Date: 13/03/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

06/03/2026 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද පළවන කාරණය නැවතත් විමසා බැලුවා. එනම් ආර්ය වූ විමුක්තිය තුළ බොජ්ඣඞ්ගයෝ සහ ඉද්ධිපාදයෝ ඇති බව වැටහේ. කෙසේ ද? යම් ඵල චිත්තයක් නංවන්නේ එහි පටිච්චසමුප්පන්න අවබෝධය මනා කොට ඇතුල් වී ඇති අතර, ඉද්ධිපාදයන් මගින් දස කුසලය සහ අනෙකුත් දහම් මගින් අරි අට මඟ නොනැසී පැවැත්වීමට උදව් උපකාර වන බැවිණි. මෙහි විමංසා ඉද්ධිපාදය පදුට්ඨමනසඞ්කප්පයේ ආස්වාදය ඉවත් කිරීම නිසා සියුම් වූ ධාරාවක්වත් නොවන අයුරින් වග බලා ගැනීම විශේෂිත ය. සියුම් වූ ධාරාවක්වත් පවතින්නේ නම් බොජ්ඣඞ්ග භාවිතා කරන අවස්ථාවේ සඳහන් කළ අභ්‍යන්තර නොගැලපීම ඉවත් කළත් එසේ සිටිමි යැයි සිතන්නේ නම් සංස්කාර තුනී වුව ද ධාරාව සංසිඳීම මෙන් පෙනුන ද තවමත් ඇදී යන ගතියක් පෙනේ යන්න වැටහේ. මෙහි ඇදී යන ගතිය උපෙක්ඛා සහගත වූ විහිංසා ධාතු නිසා ය.

විහිංසා ධාතු යන්න තවදුරටත් විමසා බැලුවා. මෙහි දී 12/11/2020 නිබ්බාන භාවනාවේ දී භාවිතා කළ අවිතක්ක අවිචාර සටහන යොදා ගන්න.

s_AvitakkaAvicara.jpg

එහි විහිංසා සඤ්ඤා යන්න ජීවිත ඉන්ද්‍රියේ සිට ඉදංසච්චයටත් ඉන් අනතුරුව ඉදංසච්චයේ සිට පරිදේව දක්වාත් ලකුණු කර ඇත. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සෝණ වග්ගයේ නිස්සාරණීය සූත්‍රය, නිස්සාරණීය ධාතු (නික්මීමේ- වෙන්වීමේ ධර්ම) පස් දෙනෙකි, යනුවෙන් පෙන්වනු ලබයි.

මහණෙනි, මේ සස්නෙහි කාමයන් මෙනෙහි කරන මහණහුගේ සිත කාමයන්හි නොබැස ගන්නේ ය (න පක්ඛන්දති), නොපහදනේ ය (න පසීදති), නොසිටුනේ ය (න සංතිට්ඨති), අධිමුක්ත නොවන්නේ ය (නිශ්චයට බැස ගත්තා යන්න නොවේ). නෛෂ්ක්‍රම්‍යය මෙනෙහි කරන ඔහුගේ සිත එහි බැස ගන්නේ ය, පහදනේ ය, සිටුනේ ය. පක්ඛන්දති, පසීදති, සංතිට්ඨති කියන පාලි වචන. අධිමුක්ත වන්නේ ය (well liberated). ඔහුගේ ඒ සිත මොනොවට කාමයන්හි වෙන් වී ගියේ (සුගතං -well departed), සුභාවිත වුයේ (well developed), කාමයන්ගෙන් මොනවට නැගී සිටියේ (well emerged) - සුවුට‍්ඨිතං, කාමයන්ගෙන් මොනවට මිදුණේ, කාමයන් කෙරෙහි මොනවට විසංයුක්ත වූයේ වෙයි - සුවිසංයුත්තං (well detached). කාමයන් හේතු කොට ගෙන දුක් වූ පරිදාහ ඇති යම් ආශ්‍රව කෙනෙකු උපදනාහ නම්, හේ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හේ ඒ කාම වේදනා නොවිඳුනේ ය. මේ කාමයන්ගේ නිස්සරණ යැයි කියන ලද.

මෙසේ වන්නේ නම් ජරා වේදනා අසම්පජාන රේඛාවේ දක්වන කාම සඤ්ඤාවෙහි නොපිහිටයි. මෙසේ ම එම සූත්‍රයේ සඳහන් පරිදි අව්‍යාපාද වන්නේ නම් පරාමාස ජීවිත ඉන්ද්‍රිය අතර ලකුණු කළ ව්‍යාපාද සඤ්ඤාව ඉවතලීමත්, අවිහිංසා වන්නේ නම් ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්චය අතර ලකුණු කළ විහිංසා සඤ්ඤාව ඉවතලීමත් සිදු කෙරේ. ඉන් අනතුරුව අරූපාරම්මණය මෙනෙහි කරන ඔහුගේ සිත අරූප ධ්‍යානයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. රූපයන්ගෙන් මොනවට විසංයුක්ත වේ. මෙසේ පැවසීම සඳහා හත් වෙනි ධ්‍යාන ඉවත් කිරීම ප්‍රමාණවත් යැයි බුදුපියා පැවසුවා. මේ අයුරින් ඉදංසච්ච පරිදේව අතර ලකුණු කරන විහිංසා සඤ්ඤාව ඉවත් කරනු ලබයි.

මෙම අවස්ථාවේ දී 06/03/2026 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද දෙවන කාරණය විමසන්න. ගෙය අතහැර ගෙය ඉවතලා සිටින නමුදු, තණ්හාව ඉවතලා ඇති නමුදු, එනම් තණ්හාව පරිදේව වූ නමුදු, අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වේ නම්, පරිදේව සිට පරාමාසය දක්වා යන්නේ පරාමාසය ඇවිස්සේ. එසේ වන්නේ නම් line 7 හරහා මෝහය ඇවිස්සීම විය හැකි ය. දී ඇති සටහන බලන්න

MM_13_03_2026.jpg

මෙසේ පරාමාසය ඇවිස්සීම සහ මෝහය ඇවිස්සීම නතර කිරීම සඳහා නිස්සාරණීය සූත්‍රයේ සක්කාය කොටස යොදා ගන්න. එනම්, මහණෙනි සක්කාය මෙනෙහි කරන භික්ෂුහුගේ සිත සක්කායෙහි නොබස්නේ ය. නොපහදනේ ය. නොසිටුනේ ය. අධිමුක්ත නොවන්නේ ය. සක්කාය නිරෝධය මෙනෙහි කරන ඔහුගේ සිත සක්කාය නිරෝධයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ ඒ සිත මොනවට සක්කාය නිරෝධයට ගියේ සුභාවිත වූයේ මොනොවට නැඟී සිටියේ සුවිමුක්ත වූයේ සක්කායෙන් මොනවට විසංයුක්ත වෙයි. සක්කාය ප්‍රත්‍යයයෙන් දුක් පරිදාහාකාර යම් ආශ්‍රව කෙනෙකු උපදනාහ නම්, හෙතෙම ඔවුන් කෙරෙන් මිදුනේ වේ. හේ ඒ වේදනාව නොවිඳුනේ ය. සක්කායයාගේ නිස්සරණ යැයි කියන ලද.

ඔහුගේ කාම නන්දිය අනුසය නොකෙරෙයි. ව්‍යාපාද නන්දිය ද අනුසය නොකෙරෙයි. විහිංසා නන්දිය ද අනුසය නොකෙරෙයි. රූප නන්දිය ද අනුසය නොකෙරෙයි. සක්කාය නන්දිය ද අනුසය නොකෙරෙයි. කාම නන්දිය අනුසය නොකිරීමෙන් ව්‍යාපාද නන්දිය අනුසය නොකිරීමෙන් විහිංසා නන්දිය අනුසය නොකිරීමෙන් රූප නන්දිය අනුසය නොකිරීමෙන් සක්කාය නන්දිය ද අනුසය නොකිරීමෙන් මේ මහණ අනුසය නැතියේ තෘෂ්ණාව මුලුසුන් කළේ යැයි ද සංයෝජන මුලින් උදුරා ලූයේ යැයි ද මැනවින් මානයාගේ ප්‍රහාණාභිසමයෙන් දුක් කෙළවර කෙළේ යැයි ද කියනු ලැබේ. මෙසේ ආර්ය වූ විමුක්තිය වටහා ගත යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. 06/03/2026 නිබ්බාන භාවනාවේ කරුණු සිහි කර මෙම භාවනාව කළ යුතු අතර මෙම භාවනාව කරන්නේ මනස ඉතා ම ශාන්ත වී ඉතා ම පිරිසිදු වන්නේ ය.

2. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ “ස්වාමීනී ආර්ය වූ විමෝක්ෂය කවරේ ද?” යන්න සිහි විය. ආනන්දය, මේ සාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙම මෙසේ කල්පනා කරයි. මෙලොව වු යම් කාමයෝත් වෙත් ද, පරලොව වූ යම් කාමයෝත් වෙත් ද, මෙලොව වූ යම් කාම සඤ්ඤාවෝත් වෙත් ද, පරලොව වූ යම් කාම සඤ්ඤාවෝත් වෙත් ද, මෙලොව වූ යම් රූපයෝත් වෙත් ද, පරලොව වූ යම් රූපයෝත් වෙත් ද, මෙලොව වූ යම් රූප සඤ්ඤාවෝත් වෙත් ද, පරලොව වූ යම් රූප සඤ්ඤාවෝත් වෙත් ද, යම් කම්පා නොවන ධ්‍යාන සඤ්ඤාවෝත් වෙත් ද, යම් ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤාවෝත් වෙත් ද, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සඤ්ඤාවෝත් වෙත් ද, මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙත් දැඩි සේ අල්ලා ගැනීමක් නැතිව චිත්තයාගේ යම් මිදීමක් වේ ද, එය අමෘතය නම් වේ.

3. කාමයන් මෙනෙහි කර නෛෂ්ක්‍රම්‍යය මෙනෙහි කරන විට සිත විශාල වීම අප්‍රමාණ විය. මෙහි දී බුදුපියා අවවාද කළේ ය.

4. පෙර භාවනාවන් මගින් සක්කාය සෑදෙන අයුරු විමසා ඇත. උදාහරණ වශයෙන් 13/05/2022 නිබ්බාන භාවනාවේ දී අත්තා 1 සහ 2 එකතු වීම නිසා, මාන වී මිච්ඡා දිට්ඨිය ඇති වේ. එකතු වී පවතී යැයි සිතයි. ඉන් අනතුරුව මගේ යැයි ගනී. එසේ ඇති වන අත්තා මගින් මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය යන්න වටහා ගත යුතු ය, යනුවෙන් ඉගෙන ගත්තා. එසේ නම් 20/02/2026 නිබ්බාන භාවනාවේ දී දුන් සටහන විමසන්න.

MM_20_02_2026.jpg

නිර්වාණයෙන් පිටත යමක් ගැනීමෙන් අත්තා 1 සහ 2 සෑදෙන බවත් ද්වේෂ සල්ලයෙන් කැරකීම වන බවත් වටහාගෙන නිර්වාණයෙන් පිටත යමක් නොගැනීමට තරම් චතුරාර්ය සත්‍යයෙන් පෝෂණය විය යුතු ය. එසේ වන්නේ නම් පරාමාසය හිස් වන්නේ සියලු සක්කාය ධර්මයන් ඉවත් වේ. මෙසේ සක්කාය නැතිවීම වටහා ගත යුතු ය. එය එසේ ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 28/03/2026