ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
13/03/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ සඳහන් සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං සුවිසංයුත්තං යන ධර්මයන් හොඳින් විමසීම කළා.
නෛෂ්ක්‍රම්‍යයේ දී සඳහන් කළ, කරුණු පහ සිහි කළා.
1. කාමයන්හි වෙන් වී ගියේ (සුගතං, well departed) - ගෙය අත්හැර පිට වී යෑම මෙන් සිතන්න. එනම් කාමයන්ගෙන් වෙන් වීම නෙක්ඛම්මය ලෙස සිතන්න.
2. සුභාවිත වූයේ (well developed) නෙක්ඛම්මය ඇත්තේ, එහි සමාධිය නැති නම් ආපසු ගෙට පැමිණීම විය හැකි ය. සමාධිය ඇත්තේ ඉවත් වූ තැනින් ඉවත් වී සිටිය හැකි ය.
3. කාමයන්ගෙන් මොනවට නැගී සිටියේ (well emerged - සුවුට්ඨිතං) - ගෙට නැවත පැමිණීම දුක වශයෙන් වැටහිය යුතු ය. එනම් 06/06/2025 විමංසා ඉද්ධිපාද භාවනාවේ සඳහන් අයුරින් මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් දහම භාවිතා කර, සුඛ යන සඤ්ඤා විපල්ලාසය නොරැඳෙන තත්වයට මනස පත්ව තිබිය යුතු ම ය. දුක යන්න ඉස්මතු වීමක් විය යුතු ම ය.
4. කාමයන්ගෙන් මොනවට මිදුණේ (well liberated) - සුඛ යන සඤ්ඤාවේ අනිත්‍යභාවය මනා කොට එළඹ වී තිබිය යුතු ම ය.
5. කාමයන් කෙරෙන් මොනවට විසංයුක්ත වූයේ වෙයි (සුවිසංයුත්තං - well detached) කාමයන් කෙරෙහි තණ්හාව ඉවත් වීම මගින් මෙය සිදු වේ.
අව්‍යාපාදයේ දී සඳහන් කළ කරුණු පහ.
6. ව්‍යාපාදයන්හි වෙන් වී ගියේ (සුගතං) - ගිහි ගෙය නිසා යම් සුඛ වේදනාවක් ඇති ද එය අතහැර පිට වී යෑම මෙන් සිතන්න. මෙහි ජරා වන රූපය මෙත්තාව මගින් ඉක්මවීම යොදා ගන්න.
7. සුභාවිත වූයේ, නෙක්ඛම්මය ඇත්තේ, එහි සමාධිය නැති නම් ආපසු ගෙට පැමිණීම විය හැකි ය. සමාධිය නිසා ඇති වූ ප්‍රීතිය ඇත්තේ, ඉවත් වූ දෙයින් ඉවත් වී සිටිය හැකි ය. තථාගතයන් වහන්සේ ආහාර නොලැබෙන විට ප්‍රීතිය අනුභව කර ජීවත් වීම උදාහරණ කොට ගන්න.
8. ව්‍යාපාදයන්ගෙන් මොනවට නැගී සිටියේ (සුවුට්ඨිතං) - ගිහි ගෙය නිසා යම් සුඛ වේදනාවක් ඇති ද එයට නැවත පැමිණීම දුක වශයෙන් වැටහිය යුතු ය. එනම් 06/06/2025 විමංසා ඉද්ධිපාද භාවනාවේ සඳහන් අයුරින් මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් දහම භාවිතා කර සුඛ යන සඤ්ඤා විපල්ලාසය නොරැඳෙන තත්වයට මනස පත්ව තිබිය යුතු ම ය. දුක යන්න ඉස්මතු වීමක් විය යුතු ම ය.
9. ව්‍යාපාදයන්ගෙන් මොනවට මිදුණේ- සුඛ යන සඤ්ඤාවේ අනිත්‍යභාවය මනා කොට එළඹ වී තිබිය යුතු ම ය.(*1)
10. ව්‍යාපාදයන් කෙරෙන් මොනවට විසංයුක්ත වේ. ගිහි ගේ නිසා යම් සුඛ වේදනාවක් ඇති ද එය කෙරෙහි තණ්හාව ඉවත් වීම මගින් මෙය සිදු වේ.
අවිහිංසාවේ දී සඳහන් කළ කරුණු පහ.
11. විහිංසාවෙන් වෙන් වී ගියේ (සුගතං) - ධ්‍යාන නිසා යම් සුඛ වේදනාවක් ඇති ද එය අතහැර පිට වී යෑම මෙන් සිතන්න. මෙහි ධ්‍යාන නිසා යම් සුඛ වේදනාවක් වේ ද එය විරිය මගින් ඉක්මවීම යොදා ගන්න.
12. සුභාවිත වූයේ යම් සුඛ වේදනාවක් ගිහි ගෙය නිසා හෝ ධ්‍යාන නිසා හෝ ඇති වන්නේ ද, නෙක්ඛම්මය ඇත්තේ වේදනා ඉක්මවා පැමිණ සමාධිය නැති නම් ආපසු ගෙට පැමිණීම හෝ පහළ ධ්‍යාන තලවලට පැමිණීම විය හැකි ය. හත් වන ධ්‍යාන නිසා ඇති වූ උපෙක්ඛාව ඇත්තේ ඉවත් වූ දෙයින් ඉවත් වී සිටිය හැකි ය.
13. විහිංසාවෙන් මොනවට නැගී සිටියේ (සුවුට්ඨිතං) - ගිහි ගෙය නිසා හෝ ධ්‍යාන නිසා හෝ යම් සුඛ වේදනාවක් ඇති ද එයට නැවත පැමිණීම දුක වශයෙන් වැටහිය යුතු ය. එනම් මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය සමඟ විමසන්නේ, සඤ්ඤාව දුක වශයෙන් දකින්නේ සඤ්ඤාව දෙපැත්තට නොයයි. රූප පැත්තට හෝ චේතනා පැත්තට නොයයි. මෙය දකින්නේ විඤ්ඤාණ ධාරාව slow වන්නේ ය. මෙවිට තුන් වෙනි පැත්තට නොයයි. එනම් වේදනා පැත්තට නොයයි. වේදනා හැඟීම් වලින් තොර වේ. මෙසේ මොනවට නැගී සිටියේ දුක්ඛ ආර්ය සත්‍ය ඉස්මතු වීමක් විය යුතු ම ය.
14. විහිංසාවෙන් මොනවට මිදුණේ - උපෙක්ඛා සඤ්ඤාවේ අනිත්‍යභාවය මනා කොට එළඹ වී තිබිය යුතු ම ය.
15. විහිංසාවෙන් මොනවට විසංයුක්ත වේ. ධ්‍යාන නිසා යම් සුඛ වේදනාවක් ඇති ද එය කෙරෙහි තණ්හාව ඉවත් වීම මගින් මෙය සිදු වේ.
අරූපාරම්මණයේ දී සඳහන් කළ කරුණු පහ.
16. රූපයන්ගෙන් වෙන් වී ගියේ (සුගතං) - මෙය රූප නිසා යම් පහසුවක් වේ ද යම් සුඛයක් වේ ද එය ඉක්මවා පැමිණීම මෙන් සිතන්න.
17. සුභාවිත වූයේ - අරුප ධ්‍යානයන්ගෙන් නොවැටී සිටීමට ඇති හැකියාව ලෙස යොදා විමසන්න. නැවත පෙර වූ වේදනා සොයා යෑම නවතින ප්‍රමාණයට මෙය දියුණු වී තිබිය යුතු ය.
18. රූපයන්ගෙන් මොනවට නැගී සිටියේ - මෙහි දී උපෙක්ඛා සහගත වූ විහිංසා ධාතු ඉවත් කිරීම විමසන්න. එහි දී ඇදී යන ගතිය ඉවත් වේ. කුමක් නිසා ද? ඇදී යාමට තුඩු දෙන සුඛ වේදනා කෙරෙහි ඇති සඤ්ඤා මනසිකාරයෝ ඇති ද එය හත් වන ධ්‍යානය ඉවත් කිරීම සමඟ නැති වන නිසා ය.
19. රූපයන්ගෙන් මොනවට මිදුණේ - හත් වන ධ්‍යානයෙන් ඉවත් වීමේ ස්ථාවරභාවය මෙයින් අදහස් වේ. එය සඳහා සඤ්ඤාවේ අනිත්‍යභාවය මනා කොට එළඹ වී තිබිය යුතු ම ය.
20. රූපයන්ගෙන් මොනවට විසංයුක්ත වෙයි. හත් වන ධ්‍යාන නිසා යම් බැස ගැනීමක් ඇති ද එය කෙරෙහි තණ්හාව ඉවත් වීම මගින් මෙය සිදු වේ.
සක්කාය නිරෝධයේ දී සඳහන් කළ කරුණු පහ.
21. සක්කායෙන් වෙන් වී ගියේ (සුගතං) - මෙය පස් වැදෑරුම් වූ සක්කාය ඉක්මවා පැමිණීම මෙන් සිතන්න. එය රූප නිසා හෝ වේදනා නිසා හෝ සඤ්ඤා නිසා හෝ සංස්කාර නිසා හෝ විඤ්ඤාණ නිසා හෝ සක්කායක් නොමැති බව.
22. සුභාවිත වූයේ - මෙය රූපය නිසා හෝ වේදනා නිසා හෝ සඤ්ඤා නිසා හෝ සංස්කාර නිසා හෝ විඤ්ඤාණ නිසා හෝ නැවත සක්කායක් බැස ගැනීමට තැනක් සෑදීමක් නොවන තරමට ඉවත් වීමෙන් ඇති වූ සමාධිය දියුණු වී තිබිය යුතු ය.
23. සක්කායෙන් මොනවට නැඟීසිටියේ (සුවුට්ඨිතං) - පෙර යම් වරදවා ගැනීමක් සක්කාය නිසා ඇති වී තිබුණේ ද, එයින් නැගී සිටීම අදහස් වේ. උදාහරණ වශයෙන් එක කාමරයක වාසය කළ අයකු එය ඉවත් කර වෙන කාමරයක වාසයට යත් ද, එම කාමරයේ වාසය ඉවත් කර වෙන කාමරයකට යත් ද, යනුවෙන් විමසන්න. අවසානයේ සියලු කාමර එහි අංග හතරකින් යුතුව ඉවත් වීම සිතන්න. මෙහි අංග හතර යනු රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. මෙසේ විසි වස්තුක සක්කායෙන් මොනවට නැගී සිටියේ යන්න වටහා ගත යුතු ය.
24. සක්කායෙන් මොනවට මිදුණේ - විසි වස්තුක සක්කායෙන් වෙන් වී ස්ථාවර භාවයක් වේ ද එයයි. ඒ සඳහා රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන්නෙහි අනිත්‍යභාවය මනා කොට එළඹ වී තිබිය යුතු ම ය.
25. සක්කායෙන් මොනවට විසංයුක්ත වූයේ වෙයි. සක්කාය කෙරෙහි තණ්හාව ඉවත් වීම මගින් මෙය සිදු වේ.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙහි කාමයන්හි වෙන්වීමේ කරුණු තුන - එනම් සුගතං, සුභාවිතං, සුවුට්ඨිතං යන තුන සිහි කරන විට අනාශ්‍රව වන නිසා භාවනාව කිරීම ඉතා අපහසු ය.
2. දෙවන කරුණේ දී සමාධිය මගින් රූපයෙන් ඉවත් වීම විමසන අතර, හත් වන කරුණේ දී සමාධිය මගින් ගෙය නිසා ඇති වූ වේදනා ඉක්මවීම අදහස් වේ. මෙය මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය සමඟ විමසන්නේ, උපෙක්ඛාවක් ඇති වන තුරු වේදනාවෙන් මනා කොට ඉවත් විය නොහැක. එය සඳහා චේතනා ඉවත් විය යුතු ය. එය 12 වන කාරණයේ දී සිදු වේ. 17 වන කාරණයේ දී ඉදංසච්චය නිසා වන බලපෑම ඉවත් වන ප්‍රමාණයට සමාධිය දියුණු වී තිබිය යුතු බව වැටහේ. 22 වන කාරණයේ දී මෝහය නිසා වන බලපෑම ඉවත් වන ප්‍රමාණයට සමාධිය දියුණු වී තිබිය යුතු ය. දී ඇති සටහන බලන්න.

3. 23 වෙනි කාරණයේ දී පරාමාසයෙන් ඉවත් වීම අදහස් වේ. මෙය 27/02/2026 අමෘතය භාවනාවේ කරුණු සමඟ විමසන්නේ, මෝහයේ යම් සුඛයක් තැන්පතුව ඇති ද එය line 6 හරහා පරිදේව කරා පැමිණීමට ඉඩ නොදෙමි යැයි සිතෙන්නේ පරිදේවය ලකුණු කරන තැන star එකක් මතු විය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 28/03/2026
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) එතකොට මේ එළඹ වී තිබිය යුතු ම ය. කියලා කියන්නේ persistence of impermanence.