ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
27/03/2026 අමෘතය භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දෙන ලද සටහනට මනස යොමු වන්නේ 12 වන ධර්ම කාරණාවේ සඳහන් කළ හත් වන ධ්‍යාන නිසා ඇති වූ උපෙක්ඛාව ඇත්තේ ඉවත් වූ දෙයින් ඉවත් වී සිටිය හැකි ය යන්න චේතනා සහ ඉදංසච්චය අතර ලකුණු කරගත හැකි ය. එසේ ම 17 වන ධර්ම කාරණාවේ සඳහන් කළ අරූප ධ්‍යානයන්ගෙන් නොවැටී සිටීමට ඇති හැකියාව ලෙස යොදා ගැනීම නැවත පෙර වූ වේදනා සොයා යෑම නවතින ප්‍රමාණයට මෙය දියුණු වී තිබිය යුතු ය යන්න හත් වන ධ්‍යානයේ එළඹ සිටීම (persistence) ලෙස ඉදංසච්චය සහ පරිදේව අතර ලකුණු කරගත හැකි ය. දී ඇති සටහන බලන්න.

18 ධර්ම කාරණාවේ දී හත් වන ධ්‍යානය ඉවත් කිරීම විය. මෙහි දී අට වන ධ්‍යාන විය හැකි අතර එහි සඤ්ඤා ඇති නැති බවක් ඇත. මෙම සඤ්ඤා ඇති නැති අවස්ථාවන් වෙනම විමසා බලමු.
1. සඤ්ඤා ඇති විට “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා” යන ගාථා අර්ථයෙන් සඤ්ඤා උපරෝධනා යන්න නොවන්නේ දුක්ඛය මතු නොවීම විය හැකි ය. එසේ වන්නේ නැවත සක්කායක් බැස ගැනීමට තැනක් සෑදීමකට තුඩු දීම විය හැකි ය. මෙම අවිද්‍යාව ඉවත් කිරීම 23 වන ධර්මතාවයේ දී සිදු වන බව වැටහේ.
2. සඤ්ඤා නැති අවස්ථාවේ දී නිරෝධය ඇති වීම විය හැකි ය. ඉන් ඉක්මවීමක් යම් කලෙක ඇති වන්නේ ද, එහි බැස ගැනීමක් ඇති විය හැකි ය. මෙය දුක්ඛ නිරෝධය යැයි වරදවා ගැනීමක් විය හැකි ය. එය ඉවත් කිරීම 24 වන ධර්මතාවයේ දී සිදු වන බව වැටහේ. මෙය වටහා ගැනීම කෙසේ ද? යමෙක් අනත්තා යැයි ගන්නේ හත් වන ධ්‍යාන වන්නේ එහි ඇලීමක් වන්නේ යම් සේ ද එසේ ම අනිත්‍ය යැයි ගන්නේ නිරෝධය ඇති වන්නේ ඉන් ඉක්මවීමක් යම් කලක ඇති වන්නේ ද එහි ඇලීමක් විය හැකි ය. “න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී” ගාථා අර්ථය මෙහි යෙදේ.
“න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤසඤ්ඤී,
නොපි අසඤ්ඤ සඤ්ඤී න විභූතසඤ්ඤී.
එවං සමෙතස්ස විභොති රූපං,
සඤ්ඤා නිදානා හි පපඤ්‌චසඞ්‌ඛා.”
ප්‍රකෘති සඤ්ඤාවෙන් සඤ්ඤා ඇත්තේ නොවේ. විකෘති සඤ්ඤාවෙන් විසඤ්ඤ වූයේ නොවේ. සඤ්ඤා විරහිත වූයේ ද නොවේ. ඉක්ම වූ සඤ්ඤා ඇත්තේ ද නොවේ. මෙසේ පිළිපන් ඔහුට රූපය නොවේ. තෘෂ්ණාධි පපඤ්චයෝ සඤ්ඤා නිධාන කොට ඇත්තාහු ම වෙත් ද එහෙයිනි.
සම්මා විමුක්තිය ඇත්තේ විසි වස්තුක සක්කායෙන් වෙන් වී ස්ථාවරභාවයක් ඇති වූයේ ද, එය සඳහා රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන්නෙහි අනිත්‍යභාවය මනා කොට එළඹ සිටියේ ද, එහි පුනපුනා යෙදීමට ඇති හැකියාව නොගිලිහී පවතින්නේ නම් සක්කායෙන් මොනවට විසංයුක්ත වූයේ වෙයි, මෝහය නසයි.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ පෙර වූ සඤ්ඤා මතුවන්නේ නම් මහා විනාශයක් ලෙස වැටහිණ. කුමක් නිසා ද? දුක්ඛය මතු නොවීම නිසා ය.
2. නැවත සක්කායක් බැස ගැනීමට තැනක් සෑදීමක් නොවන තරමට ඉවත් වීමෙන් ඇති වූ සමාධිය දියුණු වී තිබිය යුතු ය යන්න මෝහයේ සිට පරිදේවය දක්වා ලකුණු කර ඇත. මෙය සඳහා සම්මා විමුක්තිය අවශ්‍ය වේ යැයි වැටහුණා. එය දැන් පවතින ධර්ම කෙරෙහි ඇති වන සම්මා විමුක්තිය වේ.
3. සඤ්ඤා ඇති විට දුක්ඛය මතු නොවීම විය හැකි ය යන්න පරිදේව පරාමාස අතර ලකුණු කර ඇත්තේ මෙම අවිද්‍යාව ඉවත් කිරීම 23 වන ධර්මතාවයේ දී සිදු වන අතර එහි සියලු කාමර එහි අංග හතරකින් යුතුව ඉවත් වීම ලෙස විමසන්නේ එය සඳහා සම්මා විමුක්තිය අවශ්‍ය වන අතර එය පෙර ධර්මයන් කෙරෙහි සම්මා විමුක්තිය ලෙස වැටහිණ.
4. දුක්ඛ නිරෝධය යැයි වරදවා ගැනීමක් විය හැකි ය යන්න පරාමාසයට උඩින් ලකුණු කර ඇත. මෙය ඉවත් කිරීම සඳහා සම්මා විමුක්තියේ එළඹ සිටීම (persistence of sammāvimutti) අවශ්‍ය වේ යැයි වැටහුණා.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 11/04/2026