ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
24/04/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී ඇති සටහනට මනස එකවර ම යොමු වන්නේ, එම භාවනාවද 20/02/2026 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද 6 වෙනි කාරණාව, එනම් හරයක් නැති තැනක හරයක් සෙවීම මගින් පමණක් සංස්කාරයෝ පැවැත්විය හැකි බව මෙනෙහි කර කිරීම වඩා සුදුසු ය යන්න සිහි විය. දැන් සිටින්නා වූ මනස යොමු වී ඇති සටහන භාවිතා කරමින් ධර්මය මෙනෙහි කළ යුතු ද, නැති නම් 20/02/2026 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද 6 වෙනි කාරණාව අනුව පටන් ගත යුතු ද යන්න මනසිකාර දෙකක් මගින් සිදු වෙන බැවින් මෙහි ආධිපත්‍යය (authority) තෝරා බේරා ගැනීම සඳහා ප්‍රඥාව නැමැති supervisor භාවිතා කළ යුතු බව වැටහිණ. ඒ සමග ප්‍රඥා විමුක්තිය ඇති විණ. මෙසේ තුන් චෛතසිකයන් මගින් පමණක් සිත මෙහෙයවීම ඇති විය. හරයක් නැති තැනක හරයක් සෙවීම මගින් පමණක් සංස්කාරයෝ පැවැත් විය හැකි බව මෙනෙහි කරන්නේ එම ධර්මයන් මනා කොට මෙනෙහි කිරීමට අවධානය මනා කොට පැවැත්වීම මනසිකාර චෛතසිකය විසින් හොඳින් සැපයීම සිදු විය.
24/04/2026 නිබ්බාන භාවනාවේ දී ඇති සටහනට මනස යොමු කරන්නේ එය සතිය විසින් මතු කර දෙන දහමුන් සමග මනසිකාර චෛතසිකය සම්බන්ධ විය.

මෙම අවස්ථා දෙකේ ම ප්‍රඥා ඉන්ද්‍රිය හොඳින් දැනේ. මෙසේ තුන් චෛතසිකයන් මගින් පමණක් ධර්මය මෙහෙය වන්නේ සම්මා විමුක්තිය මනා කොට පැවතිණ.
මෙහි ප්‍රඥා ඉන්ද්‍රිය මගින් හරයක් නැති තැන හරයක් සෙවීම වෙත මනසිකාරයට අණ කර පැවසීමක් වැනි දෙයක් සිදු වන බව වැටහේ. එය rudder එක (සුක්කානම) මේ දිසාවට හරවන්න යැයි කියන්නාක් මෙනි. 24/04/2026 නිබ්බාන භාවනාවේ දී ඇති සටහනට මනස යොමු කරන අවස්ථාවේ දී සතිය සහ මනසිකාරය එකිනෙකාට උපකාර විය. ඇති වුණා වූ සම්මා විමුක්තිය පෙර ධර්මයන්ට යොමු කරන්නේ නම් අතීත වේදනා කෙරෙහි වැදගැනුම් කිරීමක් නොවේ. It does not converge there. සම්මා විමුක්තිය දැන් ධර්මයන්ට යොමු කරන්නේ දැන් වේදනා කෙරෙහි වැදගැනුම් කිරීමක් නොවේ. මෙය දෙයාකාරය. එය කෙසේ ද?
a. දැන් වේදනා කෙරෙහි සඤ්ඤා මනසිකාරයෝ නැති අවස්ථාව. එනම් 18 වන ධර්ම කාරණාවේ දී හත්වන ධ්‍යානය ඉවත් කිරීම විය. ඉන් අනතුරුව 22 වන ධර්ම කාරණාව දක්වා පැමිණි සමාධිය ඇති අවස්ථාව, හැම දහම්හු සමාධිය ප්‍රමුඛ කොට ඇත්තා හ. They are headed by concentration, යන්න සමග විමසන්නේ හොඳින් වැටහේ. මතු වුණා වූ විමුක්තිය 22 වන ධර්ම කාරණාවේ දී ඇති වුණු සමාධිය ප්‍රමුඛ කොට මෙම මේ අවස්ථාවේ දී පවතී. නැවත සක්කායක් නොගත යුතු බවට එම සමාධිය සාක්ෂි දරයි.(*1)
b. පෙර වේදනා කෙරෙහි සඤ්ඤා මනසිකාරයෝ නැති අවස්ථාව. මෙය නිරෝධය ඇති වීම වන අවස්ථාව විය හැකි ය. ඉන් ඉක්මවීමක් යම් කලෙක ඇති වන්නේ ද එහි බැස ගැනීමක් ඇති විය හැකි ය. මෙම බැස ගැනීම නැවතීම සඳහා කුමන චෛතසිකයක් උදව් උපකාර කරයි ද? ප්‍රඥාව බව කිව යුතු ය. එය කෙසේ ද? ප්‍රඥා ඉන්ද්‍රිය මගින් හරයක් නැති තැනක හරයක් සෙවීම මගින් පමණක් සංස්කාරයෝ පැවැත්විය හැකි බව පෙන්වා දෙන බැවිනි. මෙහි දී සම්මා විමුක්තිය නොසැලී පැවතීම මනා කොට සිදු වේ.
ඒක තමයි භාවනාව.
මේකට අපි තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙහි ආධිපත්‍යය (authority) විමසන විට ඔලුවේ පිටිපස කොටස හොඳින් දැනිණ. එය සතිය ක්‍රියාත්මක වන අවස්ථාව ය.
2. මෙහි පෙන්වූ a අවස්ථාවට උදාහරණ වශයෙන් පාසලක විදුහල්පති විසින් ඇඹරැල්ල කැඩීමට කිසිවකු පාසලේ පන්තිය ඉවතලා නොගිය යුතු යැයි කියන්නාක් මෙන් මතු වී ඇති සමාධිය විසින් නැවත සක්කායක් නොගත යුතු බවට විදුහල්පති නැමැති සමාධිය සාක්ෂි දරයි. Witness by way of presence of principal.
3. මෙහි පෙන්වූ b අවස්ථාවේ දී විදුහල්පති විසින් පවසන ලද්ද ශිෂ්‍යයන්ට කා වැදී ඇත. එම අය තම ප්‍රඥාව භාවිතා කරයි. විදුහල්පති අවශ්‍ය නොවේ.
4. 24 වන ධර්ම කාරණාව විමසන්නේ පන්තියේවත් නොසිටිය යුතු ලෙස ශිෂ්‍යයන්ට ප්‍රඥාව ඇති වීම මෙනි.
5. 19 වන ධර්ම කාරණාව, එනම් රූපයන්ගෙන් මොනවට මිදුනේ (well liberated) යන්න සඳහා සඤ්ඤාවේ අනිත්‍යභාවය මනා කොට එළඹ වී තිබිය යුතු ම ය ලෙස ඉගෙන ගත්තා. මෙම ධර්ම කාරණාව මනා කොට පවතින්නේ නම් පමණක් ඉහත එකතු කරන ලද දෙවන කාරණය, විදුහල්පති නැමැති සමාධිය සාක්ෂි දරයි යන්න සිදු වේ. එය නොවන්නේ නම් විදුහල්පති පාසලෙන් පිටත ගොස් ඇත.
6. මෙහි පළවන ඡේදයේ සඳහන් කළ ප්‍රඥා විමුක්තිය කෙසේ ඇති වුයේ ද? පෙර වඩන ලද්දා වූ සමුදය අස්තංගමය සහිත ධර්මයට මනසිකාර චෛතසිකය විසින් යොමු කිරීම නිසා ය. එය දිට්ඨි ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවයත් ඉන් අනතුරුව අවිද්‍යා අනුසයට සත්‍ය වශයෙන් දුක ඇත්තේ එනමුදු සුඛ ඇති බව සිතු නොගැලපීම ඇතුල් වීම දක්වා, මනසිකාරය විසින් ගෙන යාමක් වීම මගින් සිදු විය. මෙය සිතීමෙන් තොරව ඇති විය. සම්මා විමුක්තිය කෙසේ ඇති වූයේ ද? එය අරි අට මඟේ ඉතුරු කොටස් සමග සම්බන්ධ ය. එය 22 වන ධර්ම කාරණාවේ දී ඇති වන දැන් ධර්මයන් කෙරෙහි වන සම්මා සමාධිය නිසා ය.
7. භාවනාව නොකරන අවස්ථාවක සිත විසිරෙන්නේ එවිට විදුහල්පති ගෙන එන්නේ යැයි සිතන්නේ මනසිකාරය විසින් නැවත සක්කායක්, බැස ගැනීමට තැනක් සෑදීමක් නොවන තරමට, ඉවත් වීමෙන් ඇති වූ සමාධිය දියුණු වී තිබිය යුතු ය, යන්න ලකුණු කළ තැනට සිත යොමු වීම වන අතර එය සමග සම්මා සමාධිය ඇති වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 09/05/2026
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) By way of presence