Date: 17/04/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

10/04/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි එකතු කරන ලද පළවන කාරණය නැවතත් මෙනෙහි කළා. එනම් හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වන මානසික තත්වය නිසා වූ නිත්‍යභාවය පසු සඤ්ඤාවක් ලෙස දිට්ඨි ආශ්‍රවයෙහි තැන්පත් වී ඇත. එය පෙර අට වන ධ්‍යාන නිසා හෝ නිරෝධයට යෑම නිසා හෝ ඇති වූ මානසික තත්වය නැවත සිහිපත් වීමක්, මතු වීමක් මෙනි ය යන්න තවදුරටත් සිහි කරන්නේ, එය මනසිකාරය යන චෛතසිකය නිසා සිදු වන බව වැටහේ. මෙහි දී දුක්ඛය යන ධර්මතාවය කෙරෙහි අවධානය නැති අතර එහි සතිය ගිලිහී ගොස් ඇති බැවින් අසිහියට පත් වූ අයෙකු වැනි ය. මනසිකාරය සහ චේතනාව යන දෙයාකාර දහමුන් ක්‍රියාත්මක වන්නේ නම් නිර්වාණය නොවේ යැයි වැටහුණා.

අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ කිංමූලක සූත්‍රයේ සඳහන් ධර්ම කරුණු සිහි විය. ඇවැත්නි,

හැම දහම්හු ඡන්දය මුල් කොට ඇත්තාහ (All things are rooted in desire),

හැම දහම්හු මනසිකාරය ප්‍රභවකොට ඇත්තාහ (මනසිකාරසම්භවා සබ්බේ ධම්මා. They come in to being through attention),

හැම දහම්හු ස්පර්ශය සමුදය කොට ඇත්තාහ,

හැම දහම්හු වේදනාව වැදගැනුම් කොට ඇත්තාහ (වේදනා සමෝසරණා සබ්බේ ධම්මා) සමෝසරණා කියන්නෙ එක්තැන්වීම, රැස්වීම. (They converge upon feeling),

හැම දහම්හු සමාධිය ප්‍ර‍මුඛ කොට ඇත්තාහ (They are headed by concentration),

හැම දහම්හු සතිය ආධිපත්‍යය කොට ඇත්තාහ (Mindfulness exercises authority over them),

හැම දහම්හු ප්‍ර‍ඥාව උතුරු කොට ඇත්තාහ (Wisdom is their supervisor),

හැම දහම්හු විමුක්තිය සාරකොට ඇත්තාහ (Liberation is their core).

හැම දහම්හු මනසිකාරය ප්‍රභවකොට ඇත්තාහ. ප්‍රභවකොට යන්න උත්පත්තියක් ආරම්භයක් ලෙස පෙන්වයි. මෙහි ආරම්භය යන තේරුම වඩා සුදුසු බව බුදුපියා පැවසුවා. මනසිකාරය ප්‍රභවකොට දහමුන් ඇති වන්නේ, එය චේතනාව සමග එකතු වන්නේ plan ඇති වේ. එය ආරම්භ වශයෙන් දක්වයි. මෙසේ චේතනාවත් මනසිකාරයත් එකිනෙකා වෙන් කර හඳුනා ගැනීමට අපහසු වන තරමට එක් වී ඇත. එය එසේ ය.

27/08/2021 නිබ්බාන භාවනාවේ දී ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාවක් සාකච්ඡා කළා.

“යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආරම්භ පච්චයා.

ආරම්භානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවොති.”

යම්කිසි දුක්ඛයක් උපදනේ නම්, ඒ හැම දුක් ආරම්භ ප්‍රත්‍යයෙන් වේ. ආරම්භ ප්‍රත්‍යයන්ගේ ම නිරෝධයෙන් ඒ දුක්ඛයාගේ සම්භවයෙක් නැති. අභිනිවේස සටහනේ ආරම්භ plan ලකුණු කර ඇත.

s_abhinivesa1.jpg

එමගින් අත්තවාද උපාදානය ඇති වේ. 18/04/2025 අත්තවාද උපාදාන භාවනාවේ දී ඉපදීමටත් මරණයටත් දෙකට ම අත්තවාද උපාදානය බව සාකච්ඡා කළා. එහි සටහන යොදා ගන්න.

MM_18_04_2025.jpg

එහි ඉපදීම දක්වන රතු පාටින් ලකුණු කර ඇති ප්‍රදේශය සිහි කරන්නේ, තපස්සී බුදුපියාගේ දහම මගින් විඤ්ඤාණ සෑදීම වන්නේ, අත්තවාද උපාදානය හරහා මෝහ වී සුඛ යැයි බැස ගනී. මෙසේ ඉපදීම සඳහා පදනම සකස් කරගත් නිසා අත්තවාද උපාදානය නිසා ඉපදීම සිදු වන බව වැටහේ යනුවෙන් ඉගෙන ගෙන ඇත. හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වන මානසික තත්වය නිසා වූ වන දහමුන් සිහි කරන්නේ මෙහි දී අත්තා යන්න පෙර අත්තා බව වැටහේ. මෙසේ පෙර අත්තා නිසා වන අත්තවාද උපාදානය මගින් ඇති වන ඉපදීම ඉවත් කළ යුතු අතර එය සඳහා සම්මා විමුක්තියේ එළඹ සිටීම හරියාකාර කර ගැනීම කළ යුතු ය. මෙය සඳහා “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො” යන්න හොඳින් පැවතිය යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ මුල සිට ම ඵල චිත්තය නැංවී පවතින අතර, තපස්සී බුදුපියාගේ දහම මගින් විඤ්ඤාණ සෑදීම වන්නේ, අත්තවාද උපාදානය හරහා මෝහ වී සුඛ යැයි බැස ගනී යන දහම සිහි කරන්නේ ඔළුවේ පිටුපස කොටසට අවධානය යොමු විය. මෙම මනසිකාරය සමග ඔළුවේ පිටුපස කොටසෙහි ඇති වන විශාලත්වය අප්‍රමාණ වී ශාන්ත සුවිමුක්ත චිත්තය ඇති විය. එය බොහෝ කාලයක් පවතින අතර, මනසිකාරය ඔළුවේ පිටුපස කොටසට යොමු කරන විට නැවත නැවත ශාන්ත සුවිමුක්ත චිත්තය ඇති වීම වන්නේ ය. මෙසේ අසුරුසනක් ගසන වේගයට වඩා ඉක්මනින් අනිත්‍යභාවයට එළඹීමට හැකියාව ඇති කර ගැනීම මෙම භාවනාව මගින් ඇති වන බව ඉතා පැහැදිලි ය.

2. මෙම භාවනාවේ පළවන ඡේදයේ සඳහන් පරිදි පෙර අට වන ධ්‍යාන නිසා හෝ නිරෝධයට යෑම නිසා හෝ ඇති වූ මානසික තත්වය නැවත සිහිපත් වීමක්, මතු වීමක් මනසිකාරය මගින් සිදු කරන්නේ, අට වන ධ්‍යාන තලයේ ඉපදීම වන්නාක් මෙන්, යමෙක් අනිත්‍යභාවය පෙර වඩා දියුණු කර ඇත්තේ, එයට මනසිකාරය යොමු කරන්නේ නම් ඉහත එකතු කරන ලද පළවන කාරණය මෙන් අනිත්‍යභාවයට එළඹීම සිදු වේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 25/04/2026