Date: 27/02/2026 Name: අමෘතය

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

30/05/2025 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද තුන්වන කාරණය නැවතත් සිහි කළා. එනම් මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය සිහි කළා. සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ, සඤ්ඤාව දෙපැත්තට නොයයි. රූප පැත්තට හෝ චේතනා පැත්තට නොයයි. මෙය දකින්නේ විඤ්ඤාණ ධාරාව slow වන්නේ ය. මෙවිට තුන් වෙනි පැත්තට නොයයි. එනම් වේදනා පැත්තට නොයයි. වේදනා හැඟීම්වලින් තොර වේ. මෙහි කුමක් නිසා වේදනා පැත්තට නොයයි ද, යන්න විමසා බැලුවා. රූප පැත්තට නොයයි නම් 10% පාර දිගේ වේදනාව කරා ගමන් නොකරයි. චේතනා පැත්තට නොයයි නම් දිට්ඨි අනුසය පාර දිගේ එනම් 40% පාර දිගේ වේදනාව කරා ගමන් නොකරයි. තව ද චේතනා පැත්තට නොයයි නම්, එමගින් ඇති වන මෝහය මගින් සඤ්ඤාව සුඛ යැයි පැවසීමට කාමරාග අනුසය උත්සුක නොවන අතර අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම වැළකී, සංකප්ප පාර එනම් 50% පාර දිගේ වේදනාව කරා ගමන් නොකරයි. මෙහි දී විඤ්ඤාණ ධාරාව slow වීම වැදගත් කරුණක් වන අතර සඤ්ඤාව දුක වශයෙන් දැකීම නිසා කාම ආශ්‍රව නොවීම, එනම් පසු සඤ්ඤා ඉස්මතු නොවීම මගින් සුඛ සඤ්ඤා විපල්ලාසය නොරැඳේ.

මෙහි සඳහන් චේතනා පැත්තට නොයයි නම් චේතනා මගින් ඇති වන මෝහය මගින් සුඛ යැයි පැවසීමට කාමරාග අනුසය උත්සුක නොවන අතර අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම වැළකී, සංකප්ප පාර එනම් 50% පාර දිගේ වේදනාව කරා ගමන් නොකරයි යන්න තව දුරටත් විමසා බැලුවා.

මෙහි කාමරාග අනුසය උත්සුක නොවීම යන්න ප්‍රධාන කාරණයකි. එනම් චේතනා පැත්තට නොයයි නම් මෝහය තුළ ප්‍රාණවත් බව නැති නිසා සඤ්ඤාව සුඛ යැයි පැවසීමට කාමරාග අනුසය උත්සුක නොවේ. එසේ නොපවසන්නේ නම් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම වැළැකේ. මෙය තණ්හාවේ එක පරාලයක් බින්දා මෙනි.

චේතනා පැත්තට නොයයි නම් මෝහය දුර්වල වන අතර, මෙම දුර්වල වූ මෝහය කෙසේ ඇති වූයේ ද? සඤ්ඤාව දුක නිසා එය ඉදංසච්චය හරහා ඇති විය නොහැකි ය. එසේ නම් එය පරාමාසය හරහා ම ඇති විය යුතු ය. එය එසේ ය. මෙය අටවන ධ්‍යාන වැනි අවස්ථාවල දී දුර්වල වූ සඤ්ඤාවක් මෙන් line 7 හරහා පැමිණේ.

එසේ නම් අටවන ධ්‍යාන තලයේ පෙර වාසය කිරීම නිසා ඇති වූ සඤ්ඤා මනසිකාරයෝ දුර්වල ලෙස පරාමාසයේ සිට line 7 හරහා පරිදේවය කරා පැමිණීම ඇත්තේ, එයට මෝහයේ යම් සුඛයක් තැන්පතුව ඇති ද එය line 6 හරහා පරිදේවය කරා පැමිණීම විය යුතු ම ය. එසේ නොවන්නේ නම් විඤ්ඤාණ ධාරාව ගැලීමට ඇති අඩි තාලම නැති වී යයි. ඉහත විමසා ඇත්තේ මෙය සිදු නොවන අවස්ථාවකි. එනම් මෝහය මගින් සඤ්ඤාව සුඛ යැයි පැවසීමට කාමරාග අනුසය උත්සුක නොවන අවස්ථාවකි. මෙහි දී මෝහය තුළ ප්‍රාණවත් බව නැති අතර 20/02/2026 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද පළවෙනි කාරණයේ සඳහන් කරුණු සිදු නොවීම සිතන්න.

එනම් අවිද්‍යා ආශ්‍රවය යනු අත්තා යන්නෙහි පසු සඤ්ඤාව බව අපි දනිමු. අත්තා යන්නෙහි සුඛ යන්න තැන්පතු වීම, මෝහයේ සුඛ යන්න තැන්පතු වීමට වඩා වැඩි බව පෙර ඉගෙන ගතිමු. සත්‍ය වශයෙන් දුක ඇත්තේ එනමුදු සුඛ ඇති බව සිතු නොගැලපීම අත්තා යන්නෙහි ඇත. එය ඉදංසච්චය මගින් අනුමත කර නොමැත. එනම් විඤ්ඤාණ ධාරාව ගැලීම ඉදංසච්චය හරහා සිදු නොවේ නම් අනුමත කිරීම සිදු නොවේ. එනමුදු මෝහය තුළ ඇති දහම් line 7 හරහා පරිදේවය කරා පැමිණීම මගින් අවුස්සනු ලබයි. මෙය සියුම් ය. කුමක් නිසා එසේ පවසයි ද? යමෙක් මැරෙන්නේ යලි ඉපදීම බලාගෙන යැයි විමසන්නේ වැටහෙන්නේ ය. අටවෙනි ධ්‍යානයෙන් ඝෝෂාව නිසා වැටෙන්නේ නම් හත ධ්‍යාන එපා කියා නැවත අට ධ්‍යාන ඉපදීම වීම මෙනි.

මෙසේ මෝහයේ සුඛ යන්න තැන්පතු වීම සිදු නොවන්නේ නම් කාමරාග අනුසය සඤ්ඤාව සුඛ යැයි නොපවසන්නේ ද්වේෂ සල්ලය ලපය හඳුනයි යන්න සිදු නොවේ. ඒ නිසා ම ලපය මැකීම සඳහා මනාප වූ ලප යැයි නොහැඟෙන අනෙක් කොටස් අල්ලාගෙන විඤ්ඤාණ ධාරාව වේගවත් කිරීමක් ද නැත. මෙසේ එම උත්සාහයන් ගිලිහි යන්නේ නම් රාග සල්ලයට කළ හැකි දෙයක් ද නැත. එය ඒසේ ය. මෙසේ කාම ධාතු වල ඇති වෙනස නිසා ම සත්වයන් සසරේ සැරි සරන බව පෙනේ.

මණ්ඩලාධිපති බුදුපියාගේ දහම භාවිතා කරන්නේ ඉහත අයුරින් රූප ඉක්මවා නිර්වාණය සාක්ෂාත් කර ගනු ලබයි.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ මෝහයේ සුඛ යන්න තැන්පතු වීම සිදු නොවන්නේ නම් කාමරාග අනුසය සඤ්ඤාව සුඛ යැයි නොපවසන්නේ ද්වේෂ සල්ලය ලපය හඳුනයි යන්න සිදු නොවේ යන්න සිහි කරන විට, නිකට මනා කොට දැනේ. මුදිතා චෙතො විමුක්තිය ඇති වේ.

2. මෝහය තුළ ඇති දහම් line 7 හරහා පරිදේවය කරා පැමිණීම මගින් අවුස්සනු ලබයි යන්න සිහි කරන්නේ, මෙය 27/06/2025 අස්මිති මාන භාවනාවේ දී ඉගෙන ගත් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වෙන ධර්මතාවයන් මගින් රාග අනුසය මගින් පවසන අදහස් වන තුන් අගයෝ, එනම් නාමරූප ඇති තැන සුභ අගය, පරාමාස ඇති තැන සුඛ අගය, රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ, යන අගයන් තුන ම ඇවිස්සීම සමඟ විමසා බලන්නේ මෝහය ද අවුස්සා ඇත්තේ නම් රාග අනුසය සහිත area 2 සහ කාමරාග අනුසය සහිත area 6 කාම තණ්හාවෙන් බන්ධනය වන්නේ නිර්වාණය නොවේ යන්න ද වැටහේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.