Date: 08/05/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

01/05/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී එකතු කරන ලද 6 වෙනි කාරණාව නැවතත් විමසා බැලුවා. එහි ප්‍රඥා විමුක්තිය කෙසේ ඇති වුයේ ද යන්න විමසා ඇත. එය පෙර වඩන ලද්දා වූ සමුදය අස්තංගමය සහිත ධර්මයට මනසිකාර චෛතසිකය විසින් යොමු කිරීම නිසා ය. එය දිට්ඨි ආශ්‍රවයෙන් අවිද්‍යා ආශ්‍රවයත් ඉන් අනතුරුව අවිද්‍යා අනුසයට සත්‍ය වශයෙන් දුක ඇත්තේ එනමුදු සුඛ ඇති බව සිතු නොගැලපීම ඇතුල් වීම දක්වා මනසිකාරය මගින් ගෙන යාමක් වීම මගින් සිදු විය. මෙය සිතීමෙන් තොරව ඇති විය. සම්මා විමුක්තිය කෙසේ ඇති වූයේ ද? එය අරි අට මඟේ ඉතුරු කොටස් සමග සම්බන්ධ ය. එය 22 වන ධර්ම කාරණාවේ දී ඇති වන දැන් ධර්මයන් කෙරෙහි වන සම්මා සමාධිය නිසා ය. මෙය හොඳින් වටහා ගැනීමට දී ඇති සටහන බලන්න.

MM_08_05_2026.jpg

සම්මා සමාධියේ අර්ථ දැක්වීම විමසමු. එහි සුඛ වේදනාවගේ ප්‍රහාණයෙන් දුක වේදනාවගේ ද ප්‍රහාණයෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංහිඳීමෙන් දුක් වේදනා ද නැති සුඛ වේදනා ද නැති උපෙක්ඛා සති දෙදෙනාගේ පිරිසිදුව ඇති සතර වෙනි ධ්‍යානය ලැබ වෙසෙයි යන්න ඇතුළත් ය. කිංමූලක සූත්‍රයේ හැම දහම්හු වේදනාව වැදගැනුම් කොට ඇත්තාහ (වේදනා සමෝසරණා සබ්බේ ධම්මා) සමෝසරණා කියන්නෙ එක්තැන්වීම, රැස්වීම. (They converge upon feeling) සම්මා සමාධිය මගින් සුඛ වේදනාවගේ ප්‍රහාණයත් දුක වේදනාවගේ ප්‍රහාණයත් පෙර සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංහිඳීමත් සිදු කර ඇත. මෙසේ වන්නේ වේදනාව වැදගැනීම (convergence) ඉවත් කර ඇත. මෙය නැවත සක්කායක් බැස ගැනීමට තැනක් සෑදීමක් නොවන තරමට ඉවත් වීමෙන් ඇති වූ සමාධිය දියුණු වී තිබිය යුතු ය යන්න සමග සසඳා බලන්නේ නැවත සක්කායක් බැස ගැනීමට තැනක් සෑදීමක් වන්නේ සක්කාය තුළ ඇති වේදනා සමූහය නිසා ම ය. සුඛ වේදනාවගේ ප්‍රහාණයත් දුක වේදනාවගේ ප්‍රහාණයත් සම්මා සමාධිය තුළ ගැබ් වී ඇත්තේ එම දහමුන් නිසා නැවත සක්කායක් බැස ගැනීමට තැනක් එම ධර්මයෝ නිසා ඇති නොවේ. එම සුඛ දුක වේදනා ධර්මයන් නිසා වේදනාව වැදගැනුම් නැත. සම්මා සමාධිය මගින් පෙර සොම්නස් දොම්නස් දෙදෙනාගේත් සංහිඳීම (අත්ථඞ්ගම - විනාශයට යෑම, disappearance) ඇත්තේ සෝකය 2 ක්‍රියාත්මක වීමක් සොම්නස් දොම්නස් දෙදෙනා නිසා ඇති නොවේ.

එනමුදු උපෙක්ඛා සහගත වූ වේදනාව කෙසේ ඉවතලන්නේ ද? ද්වේෂ සල්ලයෙන් කැරකවීමක් නොවන්නේ නම් අත්තභාවයක් කිසි විටෙක නොපවතී යැයි, 20/02/2026 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත්තා. මෙහි දී 10/04/2026 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත් ධර්මයට සිත යොමු විය. හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වන මානසික තත්වය නිසා වූ නිත්‍යභාවය පසු සඤ්ඤාවක් ලෙස තැන්පත් වී ඇත. එය පෙර අට වන ධ්‍යාන නිසා හෝ නිරෝධයට යෑම නිසා හෝ ඇති වූ මානසික තත්වය නැවත සිහිපත් වීමක්, මතු වීමක් මෙනි ය. මෙය නිසා සෝකය 2 පථය ක්‍රියාත්මක වීම මනා කොට සිදු වේ. කාම ආශ්‍රවය කරා ගමන් කිරීම මෙහි දී පෙර ධර්මයන් නිසා අධිකව සිදු වුව ද එය දැන් ධර්මතාවයන් නිසා සිදු වන්නේ ද යන්න සොයා ගැනීමට නොහැකි තරමට සඤ්ඤා අගයෝ තුනී වී ඇත. එපමණට පෙර ධර්මයන් විද්‍යාමාන ය, ඒ නිසා ය. මෙහි දී රාග සල්ලය ඇති අතර එය කුමක් නිසා ද යන්න නොවැටහේ. නමුත් එහි ජීවත් වීමට කැමැත්ත පෙර ධර්මයන් නිසා මතු වී ඇත. මෙසේ සුඹුල මෙන් වූ රූප සොයා නොදැනුවත්ව ම ඇදී යයි. එහි ම ගැලී සිටී. මෙයින් ගැලවීම සඳහා සම්මා විමුක්තිය අවශ්‍ය ය. එනමුදු එහි එළඹ සිටීම හරියාකාර කර ගැනීම කළ යුතු ය. මෙය සඳහා “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො.” යන්න හොඳින් පැවතිය යුතු ය. එපමණට චතුරාර්ය සත්‍යය වැටහී තිබිය යුතුම ය.

සුඛ දුක වේදනා ඉවත් කර ඇත්තේ නම් සහ පෙර සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංහිඳීම ඇත්තේ නම් ද්වේෂ සල්ලයෙන් කැරකවීම කිසි විටෙක සිදු නොවේ. එසේ නම් අත්තභාවයක් කිසි විටෙක නොපවතී. අත්තභාවය පහ වන්නේ නම් එහි ම නිර්වාණය ගැබ් ගනී. එය එසේ ය.

ඒක තමයි භාවනාව.

මේකට අපි තව ටිකක් එකතු කරනවා නම්,

1. සම්මා සමාධිය සහ ලකුණු කර ඇති දැන් පවතින ධර්මයන් කෙරෙහි නැවත සක්කායක් බැස ගැනීමට තැනක් සෑදීමක් නොවන තරමට ඉවත් වීමෙන් ඇති වූ සමාධිය දියුණු වී තිබිය යුතු ය යන සමාධියේ සමානතාවය මෙනෙහි කරන විට අනාශ්‍රව විමුක්තිය ඇති විණ.

2. වේදනාවේ ඇති අඩුපාඩු නිසා ම අරූප ධ්‍යානයන් සොයා යන බව වැටහිණ. “Excellent” යැයි ඇසුණා.

3. මෙම භාවනාව කිරීමෙන් ඇති වන සම්මා සමාධිය පුදුමාකාර ය. එය ඇවිදින විට පවා සිතීමෙන් තොරව ඥානයක් මෙන් මතු වී, දී ඇති සටහනේ මෝහ පරිදේව අතරට සුඛ දුක වේදනා ඉවත් කිරීමත්, පරිදේව පරාමාස අතර පෙර සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංහිඳීමත් කෙරෙහි මනසිකාර චෛතසිකය විසින් යොමු කිරීම උත්සාහයකින් තොරව සිදු වන්නේ ඉන් පසුව කිසිම අරමුණක් කෙරෙහි ඇදී යෑම නවතී. මෙය උත්සාහයකින් තොරව සිදු වීම විශේෂිත ය.

4. තථාගතයන් වහන්සේ නිර්වාණය සඳහා අවශ්‍ය අඩු ම ප්‍රමාණය ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් කර ඇති බව වැටහිණ. සම්මා සමාධිය තුළ අරූප ධ්‍යාන සඳහන් නොවේ. එනමුදු ඉහත එකතු කරන ලද දෙවන කාරණය සමග විමසන්නේ සම්මා සමාධිය ඇත්තේ නම් අරූප ධ්‍යානයන් සොයා නොයයි. තව ද අත්තභාවයක් කිසි විටෙක නොපවතී. එහි ම නිර්වාණය ගැබ් ගනී. උපෙක්ඛා සහගත වූ වේදනාවන් තුළ අඩුපාඩු සෙවීමක් යන්න නොයෙදේ. කුමක් නිසා ද? අඩුපාඩු සෙවීමක් උපෙක්ඛාව තුළ ඇතුළත් නොවේ. එය උපෙක්ඛාව තුළ වෙනසක් දැකිය නොහැකි නිසා ය.

5. සුඛ දුක වේදනා ඉවත් කර ඇත්තේ නම් සහ පෙර සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංහිඳීම ඇත්තේ නම් ද්වේෂ සල්ලයෙන් කැරකවීම කිසි විටෙක සිදු නොවේ යන්න තවදුරටත් විමසන්නේ, එය “අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසාරණං අයං අදොසො.” එනම් අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපය, ඒ කියන්නේ මුලාව කියන එක පහ කිරීම තමයි අදෝසය කියන්නේ යන්න සමග සසඳා බැලුවා. උපෙක්ඛා සහගත වේදනාවන්හි ථීනමිද්ධ ස්වභාවය ගිලිහී ගොස් ඇත. කුමක් නිසා ද? වේදනා අගයන් දෙකක වෙනස නැත. කාමච්ඡන්දය ඇති වීමට තරම් දෙයක් දැනගැනීමට තරම් උපෙක්ඛා සහගත වූ වේදනා තුළ අඩුපාඩු සෙවීමක් නොවන නිසා ය. මෙසේ ථීනමිද්ධ සහගත බව ඉවත් වන්නේ නම් රෝගී සහිත සඤ්ඤාවෙන් ජීවත් වීම යන්න නොයෙදේ. මෙහි 6.4 ථීනමිද්ධ අවස්ථාව නොයෙදෙන්නේ කුමක් නිසා ද? එය නැවත සක්කායක් බැස ගැනීමට තැනක් සෑදීමක් නොවන තරමට, ඉවත් වීමෙන් ඇති වූ සමාධිය දියුණු වී ඇති නිසා ය. එය එසේ ය. මෙය හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වෙන උපෙක්ඛාව බව අමතක නොකළ යුතු ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 23/05/2026

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට පස් වැනි කාරණාවට ම තවත් චුට්ටක් එකතු කරනවා නම්, හතර වන ධ්‍යානයේ උපෙක්ඛා සහගත වූ වේදනා තුළ, අඩුපාඩු සෙවීමක් නොවන නිසා ථීනමිද්ධ ස්වභාවය නැත. හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වෙන උපෙක්ඛාව, නැවත සක්කායක් බැස ගැනීමට තැනක් සෑදීමක් නොවන තරමට ඉවත් වීමෙන් ඇති වූ සමාධිය දියුණු වී ඇති නම්, එම දහමුන් නිසා ද්වේෂය නැත. යමෙක් එපමණකට දියුණු වී නැතිනම්, ඉපදීම සිදු වේ. එනම් හතර වන ධ්‍යානයේ උපෙක්ඛා සහගත ස්වභාවය නිසා රෝගී ස්වභාවයක් නැති වුව ද, මෝහය නිසා නැවත සක්කායක් බැස ගැනීමට තැනක් සෑදීමක් වන්නේ නම් මෝහය නිසා වන ද්වේෂය ඇත. මෙසේ ඉපදීම සිදු වේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.