Date: 15/05/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

08/05/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී එකතු කරන ලද 5 වන කාරණාව නැවතත් විමසා බැලුවා. සුඛ දුක වේදනා ඉවත් කර ඇත්තේ නම් සහ පෙර සොම්නස් දොම්නස් දෙදෙනාගේ සංහිඳීම ඇත්තේ නම් ද්වේෂ සල්ලයෙන් කැරකවීම කිසි විටෙක සිදු නොවේ යන්න තවදුරටත් විමසන්නේ, එය “අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසාරණං අයං අදොසො.” එනම් අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපය, ඒ කියන්නේ මුලාව කියන එක පහ කිරීම තමයි අදෝසය කියන්නේ යන්න සමග සසඳා බැලුවා. උපෙක්ඛා සහගත වේදනාවන්හි ථීනමිද්ධ ස්වභාවය ගිලිහී ගොස් ඇත. කුමක් නිසා ද? වේදනා අගයන් දෙකක වෙනස නැත. කාමච්ඡන්දය ඇති වීමට තරම් දෙයක් දැනගැනීමට තරම් උපෙක්ඛා සහගත වූ වේදනා තුළ අඩුපාඩු සෙවීමක් නොවන නිසා ය. මෙසේ ථීනමිද්ධ සහගත බව ඉවත් වන්නේ නම් රෝගී සහිත සඤ්ඤාවෙන් ජීවත් වීම යන්න නොයෙදේ. මෙහි 6.4 ථීනමිද්ධ අවස්ථාව නොයෙදෙන්නේ කුමක් නිසා ද? එය නැවත සක්කායක්, බැස ගැනීමට තැනක් සෑදීමක් නොවන තරමට, ඉවත් වීමෙන් ඇති වූ සමාධිය දියුණු වී ඇති නිසා ය. එය එසේ ය. මෙය හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වෙන උපෙක්ඛාව බව අමතක නොකළ යුතු ය. මෙහි දී එම භාවනාවේ දී දෙන ලද සටහනට මනස යොමු විය.

MM_08_05_2026.jpg

හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වන උපෙක්ඛා ස්වභාවය කෙසේ සම්මා සමාධියට කා වදින්නේ ද? සම්මා සමාධිය ඇති වීමට පෙර ධර්මයන් විමසිය යුතු ය. සම්මා සතිය මගින් සම්මා සමාධිය ඇති වේ. සම්මා සතිය තුළ බොජ්ඣඞ්ගයෝ ඇතුළත් ය. 17/02/2023 ආහාර සූත්‍ර - උපෙක්ඛා භාවනාවේ ඉගෙන ගත් පරිදි සමාධි සම්බොජ්ඣඞ්ගය 30/12/2022 නිබ්බාන භාවනා අයුරින් ඇති වන්නේ, සමාධි සම්බොජ්ඣඞ්ගය තුළ යම් දහමක් නිසා, සුඛ දුඛ යන්න කෙරෙහි යම් නුවණින් සෙවීම (පවිචිනති), පරීක්ෂා කෙරෙයි (පවිචරති), හාත්පසින් විමසීම (පරිවිමංස) යන ධර්මතාවයන්ගෙන් ප්‍රගුණ වන්නේ එහි යම් උපෙක්ඛාවක් වේ ද, එනම් කැමති වුණා වූ නිරෝධය ම නොසැලී පවතින්නේ නම් එය ඇතුළත සහ පිටත යන දහම්හි උපෙක්ඛා යන්න වේ. සමුදය අස්තංගමය දැන එහි යම් නිරෝධයක් කැමති වේ ද එය පරිවිමංසමාපජ්ජති යන ධර්මතාවයට ඇතුළත් වේ යැයි පෙර ඉගෙනගෙන ඇත. මෙසේ නිරෝධය ම සොයයි යන්න ඇතුළත් වන්නේ දීඝ නිකායේ, සතිපට්ඨාන සූත්‍රයේ චතුරාර්ය සත්‍යය භාවනා කොටසේ සඳහන් තෙවන සත්‍යය හොඳින් විමසන්න. එනම් ඒ තෘෂ්ණාව ප්‍රහීණ වන්නේ කොහි ප්‍රහීණ වේ ද? නිරුද්ධ වනුයේ කොහි නිරුද්ධ වේ ද යත්. ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ ද, ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.

රූප සංචේතනාව ශබ්ද සංචේතනාව ගන්ධ සංචේතනාව රස සංචේතනාව පොට්ඨබ්බ සංචේතනාව ධම්ම සංචේතනාව ලොව ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි. යම් සක්කාය ධර්මයක් හොඳ යැයි බැසගැනීමක් ඇති ද එමඟින් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප ඇති වීමක් ඇති ද එය ඉහත අයුරින් චේතනා ධර්මයන් ඉවත් වන්නේ නම් ඇති නොවේ. මෙහි ස්ථාවරභාවය රූප තෘෂ්ණාව ශබ්ද තෘෂ්ණාව ගන්ධ තෘෂ්ණාව රස තෘෂ්ණාව පොට්ඨබ්බ තෘෂ්ණාව ධර්ම තෘෂ්ණාව ලොව යම් ප්‍රිය ස්වභාවයෙක මධුර ස්වභාවයෙක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි යන ධම්මානුපස්සනා කොටස මගින් ක්‍රියාත්මක වේ.

රූප විතක්කය ශබ්ද විතක්කය ගන්ධ විතක්කය රස විතක්කය පොට්ඨබ්බ විතක්කය ධම්ම විතක්කය ලොව ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. තෙල තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.

රූප විචාරය ශබ්ද විචාරය ගන්ධ විචාරය රස විචාරය පොට්ඨබ්බ විචාරය ධම්ම විචාරය ලොව ප්‍රිය ස්වභාවයෙක, මධුර ස්වභාවයෙක. තෙල තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි යනුවෙන් පෙන්වන ධර්ම කොටස් මගින් මුලින් ම උපුටා දැමීමක් කරනු ලබයි. මෙසේ නිරුද්ධ වීම සාර්ථක වේ.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. රූප විතක්ක යනු කුමක් ද? කාම විතක්කයේ අර්ථ දැක්වීම මෙන් විමසන්න. රූප ධාතු යන්න ධාරාව ගැලීමට තුඩු දෙන ක්‍රියාවලිය රූප සමග පැවැත්වීම ලෙස ගත හැකි ය. රූප ධාතු නිසා රූප සඤ්ඤා ඇති වේ. රූප සඤ්ඤාව තුළ ක්‍රියාවලිය මගින් ඇති වූ සඤ්ඤා මනසිකාරයෝ රඳයි. එමගින් රූප විතක්කය ඇති වේ.

2. ඉහත දී ඇති ධර්මයන්ගෙන් සටහනක් සාදාගත හැකි ය. දී ඇති සටහන බලන්න,

MM_15_05_2026.jpg

3. ඉහත සටහන මෙනෙහි කරන්නේ ප්‍රඥාව ඇති නළලේ දකුණු පැත්ත සහ සතිය ඇති නළලේ වම් පැත්ත නිකටේ දෙපැත්තට වෙන් වෙන්ව සම්බන්ධ වී කොඩියක ස්වභාවයට දැනිණි. “Excellent” යැයි ඇසුණා.

4. කාමච්ඡන්දය ඇති වීමට තරම් දෙයක් දැනගැනීමට තරම් උපෙක්ඛා සහගත වූ වේදනා තුළ අඩුපාඩු සෙවීමක් නොවන නිසා ය යන්න තවදුරටත් විමසා බැලුවා. කොපමණකට දියුණු වූ උපෙක්ඛාවක් මගින් මෙය සිදු වේ ද? මෙහි අවස්ථා දෙකක් ඇති බව වැටහේ.

4a. දැනෙන්නා වූ වේදනාව කෙරෙහි උපෙක්ඛාව ඇත.

4b. වේදනා කෙරෙහි සඤ්ඤා මනසිකාරයෝ නැත.

4a අවස්ථාවේ දී වේදනා දැනෙන නිසා, වේදනාව කෙරෙහි උපෙක්ඛාව ගිලිහී යෑමක් යම් විටක සිදු වන්නේ ද එවිට කාමච්ඡන්දය හට ගැනීම විය හැකි ය.(*1)

5. 27/03/2026 අමෘතය භාවනාවේ දී ඉගෙන ගත් කරුණක් සිහි විය. එනම් උපෙක්ඛාවක් ඇති වන තුරු වේදනාවෙන් මනා කොට ඉවත් විය නොහැක. එය සඳහා චේතනා ඉවත් විය යුතු ය. එය 12 වන කාරණයේ දී සිදු වේ. මේ සඳහා හත් වන ධ්‍යානය අවශ්‍ය වේ. චේතනා කෙරෙහි තණ්හාව ඉවත් කරන ධර්ම කොටස ඉහත 4b අවස්ථාවත් සමග මෙසේ මනාකොට ගැලපීම ඇති බව වැටහේ.

6. මෙම භාවනාව මෙහි දක්වා ඇති 5 වන කාරණය දක්වා බලා ඉන් අනතුරුව භාවනාව පටන් ගන්නේ, සම්මා සමාධිය සුඛස්‌ස ච පහානා ආදී වශයෙන් සිහි කරන විට ම ප්‍රථම ධ්‍යානයේ සිට හත් වන ධ්‍යානය දක්වා යෑම අනුපිළිවෙලින් සිදු විය. තව ද සමාධි සම්බොජ්ඣඞ්ගය තුළ යම් දහමක් නිසා, සුඛ දුඛ යන්න කෙරෙහි යම් නුවණින් සෙවීම (පවිචිනති), එනම් සමුදය ධර්මය මෙනෙහි කරන්නේ එහි යම් සුඛ වේදනාවක් වෙත් ද එය සුභ + නිත්‍ය මගින් සුඛ වීම යැයි සිහි කරන්නේ, 01/05/2026 නිබ්බාන භාවනාවේ එකතු කරන ලද 6 වන කාරණය මෙන් අවිද්‍යා අනුසයට සත්‍ය වශයෙන් දුක ඇත්තේ එනමුදු සුඛ ඇති බව සිතු නොගැලපීම ඇතුල් වීම සිදු වීමත්, නොගැලපීම සහිතව සුභ යන්න සැකසීම වීමත් දක්වා මනසිකාර චෛතසිකය විසින් ගෙන යෑම සිදු වී ඵල චිත්තය නොසැල්වී පැවතිණ. “Excellent” යැයි ඇසුණා.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 23/05/2026

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) උදාහරණයක් හැටියට තමන්ගේ මනෝමය කාය ලස්සනට දැකීම වාගේ දෙයක් ගන්න පුළුවන්.