ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර යැයි කියන්නේ කුමක් නිසා ද? දුක නොදන්නා වූ සත්වයා සුඛ යන මෝඩ මතය සහිතව ක්‍රියාවලියන් කරන නිසා ය. එනම් චතුරාර්ය සත්‍යය නොදන්නා බව ම එම අවිද්‍යාව තුළ ගැබ්ව ඇත්තේ, අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඉපදවීම රූපයක්, ශබ්දයක් ආදී වශයෙන් ස්පර්ශය වූ විට නොකර සිටිය නොහැක.
එසේ නම් 30/01/2026 ගිද්ධිලෝභ භාවනාවේ දී ඉගෙන ගත්තාක් මෙන්, යමක් ස්පර්ශ වන්නේ අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව එසවීම් කරයි. ආශ්‍රවයට තුඩු දෙන ස්පර්ශයන් දැඩිව ගන්නේ area 1 වල belt එක කැරකැවේ. එහි ඉගෙන ගත්තාක් මෙන්, අත්තා මගින් ඇති වුණු දහමුන් මගින් ගිද්ධිලෝභය දුව වන බවත්, රෝගී වන බවත් පැහැදිලි ය. එහි දී දුන් සටහන යොදා ගන්න.

එසේ නම්, මෙසේ නොගැලපුණු තත්වයකට සිත සහ කය පත් වන්නේ මෙම නොගැලපීම අවිද්‍යා අනුසය තුළ තිබිය යුතු ම ය. කුමන නොගැලපීමක් ද? සත්‍ය වශයෙන් දුක ඇත්තේ එනමුදු සුඛ ඇති බව සිතූ නොගැලපීම ය. මෙය මුළු විශ්වය පුරා ම පැතිරී ඇත්තේ, දුක කොහේ දැයි සොයා ගැනීමට නොහැකි තත්වයකට සත්වයා පත්ව ඇත්තේ, රූප වන්නේ අරූප සොයයි අරූප වන්නේ රූප සොයයි යන්න සිදු වේ. එය එසේ ය.
මෙම අවිද්‍යා අනුසය පහ කිරීමට කුමක් වැඩිය යුතු ද? කුමක් පුරුදු පුහුණු කළ යුතු ද? එක් ආකාරයකට බලන්නේ 09/12/2022 නිබ්බාන භාවනාව මෙන් වැඩීම කළ යුතු ය. එහි සඳහන් සඤ්ඤා හත වැඩීම කර, නිරෝධ සඤ්ඤාවේ අවබෝධය විරාග සඤ්ඤාවටත්, විරාග සඤ්ඤාවේ අවබෝධය ප්‍රහාණ සඤ්ඤාවටත්, ප්‍රහාණ සඤ්ඤාවේ අවබෝධය ආදීනව සඤ්ඤාවටත්, ආදීනව සඤ්ඤාවේ අවබෝධය අසුභ සඤ්ඤාවටත්, අසුභ සඤ්ඤාවේ අවබෝධය අනන්ත සඤ්ඤාවටත්, අනත්ත සඤ්ඤාවේ අවබෝධය අනිත්‍ය සඤ්ඤාවටත් පැමිණිය යුතු ය. එසේ පුරුදු පුහුණු විය යුතු ය. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. නිරෝධ සඤ්ඤා - දුක්ඛ නිරෝධය - නොගැලපීම දැක දැන නිරෝධයට කැමති වීම. තණ්හාව ඉවත් කර මෙහි පැමිණි නිසා ඉතා පහසුවෙන් විරාගය ඇති වේ. එනම් ලප ම ලැබෙන බව දැන ඉවත් වූයේ, නිරෝධය අගයන්නේ ලප කෙරෙහි විරාගය ඇති වීම මෙනි. ලප කෙරෙහි විරාගය ඇත්තේ නම් කාම විතක්ක පහ වේ. මෙසේ ප්‍රහාණ සඤ්ඤාව පහසුවෙන් පවත්වයි.
2. ප්‍රහාණ සඤ්ඤාව පහසුවෙන් පවත්වන්නේ නිරෝධයට සාපේක්ෂව සියලු දේ ආදීනව ලෙස දනී. ආදීනව මෙසේ දන්නේ, පෙර ඉවත් කරන ලද තණ්හාව ඇත්තේ, තණ්හාව ඉවත් කිරීම නිවැරදි බව දනී. සුභ වූ දේකට ඇති තණ්හාව, මානය සමඟ පහ කර ඇත්තේ, නංවන යමකින් ලප ම ඇති වෙන බව දත් දත් ඥානය ඇත්තේ, අසුභය ඉවත් වේ. සුභ විමුක්තිය මතු වේ. නිර්වාණයට ආසන්න වේ. ලප සියල්ල ඉවත් වේ. මෙම තත්වයට ඇලීමක් නොවන්නේ නම්, එනම් මෙම මානසික තත්වය මගේ යැයි නොගැනීම නිරෝධයට සාපේක්ෂව සිතන අයෙකුට පහළ වන්නේ අනත්ත සඤ්ඤාව මනා කොට පිහිටයි.
3. මෙසේ අනත්ත සඤ්ඤාව ඇති වීම නිරෝධය අරමුණු කර ඇත්තේ කිසිවක් නොගන්නා වූ තත්වයට සිත පත් වී නිර්වාණය සාක්ෂාත් කරයි. මෙහි දී කිසිවක් නොගන්නා වූ තත්වය, 1, 2, 3 සතියේ අර්ථය ඇතිව බැලිය යුතු ය. එනම් අධික ලෙස වෙහෙසට පත්වෙලා මේ රූපය අල්ලලා විසි කරනවා යන්න, ලප අර්ථයෙන් පමණක් නොව අරූප ධ්‍යාන පවා ඉවත් කරන අර්ථයෙන් විමසිය යුතු ය. කුමක් නිසා ද? අරූප ධ්‍යාන පවා නිරෝධයට සාපේක්ෂව ලප මෙන් ම පෙනෙන නිසා ය.
4. මෙම භාවනාව කරන්නේ, සිහිය ඇතිව අනාශ්‍රව වන අතර කරුණු සිහි කිරීමට ඇති සතිය නොගිලිහී පවතී. මෙසේ අධික සතියක් පවතින අතර පංචනීවරණයෝ මනා කොට පහව ඇති බව දැනේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 14/02/2026
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේකට තව පොඩ්ඩක් එකතු කරනවා නම්,
මේ බලන ක්‍රමය. මේ භාවනාවේ අපි දැන් 09/12/2022 නිබ්බාන භාවනාවේ විදිහට අපි අනිත්‍ය සඤ්ඤාව, අනන්ත සඤ්ඤාව, අසුභ සඤ්ඤාව මතක ඇති අර ගාථාවක් එහෙම බැලුවා අපි. ඊට පස්සේ ආදීනව සඤ්ඤාව, ප්‍රහාණ සඤ්ඤාව, විරාග සඤ්ඤාව, නිරෝධ සඤ්ඤාව දක්වා අපි එන්න ඕනේ. එතෙන්ට ඇවිල්ලා, ඒ නිරෝධ සඤ්ඤාවේ ඉඳන් අපි අනිත් පැත්තට යනවා. ඉතින් අර රහතන් වහන්සේ එතන උදව් කළා අපිට ඒක අනිත් පැත්තට බලනකොට.
එතකොට නිරෝධ සඤ්ඤාව ළඟ කෙනෙකුට ලියාගන්න පුළුවන්, උපධී දුරලිම සඳහා කටයුතු කරයි. එතකොට එතනින් පල්ලෙහාට අපි නිරෝධ සඤ්ඤාවෙන් arrow එකක් දැම්මොත් විරාග සඤ්ඤාවට, එතන අපි ලියනවා ඒ arrow එකට, තණ්හාව ඉවත් කර මෙහි පැමිණි නිසා කියලා. එතකොට විරාග සඤ්ඤාවේ අපි ලියනවා එතන ලප කෙරෙහි විරාගය කියලා. එතනින් පහලට arrow එකක් දානවා විරාග සඤ්ඤාවෙන් ප්‍රහාණ සඤ්ඤාවට, කාම විතක්ක පහ වේ කියලා, ප්‍රහාණ සඤ්ඤාවෙන්. එතකොට ඊළඟට තවත් arrow එකක් එනවා ප්‍රහාණ සඤ්ඤාවෙන් පහළට, ආදීනව සඤ්ඤාව. එතන ලියාගන්න පුළුවන් තණ්හාව ඉවත් කිරීම නිවැරදි බව දනී කියලා. ඒක හරියට, දැන් ලෙඩ වෙනවා නම්, නොකාපු එක හොඳයි. තමන් මොකක් හරි එකක් කෑවහම blood sugar හරි වැඩි වෙනවා නම්, දැන් තමන් කල්පනා කරනවා ඒක නොකාපු එක හොඳයි. ඒ කියන්නේ තණ්හාව ඉවත් කිරීම නිවැරදි බව දනී. ආදීනව සඤ්ඤාවෙන් පල්ලෙහාට arrow එකක් දානවා අසුභ සඤ්ඤාවට. දැන් අසුභ සඤ්ඤාව තියෙන තැන ලියාගන්නවා, නංවන යමකින් ලප ම ඇති වන බවත් දත් ඥානය ඇත්තේ අසුභය ඉවත් වෙයි. සුභ විමුක්තිය මතු වේ.
එතකොට මෙතන මේ භාවනාවේ මුල, දී ඇති diagram එක සමඟ, තමන්ට ඒක සිහි වෙන්න ඕනේ. ඊට පස්සේ අසුභ සඤ්ඤාවෙන් පල්ලෙහා අනත්ත සඤ්ඤාවට arrow එකක් දාලා, අනත්ත සඤ්ඤාව ලඟ ලියාගන්නවා මෙම මානසික තත්වය මගේ යැයි නොගැනීම. එතකොට අරූප ධ්‍යාන පවා නිරෝධයට සාපේක්ෂව ලප මෙන් ම පෙනීම.
අන්න ඒ විදිහට තමන් දක්ෂතාවයක් ඇති කරගන්න ඕනේ මේකේ අර අනුලෝමව ප්‍රතිලෝමව බලනවා කියන එක.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.