Date: 27/03/2026 Name: අමෘතය

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

20/03/2026 අමෘතය භාවනාව නැවතත් කරගෙන ගියා. එහි එකතු කරන ලද දෙවන කරුණේ දී සමාධිය මගින් රූපයෙන් ඉවත් වීම විමසන අතර හත් වන කරුණේ දී සමාධිය මගින් ගෙය නිසා ඇති වූ වේදනා ඉක්මවීම අදහස් වේ. මෙය මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් ධර්මය සමඟ විමසන්නේ උපෙක්ඛාවක් ඇති වන තුරු වේදනාවෙන් මනා කොට ඉවත් විය නොහැක. එය සඳහා චේතනා ඉවත් විය යුතු ය. එය 12 වන කාරණයේ දී සිදු වේ. 17 වන කාරණයේ දී ඉදංසච්චය නිසා වන බලපෑම ඉවත් වන ප්‍රමාණයට සමාධිය දියුණු වී තිබිය යුතු බව වැටහේ. 22 වන කාරණයේ දී මෝහය නිසා වන බලපෑම ඉවත් වන ප්‍රමාණයට සමාධිය දියුණු වී තිබිය යුතු ය. දී ඇති සටහන බලන්න.

MM_27_03_2026.jpg

23 වන කාරණයේ දී පරාමාසයෙන් ඉවත් වීම අදහස් වේ. මෙය සඳහා විසි වස්තුක සක්කායෙන් මොනවට නැගී සිටියේ යන්න එනම් සුවුට්ඨිතං (well emerged) යන්න සිදු විය යුතු ය. මෙයට බලපාන කාරණයන් කුමක් ද යන්න විමසා බැලුවා. යම් සක්කායක් ඇති ද එහි බැස ගැනීමක් නොවීමට කුමක් ඉවතලිය යුතු ද? කුමක් අතහැරිය යුතු ද? අවිද්‍යාව බව කිව යුතු ය. එය කරපින්නාගෙන යෑමට ඇති කැමැත්ත අතහැරිය යුතු ය. 22 වන කාරණයේ දී මෝහය නිසා වන බලපෑම ඉවත් වන ප්‍රමාණයට සමාධිය දියුණු වී තිබිය යුතු ය. එය ප්‍රමාණවත් ද? යමෙක් යමක ආදීනව දැක ඉවත් වුවත්, එම ඉවත් වූ දෙයින් ඉවත් වීමට තුඩු දුන් බාධාව, එනම් යම් අඩුපාඩු ස්වභාවයක් අඩංගු වූයේ ද එම අඩුපාඩුව යම් ආකාරයකින් ඉවත් කළ හැකි යැයි යම් බැස ගැනීමක් චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසා පෙර සිට ම ඇති වී තිබුනේ ද එම බැස ගැනීම පහ කල යුතු ම ය. මේ සඳහා සම්මා විමුක්තිය අවශ්‍ය වේ. එය කෙසේ ද?

සම්මා විමුක්තිය තුළ සම්මා ඥානය නිසා ඇති වූ ගුණ ධර්මයෝ අඩංගු ය. ඒ මොනවා ද? සම්මා ඥානය ඇති වන්නේ සඤ්ඤා ඉවත් කිරීමෙන් බව අපි දනිමු. කුමන සඤ්ඤා ද? කාම සඤ්ඤා, රූප සඤ්ඤා, සුඛ සඤ්ඤා, විහිංසා සඤ්ඤා, අරූප සඤ්ඤා සියල්ල කෙරෙහි යම් ඇල්මක් ඇති ද එම දහමුන්ගේ පහ වීම සම්මා ඥානය තුළ අඩංගු ය. මෙසේ මෙම සියල්ලෙන් ඉවත් වුවත්, 24 වෙනි කාරණයේ දී ඉගෙන ගත් පරිදි, එනම් සක්කායෙන් මොනවට මිදුණේ- විසි වස්තුක සක්කායෙන් වෙන් වී ස්ථාවර භාවයක් ඇති වූයේ ද, ඒ සඳහා රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන්නෙහි අනිත්‍යභාවය මනා කොට එළඹ සිටියේ ද එහි පුනපුනා යෙදීමට ඇති හැකියාව නොගිලිහී පැවතිය යුතු ය. මෙසේ වන්නේ නම් පමණක් 25 වෙනි කාරණයේ දී සඳහන් කළ සක්කායෙන් මොනවට විසංයුක්ත වේ (සුවිසංයුත්තං - well detached) සක්කාය කෙරෙහි තණ්හාව ඉවත් වීම යන්න සිදු වේ. 25 කාරණය මගින් මෙතෙක් කල් සංසාරයේ ගිය මෝහය නැසේ.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. අනිත්‍යභාවය මනා කොට එළඹ සිටියේ ද, ඒ කියන්නෙ persistence of impermanence. එහි පුනපුනා යෙදීමට ඇති හැකියාව නොගිලිහී පැවතිය යුතු ය යන්න අසුරුසනක් ගසන වේගයට වඩා ඉක්මනින් අනිත්‍යභාවයට එළඹීමට හැකියාව තිබිය යුතු යැයි බුදුපියා පැවසුවා. මගඵල ලැබූ සම්මා ආජීවය ඇත්තෙකුට එය එසේ කළ හැකි බව බුදුපියා පැවසුවා.

2. යමෙක් යමක ආදීනව දැක ඉවත් වුවත්, එම ඉවත් වූ දෙයින් ඉවත් වීමට තුඩු දුන් බාධාව, එනම් යම් අඩුපාඩු ස්වභාවයක් අඩංගු වූයේ ද එම අඩුපාඩුව යම් ආකාරයකින් ඉවත් කළ හැකි යැයි යම් බැස ගැනීමක් චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසා පෙර සිට ම ඇති වී තිබුනේ ද එම බැස ගැනීම පහ කල යුතු ම ය යන්න සිහි කරන්නේ, මෙය රූප අඩුපාඩු දැක රූප ලෝකයේ ධ්‍යාන, එහි අඩුපාඩු දැක අරූප ධ්‍යාන, වේදනාවල අඩුපාඩු දැක අරූප ධ්‍යාන. මෙසේ විමසන්නේ විශාලත ම වූ නොගැලපීම පරාමාසය තුළ ඇති බව වැටහේ. එය එසේ ය. මෙය ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේ දී ද භාවිතා කළ හැකි ය. භාවනාව කිරීමෙන් පසු එම හැකියාව ඇති වන්නේ යමක් තමාට දී නැති ද එම දී නැති දේ සෙවීම නිතැනින් වැළැකේ.

3. ඉදංසච්චය තුළ ඇත්තේ සුභ + නිත්‍ය මගින් ඇති වූ සුඛ යන මුසාව සත්‍යයක් යැයි පිළිගැනීම ය. එම වේදනා සොයා නොයෑම, 17 වෙනි කරුණේ දී සඳහන්, නැවත පෙර වූ වේදනා සොයා යෑම නවතින ප්‍රමාණයට අරූප ධ්‍යානයන් දියුණු වී තිබිය යුතු ය යන්න ඉදංසච්ච පරිදේව රේඛාවේ ලකුණු කර ගැනීමෙන් හොඳින් වැටහේ. තව ද “අවිජ්ජා හයං මහාමොහො, යෙ නිදං සංසිතං චිරං” ගාථාවෙන් දැක්වෙන අර්ථය හොඳින් මතු වී පෙනීමක් 22 වෙනි කරුණේ දී සඳහන්, නැවත සක්කායක් බැස ගැනීමට තැනක් සෑදීම නොවන තරමට ඉවත් වීමෙන් ඇති වූ සමාධිය දියුණු වී තිබිය යුතු ය යන්න මෝහ පරිදේව රේඛාවේ ලකුණු කර ගැනීමෙන් සිදු වේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 11/04/2026