ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
20/02/2026 නිබ්බාන භාවනාවේ දී හරයක් නැති තැනක හරයක් සෙවීම මගින් පමණක් සංස්කාරයෝ පැවැත්විය හැකි බවත්, රූපය ම අවිද්‍යා අනුසය තුළට දීර්ඝ ගමනක් ගොස් හොටු සහිතව නොගැලපීම ඇතුළු කරනු ලබයි, යනුවෙන් ඉගෙන ගත්තා.(*1)
මෙහි දී සංස්කාරයන් තුළ විෂමතාවය ඇත්තේ, සංස්කාරයන් තුළ ද, රූපය නිසා ඇති වූ නොගැලපීම ම ඇත. මේස දෙකක් වෙනස් වූ ලී වලින් සාදන්නේ එහි වෙනස පෙනේ.
එසේ නම් සංස්කාර කෙළවරත් රූප කෙළවරත් යන දෙක ම චිත්ත චෛතසිකයන් කෙරෙහි බලපාන අතර එමගින් ඇති වන වෙනස තැන්පතු වීම විඤ්ඤාණ ධාරාව මගින් ගෙන යන ධාරාව තුළ ඇත. එය එසේ ය. මෙම වෙනස ඇවිස්සීමක් නොවන්නේ නම්, ආලෝකය ඇති විට නිශ්චල ජලය තුළ පතුළ බැලීමට හැකියාවක් සත්වයන්ට ඇති ද, එසේ ම ප්‍රඥා ආලෝකය ඇති විට, පතුළේ ඇති සුන්බුන් මෙන් වූ වේදනා සඤ්ඤා මනසිකාරයෝ(*2) දැක ගත හැකි ය. එය එසේ ය.
මෙසේ පතුළ බැලීමට කැමති සත්වයා ජලය කැලතීම නොකරයි ද, එසේ ම දුක බැලීමට ඇති සත්වයා රූප සහ සංස්කාර කැලඹීම නොකළ යුතු ය. මෙහි රූප නොකැලඹීම කෙසේ ද? එය ස්පර්ශ නිරෝධයෙන් බව කිව යුතු ය. සංස්කාර නොකැලඹීම කෙසේ ද? දස කුසලය බව කිව යුතු ය. එනමුදු මෙම දෙකේ නොකැළඹීම සඳහා ආර්ය වූ විමුක්තිය අවශ්‍ය වේ. එය එසේ ය. උදාහරණ වශයෙන් බලන්නේ බොජ්ඣඞ්ග භාවිතා කරන්නේ අභ්‍යන්තර නොගැලපීම ඉවත් කළත්, එසේ සිටිමි යැයි සිතන්නේ නම් සංස්කාර තුනී වුව ද, ධාරාව සංසිඳීම මෙන් පෙනුන ද, තවමත් ඇදී යන ගතියක් පෙනේ. තව ද ඉද්ධිපාද භාවිතා කරන්නේ, සංස්කාර ඉවතලන්නේ, කැලතීමක් නැති නමුදු, ජල පහරේ ඇති ගල් පර්වතයක් උඩ හෝ රැඳී ධාරාව දෙස බලා සිටීමට ඇල්මක් ඇති ද, ඒ නිසා ඔහුගේ ඇඟේ හැපෙන වාතය නිසා, ජලයේ යම් සෙලවීමක් ඇති ද, එමෙන් ම ධාරාවේ යම් චංචල බවක් ඇත. එසේ නම් බලා සිටීම ද, ඉවත් කළ යුතු ය. රූපයෙන් එපමණට ඉවත් විය යුතු ය. ඉවත් වී ධාරාව දෙස බලා සිටීම ද ඉවත් කළ යුතු ය. කුමක් නිසා ද? චංචල වූ යමකින් නිර්වාණය නොවන නිසා ය.
මෙසේ බොජ්ඣඞ්ග සහ ඉද්ධිපාදයෝ යන යුගලය ම භාවිතා කර නිර්වාණය සාක්ෂාත් කරගත යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාවේ දහම් කරුණු විමසන්නේ, ආර්ය විමුක්තිය තුළ බොජ්ඣඞ්ගයෝ සහ ඉද්ධිපාදයෝ ඇති බව වැටහේ. කෙසේ ද? යම් ඵල චිත්තයක් නංවන්නේ එහි පටිච්චසමුප්පන්න අවබෝධය මනා කොට ඇතුල් වී ඇති අතර, ඉද්ධිපාදයන් මගින් දස කුසලය සහ අනෙකුත් දහම් මගින් අරි අට මඟ නොනැසී පැවැත්වීමට උදව් උපකාර වන බැවිණි. මෙහි විමංසා ඉද්ධිපාදය පදුට්ඨමනසඞ්කප්පයේ ආස්වාදය ඉවත් කිරීම නිසා සියුම් වූ ධාරාවක්වත් නොවන අයුරින් වග බලා ගැනීම විශේෂිත ය. සියුම් වූ ධාරාවක්වත් පවතින්නේ නම් බොජ්ඣඞ්ග භාවිතා කරන අවස්ථාවේ සඳහන් කළ අභ්‍යන්තර නොගැලපීම ඉවත් කළත් එසේ සිටිමි යැයි සිතන්නේ නම් සංස්කාර තුනී වුව ද ධාරාව සංසිඳීම මෙන් පෙනුන ද තවමත් ඇදී යන ගතියක් පෙනේ යන්න වැටහේ. මෙහි ඇදී යන ගතිය උපෙක්ඛා සහගත වූ විහිංසා ධාතු නිසා ය.
2. මෙහි සඳහන් ගල් පර්වතයක් උඩ හෝ රැඳී, ධාරාව දෙස බලා සිටීම යනු මෙපමණ කාලයක් සංසාරයේ ගියා යැයි ධාරාව දෙස බලා සිටීම යැයි වැටහුණා. උදාහරණ වශයෙන් යමෙකු ගෙය විකුණා හෝ ගෙය අත්හැර ඇති අයෙකු ගෙයින් ඉවත් වන විට පෙර සිටියා වූ ගෙය දෙස බලා සිටීම වැනි දෙයකි. එය ඔහුට අහිමි ය. එය නැත, it is missing, එහි රූප නැත,(*3) එහි පෙර තිබූ වේදනා නැත, feeling missing. තව ද ගල් පර්වතය පරාමාසය බව වැටහිණ. එය 27/02/2026 අමෘතය භාවනාවේ අර්ථයෙන් විමසිය යුතු ය. තව ද විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වෙන ධර්මතාවයන් ඔහුගේ ඇඟේ හැපෙන වාතය යැයි වැටහුණා. බලාගෙන සිටින්නේ තව යමක් ඇති වේ යන බලාපොරොත්තුව ඇතිව ය. එය එසේ ය. මෙය හරයක් නැති තැනක හරයක් සෙවීම.
3. ඉහත 2 වෙනි කරුණේ දී ධාරාව පටිච්චසමුප්පන්නව හටගන්නේ ය, පටිච්චසමුප්පන්නය නැති වන විට නැතිවන බව යන අවබෝධය යෙදිය යුතු ය. මෙහි දී ඇස් දෙක ම මනා කොට දැනී ශාන්ත සුවිමුක්ත චිත්තය ඇති වේ.
4. ස්පර්ශ නිරෝධයත් සංස්කාර නොකැලඹීමත්, භාවනාවේ මුලින් ම සිහි වන්නේ, ඇස් දෙක ම මනා කොට දැනී, මුදිතා චෙතො විමුක්තිය භාවනාවේ මුලින් ම ඇති විය. සිත අනාශ්‍රව වීම, වරින් වර සිදු වන්නේ, භාවනාව කිරීම ඉතා අපහසු ය. අවසානයේ දෙවිවරුන්ට කෘතගුණ පළ කරන්නේ දේව මාතාවන්, බ්‍රහ්ම මාතාවන් පතුළ දැක්කා ද? යන්න අසන්නේ, මෙම ඇස් දෙක ම මනා කොට දැනී, මුදිතා චෙතො විමුක්තිය සමඟ සඤ්ඤා දෙස බලන්නේ, දේව මාතාවකගේ තොල් දෙකක කොටසක් දකින ලද අවස්ථාවක ඇති වූ සඤ්ඤා සහ බුදු කෙනෙකුගේ රුව දකින ලද අවස්ථාවක ඇති වූ සඤ්ඤා පෙනිණ. එය රූපයක් දකිනවාට වඩා වෙනස් ය. එනමුදු රූප ස්වභාවය මනස විසින් එම අවස්ථාවේ දී යම් පමණකට සම්පූර්ණ කරන බව ද පෙනේ. එනම් කොටසක් දකින්නේ ඉතුරු කොටස මනසිකාරයෝ(*4) මගින් සම්පූර්ණ කරන බව වැටහේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 14/03/2026
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) එතකොට අපි ඒ diagram එකේ තියෙනවා, ද්වේෂ සල්ලයෙන් කැරකැවීම, හරයක් සෙවීම, පෙර සුඛ වූ වේදනා සෙවීම, දුක ඇති තැන සුඛ සෙවීම, හරයක් නැති තැන හරයක් සෙවීම. ඒ සඳහා සංස්කාරයන් කරනවා කියලා, මේ අත්තභාවය ඇති වීම පෙන්නනවා.
(*2) ඒ කියන්නේ attention.
(*3) form missing.
(*4) attention.