ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
03/04/2026 අමෘතය භාවනාව නැවතත් කරගෙන ගියා. එහි එකතු කරන ලද තුන් වන කාරණය නැවතත් මෙනෙහි කළා. එනම් සඤ්ඤා ඇති විට දුක්ඛය මතු නොවීම විය හැකි ය යන්න පරිදේව පරාමාස අතර ලකුණු කර ඇත්තේ, මෙම අවිද්‍යාව ඉවත් කිරීම 23 වන ධර්මතාවයේ දී සිදු වන අතර එය සියලු කාමර එහි අංග හතරකින් යුතුව ඉවත් වීම ලෙස විමසන්නේ එය සඳහා පෙර ධර්මයන් කෙරෙහි සම්මා විමුක්තිය අවශ්‍ය බව වැටහිණ. මෙසේ පෙර ධර්මයන් මතු වීම සෝකය 2 පථය හරහා සිදු වන බව පැහැදිලි ය. සෝකය 2 සටහන විමසා බලමු.

එහි දිට්ඨි ආශ්‍රවය දක්වා ධාරාව පැමිණීම විමසන්න. එහි හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වන මානසික තත්වය නිසා වූ නිත්‍යභාවය පසු සඤ්ඤාවක් ලෙස තැන්පත් වී ඇත. එය පෙර අට වන ධ්‍යාන නිසා හෝ නිරෝධයට යෑම නිසා හෝ ඇති වූ මානසික තත්වය නැවත සිහිපත් වීමක්, මතු වීමක් මෙනි ය. මෙය නිසා සෝකය 2 පථය ක්‍රියාත්මක වීම මනා කොට සිදු වේ. කාම ආශ්‍රවය කරා ගමන් කිරීම මෙහි දී පෙර ධර්මයන් නිසා අධිකව සිදු වුව ද එය දැන් ධර්මතාවයන් නිසා සිදු වන්නේ ද යන්න සොයා ගැනීමට නොහැකි තරමට සඤ්ඤා අගයෝ තුනී වී ඇත. එපමණට පෙර ධර්මයන් විද්‍යාමාන ය, ඒ නිසා ය. මෙහි දී රාග සල්ලය ඇති අතර එය කුමක් නිසා ද යන්න නොවැටහේ. නමුත් එහි ජීවත් වීමට කැමැත්ත පෙර ධර්මයන් නිසා මතු වී ඇත. මෙසේ සුඹුල මෙන් වූ රූප සොයා නොදැනුවත්ව ම ඇදී යයි. එහි ම ගැලී සිටී.
කුමන දහමක් එසේ පැවැත්වීම මගින් මෙයින් ගැලවීම කළ හැකි ද? සම්මා විමුක්තිය අවශ්‍ය ය. එනමුදු එහි එළැඹ සිටීම හරියාකාර කර ගැනීම කළ යුතු ය. මෙය සඳහා “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො” යන්න හොඳින් පැවැතිය යුතු ය. එපමණට චතුරාර්ය සත්‍යය වැටහී තිබිය යුතුම ය. උදාහරණ වශයෙන් රැකියාවෙන් ඉවත් වූ පසු රැකියා කරන ලද කාලය දුක යැයි වැටහෙන්නේ ද එමෙන් ම සම්මා විමුක්තිය මගින් දුකෙන් නිදහස් වූයේ, සම්මා විමුක්තියෙන් තොර වූ කාලය දුක යැයි වැටහිය යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වන මානසික තත්වය නිසා වූ නිත්‍යභාවය පසු සඤ්ඤාවක් ලෙස දිට්ඨි ආශ්‍රවයෙහි තැන්පත් වී ඇත. එය පෙර අට වන ධ්‍යාන නිසා හෝ නිරෝධයට යෑම නිසා හෝ ඇති වූ මානසික තත්වය නැවත සිහිපත් වීමක්, මතු වීමක් මෙනි ය යන්න තවදුරටත් සිහි කරන්නේ, එය මනසිකාරය යන චෛතසිකය නිසා සිදු වන බව වැටහේ. මෙහි දී දුක්ඛය යන ධර්මතාවය කෙරෙහි අවධානය නැති අතර එහි සතිය ගිලිහී ගොස් ඇති බැවින් අසිහියට පත් වූ අයෙකු වැනි ය. මෙහි අපර චේතනා ක්‍රියාත්මක වේ. 05/08/2022 නිබ්බාන භාවනාවේ ඉගෙන ගත් පරිදි, අපර චේතනාව සංස්කාර හා සම්බන්ධ ය, මෙහි ලාභය සොයයි. මෙසේ නාම කොටසෙහි මනසිකාරය සහ චේතනාව යන දෙයාකාර දහමුන් ක්‍රියාත්මක වන්නේ නම් නිර්වාණය නොවේ යැයි වැටහුණා. නිර්වාණයෙන් තොර වූ මනසිකාරය ඉතා භයානක බව වැටහේ. මෙම අවබෝධය ප්‍රායෝගිකව ඇවිදින විට පවා භාවිතා කළ හැකි ය. සිත ඉන් අනතුරුව අරමුණු සමග නො දිවයි.
2. ඉහත මනසිකාරය යන චෛතසිකය අපර චේතනාව හා සම්බන්ධව අට වන ධ්‍යානයට හෝ නිරෝධයට ගෙන යෑම වන්නේ යැයි සිහි කරන්නේ ඔළුවෙහි පිටි පස කොටසේ ඇති වන විශාලත්වය අප්‍රමාණ බව වැටහිණ. මෙසේ වන්නේ චෛතසික දෙකකින් පමණක් සමන්නාගතව නාම කොටස ක්‍රියාත්මක වන නිසා ය. මනසිකාරය විසින් ආශ්‍රිත චෛතසිකයන් වස්තුව දෙසට මෙහෙයවනු ලැබේ. මෙම අවස්ථාවේ දී ආශ්‍රිත චෛතසිකයන් වන්නේ චේතනාවයි.
3. මෙහි දී රාග සල්ලය ඇති අතර එය කුමක් නිසා ද යන්න නොවැටහේ. නමුත් එහි ජීවත් වීමට කැමැත්ත පෙර ධර්මයන් නිසා මතු වී ඇත යන්න තවදුරටත් විමසා බැලූවා. සෝකය 2 පථයේ ඉතුරු කොටස, එනම් ජාති වේදනා සිට සෝක දක්වා විමසන්නේ, මෙහි දී අපර චේතනාවලින් මෙම ක්‍රියාවලිය සිදු වන බැවින් ලාභය සොයයි යන්න සමග එකතු වන්නේ අට වන ධ්‍යානය නොගන්නේ නම් සෝක කරන්න වන්නේ යැයි විඤ්ඤාණ ධාරාව තුළ අදහසක් ඇති බව මෙම අවස්ථාවේ දී හොඳින් වැටහේ. මෙයට ඉඩ දෙන්නේ නම් එහි උපත ඇති වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 25/04/2026