Date: 20/02/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

06/02/2026 නිබ්බාන භාවනාවේ දී නොගැලපුන තත්වයකට සිත සහ කය පත් වන්නේ, මෙම නොගැලපීම අවිද්‍යා අනුසය තුළ තිබිය යුතු යැයි ඉගෙන ගත්තා. කුමන නොගැලපීමක් ද? සත්‍ය වශයෙන් දුක ඇත්තේ, එනමුදු සුඛ ඇති බව සිතූ නොගැලපීම ය. මෙය මුළු විශ්වය පුරා ම පැතිරී ඇත්තේ, දුක කොහේ දැයි සොයා ගැනීමට නොහැකි තත්වයකට සත්වයා පත්ව ඇත්තේ, රූප වන්නේ අරූප සොයයි, අරූප වන්නේ රූප සොයයි, යන්න සිදු වේ.

අවිද්‍යා අනුසයට මෙවැනි නොගැලපීම් කෙසේ ඇතුල් වූයේ ද? එය ආශ්‍රව මගින් යැයි කිව යුතු ය. පළමුව අවිද්‍යා ආශ්‍රව මගින් අවිද්‍යා අනුසයට ඇතුල් වූ දහම් ප්‍රධාන ය. කුමක් නිසා ද? එහි නිත්‍යභාවය අධිකව පවතින නිසා ය. අවිද්‍යා ආශ්‍රවයට මෙම සැපයුම දිට්ඨි ආශ්‍රවය මගින් දෙන ලදී. කෙසේ ද? සඤ්ඤාව අල්ලාගෙන දිට්ඨි සල්ලයෙන් කැරකවීම මගිනි. දිට්ඨි ආශ්‍රවය තුළ අත්තභාවය අධිකව පවතී. මෙසේ අත්තභාවය පැවතීමට කුමක් උපකාර වී ද? සුඛ යැයි ගැනීම මගින් අත්තා යන සංකල්පය සෑදෙන බව අපි දනිමු. එනමුදු නොගැලපීම් ඇත්තේ ද්වේෂ සල්ලයෙන් කැරකවීම නොවේ නම්, අත්තභාවයක් කිසි විටක නොපවතී. කුමක් නිසා ද? හරයක් නැති තැනක, හරයක් සෙවීම මගින් පමණක් සංස්කාරයෝ පැවැත්විය හැකි නිසා ය. නිර්වාණය හා සසඳා බැලීමේ දී මෙය වැටහේ.

කෙසේ සුඛ වී ද? එහි ආරම්භය වශයෙන් රූප ස්පර්ශය යොදා විමසිය යුතු ය. එමගින් ධාරාව දිව්වේ ය. එමගින් පෝෂණය වූයේ ය. මෙයට කාම ආශ්‍රවය හරහට සිටී. කුමක් නිසා ද? පෙර යමක් කෑමෙන් පසුව සුඛ යැයි පෙර සඤ්ඤාවක් ඇති වී ද එය දැන් නැති ද, ලැබී ඇති රූප ස්පර්ශය මනා කොට භුක්ති විඳිය නොහැකි ය. එය එසේ ය. තථාගතයන් වහන්සේ ආහාර ගන්නේ අන් අයට වඩා එහි රස දැනෙන්නේ යැයි පවසන්නේ, මෙසේ කාම ආශ්‍රවය හරහට නොසිටින නිසා ය.

කාම ආශ්‍රවය හරහට සිටීම සත්‍යයක් වුවත්, කාම ආශ්‍රවයට තුඩු දුන් රූපයෝ ශබ්දයෝ සත්වයන් විසින් ඉක්මවා නැත්තේ, එනම් රූප විෂයෙහි වූ කාම ධාතු අනෙකුත් ධාතූන් ඉක්මවා විශ්වය පුරා ම පැතිර ඇත්තේ, රූපය ම අවිද්‍යා අනුසය තුළට දීර්ඝ ගමනක් ගොස් හොටු සහිතව නොගැලපීම ඇතුළු කරනු ලබයි.

13/02/2026 නිබ්බාන භාවනාව මෙන් ධර්මයෝ වඩා අවිද්‍යා අනුසයට කාවැදුණු මෙම නොගැලපීම වහ වහා පහ කළ යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. අවිද්‍යා ආශ්‍රවය යනු අත්තා යන්නෙහි පසු සඤ්ඤාව බව අපි දනිමු. අත්තා යන්නෙහි සුඛ යන්න තැන්පතු වීම, මෝහයේ සුඛ යන්න තැන්පතු වීමට වඩා වැඩි බව පෙර ඉගෙන ගතිමු. සත්‍ය වශයෙන් ම දුක ඇත්තේ, එනමුදු සුඛ ඇති බව සිතූ නොගැලපීම අත්තා යන්නෙහි ඇත. තව ද එය ඉදංසචචය මගින් අනුමත කර අවිද්‍යා ආශ්‍රවය හටගන්නේ, අවිද්‍යා ආශ්‍රවය මගින් අවිද්‍යා අනුසයට ඇතුල් වූ දහම්හි සත්‍ය වශයෙන් දුක ඇත්තේ එනමුදු සුඛ ඇති බව සිතූ නොගැලපීම ප්‍රධාන ය යන්න හොඳින් වැටහේ.

2. මෝහයේ සුඛ යන්න තැන්පතු වීම ඇති නිසා කාමරාග අනුසය හරහා සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ එය දිට්ඨි සල්ලයෙන් කැරකවීමත් දිට්ඨිය ආශ්‍රවය තුළ අත්තභාවය අධිකව පැවතීමත් ඇත්තේ අත්තා යන්නෙහි තැන්පතු වූ සුඛ යන්නත් මෝහයේ තැන්පතු වූ සුඛ යන්නත් යන දෙකේ ම බලපෑම දිට්ඨි ආශ්‍රවය තුළ ඇත. මෙසේ අවිද්‍යා ආශ්‍රවයට දිට්ඨි ආශ්‍රවය මගින් දෙන ලද සැපයුම වටහා ගත යුතු ය. මෙහි දී ශාන්ත සුවිමුක්ත චිත්තය ඇති වේ.

3. දිට්ඨි ආශ්‍රවය මගින් දිට්ඨි අනුසය ඇති වන්නේ, එය මගින් රූපයට සුඛ යැයි පවසන්නේ, 13/02/2026 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද පළවන කාරණය මෙන් විමසන්නේ, ලපය මැකී යන අතර සුභ ලෙස ගැනීම සිදු වේ යන්නෙහි බැරෑරුම්කම හොඳින් වැටහේ. එනමුදු ද්වේෂ සල්ලය ලපය හඳුනයි එය මැකීම සඳහා මනාප වූ ලප යැයි නොහැඟෙන අනෙක් කොටස් අල්ලාගෙන විඤ්ඤාණ ධාරාව වේගවත් කිරීම කරනු ලබයි. එයට රාග සල්ලය උදව් උපකාර කරනු ලබයි. සීයාගේ උදාහරණය මෙන් විමසන්නේ, සීයා ඉල්ලන්නේ පොඩි කාලේ විඳපු වේදනාව. එහෙම නම් වෙදනූපගං විඤ්ඤාණං තිට්ඨති. විභන්තචිත්තා යන පථය ක්‍රියාත්මක වන්නේ වේදනා ධර්මයන් (දුක) ඉක්මවා මෝහය (සුඛ) පැමිණීම යන්න මෙන් විමසා බලන්නේ, භව ආශ්‍රවය කොතරම් ගැඹුරු ද යන්න සිතේ.

4. රූප ස්පර්ශය මගින් ධාරාව දිව්වේ එයට කාම ආශ්‍රවය හරහට සිටීම සිදු වුවත් භව ආශ්‍රවය නිසා කාම ආශ්‍රවයට එම හරහට සිටීම මනා කොට කරගත නොහැකි ය. එනමුදු රූපයේ යම් අඩුපාඩුවක් වේ ද එය සිත්හි තබාගෙන ඇති නමුදු එය අමතක කිරීම කාම ආශ්‍රවයට පැමිණෙන අනෙකුත් ආශ්‍රවයෝ විසින් කරනු ලබයි.

5. මුළු චතුරාර්ය සත්‍යය ම මෙසේ වසාලන බව එකතු කරන ලද කරුණුවලින් වැටහේ.

6. ද්වේෂ සල්ලයෙන් කැරකවීම නොවේ නම් අත්තභාවයක් කිසි විටෙක නොපවතී. කුමක් නිසා ද? හරයක් නැති තැනක හරයක් සෙවීම මගින් පමණක් සංස්කාරයෝ පැවැත්විය හැකි නිසා ය. මෙය වටහා ගැනීමට දී ඇති සටහන භාවිතා කරන්න.

MM_20_02_2026.jpg

7. සංසාරයේ ගිය බර load එක මගින් ඇති වූ වේදනා යන්න නාමකායේ පටිඝසම්‌ඵස්‌සයට ඇතුල් වීම සිහි කරන්නේ, යමෙක් විසින් වේදනා දහමුන් හොඳ යැයි අනුමත කරන්නේ නම් එය අභිජ්ඣා වීමෙන් දොම්නස ඇති වන්නාක් මෙන්, දොම්නස ඇතුල් වන්නේ ය. මෙය මෙම භාවනාවේ දී සිහි වන්නේ අනාශ්‍රව වන්නේ ය. මෙහි දී දස අකුසල් දුක්ඛ දොළහට සම්බන්ධ වීම සිහියේ තිබිණ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.