ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
27/06/2025 අස්මිති මාන භාවනාව සම්බන්ධයෙන් කෙනෙකු ඇසූ ප්‍රශ්නයක් තවදුරටත් විමසා බැලීම 10/04/2026 නිබ්බාන භාවනාවේ කරුණු සමග සිදු කළා.
27/06/2025 අස්මිති මාන භාවනාවේ b ධර්ම කොටසේ දී, බාහිර පුද්ගලයකුගෙන් අසා දැන ගැනීම නිසා හෝ තමා විසින් දැක ඇති නිසා හෝ ඇති වන්නා වූ අස්මිති ඡන්දය. මෙම අවස්ථාවේ දී තමාට ලබාගත හැකි යැයි යම් සිතීමක් ඇද්ද, එය පහ වීම 07/02/2025 නිබ්බාන භාවනාවට අනුව, area 2 වල ලකුණු කරන ලද දිරදිරා යන රූපය අත්තා කරගත්තේ නම්, අත්තා තුළ දුක අඩංගු ය. දිරදිරා යන රූපයට මාන වූයේ නම්, මානය තුළ ද දුක අඩංගු ය, ලෙස මෙනෙහි කළ යුතු ය. මෙහි දී පරිස්සම් විය යුතු අතර ඉහත අස්මිති ඡන්දය ඉවත් කරනවිට ආකිඤ්චඤ්ඤායතනය වැනි අරූප ධ්‍යාන තලයන්ගෙන් ඈත් වීම සිදු වූ ආකාරයට ජරාව නිසා අට වන ධ්‍යාන තලයෙන් ඉවත් වීම ද දැනේ. මෙසේ deep space ඇදී යාමක් වන්නේ ද එය ද තවත් සක්කායක් බව වැටහිය යුතු ය. එය කෙසේ ද? කිසිවක් නැති නමුදු යමක් ඇත යන සඤ්ඤාවෝ විඤ්ඤාණ ධාරාවෙන් ගිලිහී ගොස් නැත. ඒ නිසා ය.
මෙම deep space ඇදී යෑම සම්බන්ධව වන සියුම් ධර්මතාවය වටහා ගැනීමට දී ඇති සටහන බලන්න.

10/04/2026 නිබ්බාන භාවනාවේ දී, දිට්ඨි ආශ්‍රවය දක්වා ධාරාව පැමිණීම විමසා ඉන් අනතුරුව විමසූ කරුණු වෙත අවධානය යොමු කරන්න. එහි හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වන මානසික තත්වය නිසා වූ නිත්‍යභාවය පසු සඤ්ඤාවක් ලෙස තැන්පත් වී ඇත. එය පෙර අට වන ධ්‍යාන නිසා හෝ නිරෝධයට යෑම නිසා හෝ ඇති වූ මානසික තත්වය නැවත සිහිපත් වීමක්, මතු වීමක් මෙනි ය. මෙය නිසා සෝකය 2 පථය ක්‍රියාත්මක වීම මනා කොට සිදු වේ. කාම ආශ්‍රවය කරා ගමන් කිරීම මෙහි දී පෙර ධර්මයන් නිසා අධිකව සිදු වුව ද එය දැන් ධර්මතාවයන් නිසා සිදු වන්නේ ද යන්න සොයා ගැනීමට නොහැකි තරමට සඤ්ඤා අගයෝ තුනී වී ඇත. එපමණට පෙර ධර්මයන් විද්‍යාමාන ය. එනම් අට වන ධ්‍යානයේ සිටියා යන්න ඉස්මතු වී ඇත. එම නිසා පවතිනවා යන අදහස, ජරා ධර්මය විමසීම කළත් ගිලිහී ගොස් නැත. මෙහි ජරා ධර්මය යනු area 2 වල ලකුණු කරන දිරදිරා යන රූපය අත්තා කරගත්තේ නම්, අත්තා තුළ දුක අඩංගු ය, ආදී වශයෙන් සිහි කිරීමයි. එම ඉවත් වීම තාවකාලික ය. තවමත් නිත්‍ය යැයි යමක් පවතී යැයි සිතයි.
මෙසේ විමසන්නේ සුභ යන අර්ථය නොවැටහෙන ප්‍රමාණයට තුනී වූ සඤ්ඤා මනසිකාරයෝ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකළවරින් ඇතුළු වීමක් තිබිය හැකි ය යන්න වැටහේ. මෙය apple එපා, orange එපා, සියල්ල එපා යනුවෙන් පවසා ඇති වූ ධ්‍යාන තත්ත්වයට අනතුරුව යමෙක් apple හොඳ යැයි කියන්නේ, නැවත පෙර ඉවත් කරන ලද සියලු දහමුන් හොඳ යැයි පිළිගන්නාක් මෙනි.
මෙහි දී සුභ යන අර්ථය නොවැටහෙන ප්‍රමාණයට තුනී වූ සඤ්ඤා මනසිකාරයෝ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වීමක් තිබිය හැකි ය යන්න අට වන ධ්‍යානය නිසා නොව, සක්කාය නිසා බව වැටහේ. මෙය ඉවත් කිරීම සඳහා සම්මා විමුක්තිය පෙර ධර්මයන් සහ දැන් මතු වී ඇති දෙයාකාර ධර්මයන් කෙරෙහි පැවතිය යුතු ම ය. එය සම්මා විමුක්තියේ එළඹ සිටීම මගින් පමණක් සිදු වේ. මෙය සඳහා “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො” යන්න හොඳින් පැවතිය යුතු ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. අට වන ධ්‍යානයේ සඤ්ඤාව ඇති අවස්ථාව හතට වැටීම හෝ deep space මතුවීම ලෙස ගත හැකි අතර, එහි සඤ්ඤාව නැති අවස්ථාව නිරෝධය ඇති අවස්ථාව මෙනි.
2. මෙම භාවනාව කරන්නේ deep space යෑම සිදු වන අතර සම්මා විමුක්තියේ එළඹ සිටීම මනා කොට සිදු වේ.
3. මෙම භාවනාව කර repair කරන්නේ, පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ ය යන්න මෙනෙහි කරනවිට දී ඇති සටහන අනුව අට වන ධ්‍යාන පරිදේව වි deep space වීම සිහි විය. සුභ + නිත්‍ය මගින් සුඛ විය. එක වරක් හෝ සුඛ යැයි ගන්නේ 09/08/2024 ධම්‌මකාය භාවනාවේ red arrow සිහි විය.

එකක් ගන්නේ නම් නිවනින් පිට සියල්ල ම සාධාරණ වේ. මෙසේ සිතීම සමග පරිදේවය ළඟ star එකක් මතු විය.
4. අට වන ධ්‍යානයේ සිටියා යන්න ඉස්මතු වී ඇත. එම නිසා පවතිනවා යන අදහස, ජරා ධර්මය විමසීම කළත්, ගිලිහී ගොස් නැත, යන ධර්මතාවයේ දී මෙහි පවතිනවා යන අදහස පැවතීම සඳහා කුමක් වැඩියෙන් බලපායි ද යන්න විමසුවා. පහළ ධර්මයන් බැලිය යුතු යැයි බුදුපියා පැවසුවා. එනම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ half pipe එකේ පරාමාස ඉදංසච්ච යන දෙකෙන් පවතිනවා යන අදහස සඳහා කුමක් වැඩියෙන් බලපායි ද? එය ඉදංසච්චය බව වැටහේ. කුමක් නිසා ද? යම් නිත්‍යභාවයක් වේ ද එය විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් ම සිදු වන නිසා ය. පදුට්ඨමනසඞ්කප්පය විමසීමෙන් මෙය හොඳින් වැටහේ. ජල ධාරාවක් ගලාගෙන ඇවිත් lake එකක නතර වී ඇතිවාක් මෙනි. මෙහි ගැලීම නැති නමුත් පැවතීම ඇත. මෙසේ සක්කාය යන්නෙහි දරුණුකම වටහා ගත යුතු ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 09/05/2026
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
තව කාරණා දෙකක් විතර කියන්න පුළුවන්.
5. මෙම භාවනාව ද 20/02/2026 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද හය වෙනි කාරණාව, එනම් හරයක් නැති තැනක හරයක් සෙවීම මගින් පමණක් සංස්කාරයෝ පැවැත්විය හැකි බව මෙනෙහි කර, කිරීම වඩා සුදුසු ය.
6. ආකිඤ්චඤ්ඤායතනය අත්තා කර ගැනීම නොවනවිට දී යන්නත්, හත් වෙනි ධ්‍යානය ඉවත් කළ පසු යන්නත්, අතර වෙනසක් ඇත. ආකිඤ්චඤ්ඤායතනය අත්තා කර ගැනීම නොවනවිට දී යන්න තමාගේ සක්කාය නැමැති garden එකේ යම් වස්තුවක් ඇත. එනමුදු එය මගේ නොවේ යැයි පවසයි. හත් වෙනි ධ්‍යානය ඉවත් කළ පසු යන්න එම වස්තුව garden එකෙන් ඉවත් කළා මෙනි. ආකිඤ්චඤ්ඤායතනය අත්තා කර ගැනීම නොවනවිට දී එම වස්තුව මගේ නොවන අවබෝධය ඇතිව මනසින් ස්පර්ශ කරනවා යන්න ඇත. ආකිඤ්චඤ්ඤායතනය අත්තා කර ගැනීම නොවනවිට දී පරාමාස සහ මනොසඤ්‌චෙතනා අතර කිසිදු දිට්ඨියක් නැති ලෙස හැඟීම ඇත. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වීම ඇත. 18 ධර්ම කාරණාවේ දී හත ධ්‍යානය ඉවත් කළ පසු, අට වෙනි ධ්‍යානය. මෙහි දී අවූපසන්තචිත්තය මගින් පරිදේව සිට පරාමාසගත වීම මිස විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වීම නොවේ. අට වෙනි ධ්‍යානය හොඳයි, apple හොඳයි, එය සක්කායට ඇතුල් වේ. මෙවිට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් දෙකෙළවරින් ඇතුල් වීම සිදු වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.