‍රධාන කාරණය වන්නේ ය. ගිද්ධිලෝභයෙන් තොරව සුභයක් නැති බව බුදුපියා පැවසුවා.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 14/02/2026
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව දෙයක් එකතු කරනවා නම්,
අත්තා මගින් දිවෙන දහමුන්ට, නිත්‍ය යන්න ඇතුළත් වෙයි. රූප වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ අත්තා කර ගන්නා නිසා, එම ධර්මයෝ ද ඇතුළත් වේ. රූප වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ වල යම් අඩුපාඩුවක් ඇති ද, එම ධර්මයෝ අත්තා යන්න තුළ ඇති අඩුපාඩු වන්නේ ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.