Date: 13/02/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

5.5 අත්තා යන්න සෑදෙන්නේ නම් දිට්ඨි උපාදානය ඇත. දිට්ඨි උපාදානයෙන් සීලබ්බත උපාදානය වීම 6.4 දී වන බව අපි දනිමු. සීලබ්බත පරාමාසය, විඤ්ඤාණය තුළ බැසගෙන ඇති බව 17/04/2017 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළා. තව ද සුඛ යන මතය පරාමාසය තුළට කාවදින්නේ සීලබ්බත පරාමාස වීම නිත්‍ය යන සංකල්පය වීමෙන් අනතුරුව සිදු වේ යැයි ඉගෙන ගත්තා. AKDS ආකාරයට ධර්මය විමසන්නේ, දිට්ඨි උපාදානයෙන් පසුව සීලබ්බත උපාදාන වන්නේ මෙම නිත්‍යභාවය එය මගින් සපයයි. Torch එක ඇල්ලුවා මෙන් ය.

06/02/2026 නිබ්බාන භාවනාවේ ධර්ම කරුණු සමඟ විමසන්නේ, එහි දී භාවිතා කළ සටහනට මනස යොමු වන්නේ, area T වල 5.5 අත්තා යන්නෙහි ගැම්ම වැටහේ.

MM_30_01_2026.jpg

එනම් එහි අත්තා මගින් දිවෙන දහමුන් මගින් රෝගී වී ඇත. කෙසේ ද? අත්තා මගින් නිත්‍ය විය. ජරා සිට ව්‍යාධි දක්වා ගමන් කළේ ය. එසේ නම් සීලබ්බත උපාදානය මගින් කළේ ද මෙය ම නොවේ ද? මෙසේ සිතන්නේ නිත්‍යභාවය ම මානසික රෝගයක් ලෙස වැටහේ. මෙම මානසික රෝගය නිසා ම ලප ම මතු උනත් සුභ ලෙස ගැනීම තීව්‍ර වී ඇත. සසරේ ගැලුණු සත්වයා හට, සුභ සහ නිත්‍යභාවය අතර වෙනස සොයා ගැනීමට නොහැකි වන තරමට එය ඔඩු දුවා ඇත. ඔහු නිත්‍ය යන සංකල්පය සහිතව සිතයි. නිත්‍ය යන සංකල්පය ඇතිව බලයි. ඒ නිසා අසුභ වූ දේත් සුභ වශයෙන් පෙනේ. තව ද සුභ යැයි ගත් පෙර හැඟීම් ඇත්තේ නිත්‍ය යන්න එය තුළින් සොයයි. මේ නිසා නිත්‍ය යැයි වැටහේ. වරදවා ගනී. අනිත්‍ය සඤ්ඤාව මනා කොට දියුණු කරන්නේ නම් පමණක් මෙයින් ගැලවිය හැකි ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම මානසික රෝගය නිසා ම ලප ම මතු වුණත් සුභ ලෙස ගැනීම තීව්‍ර වී ඇත යන්න, විමසන්නේ වේදනාව ඉක්මවා මෝහය පැමිණෙන්නාක් මෙන් ලපය ඉක්මවා මෝහය පැමිණීම වන බව වැටහේ. එය එසේ ය. මෙය නිත්‍යභාවය නිසා ඇති වූ මෝහයයි. මෙහි දී දිට්ඨි ආශ්‍රවය නිත්‍යභාවයේ පසු සඤ්ඤාවක් ලෙස ක්‍රියාත්මක වන බැවින් එමගින් ඇති වන්නා වූ දිට්ඨි අනුසය හරහා රූපයට සුඛ යැයි පවසයි. මෙසේ ලපය මැකී යන අතර සුභ ලෙස ගැනීම සිදු වේ.

2. සුභ යැයි ගත් පෙර හැඟීම් ඇත්තේ නිත්‍ය යන්න එය තුළින් සොයයි යන්නට උදාහරණයක් වශයෙන්, යමෙක් සාදන ලද ආහාරය හොඳ නැතිනම්, මම හොඳට හදන්නම් යැයි යමෙකුට සිතේ. එය හොඳට හැදෙන්නේ නම් නිත්‍ය යැයි සිතේ. වරදවා ගනී.

3. එකතු කරන ලද පළවෙනි කාරණය තවදුරටත් විමසන්නේ, ව්‍යාධියට පත්ව ඇති සත්වයා තවත් ව්‍යාධියක් ම භාර ගනී යැයි වැටහෙන්නේ මරණය හැර අන් කිසිවක් උරුම කර නොගනී යැයි වැටහේ. පුරුෂයෙක් කාන්තාවක් සුභ ලෙස භාර ගනී යැයි සිතන්නේ නම් මෙය හොඳින් වැටහේ. මෙහි දී ආදීනව සඤ්ඤාව මතු වේ.

4. මෙම භාවනාව කරන්නේ මනස ඉතා ම සෘජු වී ගම්භීර (serious) වන්නේ ය. එය මේ දක්වා අසුවී සිටි මුලාව වැටහීමෙන් වන්නේ ය. කලකිරීම අධිකව දවස තුළ දැනේ.

5. නිත්‍යභාවය ම මානසික රෝගයක් ලෙසත්, මානය ආබාධයක් වශයෙන්, ආදීනව සඤ්ඤාව මෙනෙහි කරන විට අවබෝධ වී ඇත්තේ, නිරෝධය ඇති වේ.

6. සීලබ්බත උපාදානය මගින් අනාගත භවය දැඩිව ගන්නේ මානසිකව රෝගී වන්නේ ය යන්න වැටහෙන්නේ, අප කුඩා කල සිට ශිල්ප ඉගෙන ගත්තේ එය මගින් සිදු වූයේ ද මානසිකව රෝගී වීම නොවේ දැයි සිතේ. එය එසේ ය. රැකියාවට ගිය පසු රෝගී බව බොහෝ දෙනකුට උග්‍ර විය.

7. මෙම භාවනාවෙන් තිස් දෙනෙකු නිවන් දකින්නේ ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.