Date: 22/05/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

15/05/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී ඇති සටහනට මනස යොමු කළා.

MM_15_05_2026.jpg

එහි චේතනා කෙරෙහි තණ්හාව ඉවත් කිරීමට පෙර, ඉවත් කරන ලද ධර්මයෝ විමසා බලමු. දීඝ නිකායේ, සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් පරිදි විමසීම කළා. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වන්නේ කොහි ප්‍රහීණ වේ ද? නිරුද්ධ වනුයේ කොහි නිරුද්ධ වේ ද යත්. ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ ද, ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.

කිමෙක් නම් ලොව ප්‍රිය ස්වභාව මධුර ස්වභාව වේ ද යත්.

1. ඇස ලොව ප්‍රිය ස්වභාවයක, මධුර ස්වභාවයක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි. කන, නාසය, දිව, කය, මනස ලොව ප්‍රිය ස්වභාවයක, මධුර ස්වභාවයක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.

2. රූපයෝ, ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ, පොට්ඨබ්බයෝ, ධර්මාලම්බනයෝ ලොව ප්‍රිය ස්වභාවයකි, මධුර ස්වභාවයකි, ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.

3. චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය. ලොව ප්‍රිය ස්වභාවයක, මධුර ස්වභාවයක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.

4. චක්ඛු සංස්පර්ශය, සෝත සංස්පර්ශය, ඝාන සංස්පර්ශය, ජිව්හා සංස්පර්ශය, කාය සංස්පර්ශය, මනෝ සංස්පර්ශය ලොව ප්‍රිය ස්වභාවයක, මධුර ස්වභාවයක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.

මේ දක්වා විමසන්නේ ස්පර්ශය නාමරූප ප්‍රත්‍යයෙන් සිදු වන බවත් ඒ තෘෂ්ණාව ඉවත් කිරීම කළ යුතු බවත් වැටහේ. ඉන් අනතුරුව,

5. චක්ඛු සංස්පර්ශයෙන් උපදනා වේදනාව, සෝත සංස්පර්ශයෙන් උපදනා වේදනාව, ඝාන සංස්පර්ශයෙන් උපදනා වේදනාව, ජිව්හා සංස්පර්ශයෙන් උපදනා වේදනාව, කාය සංස්පර්ශයෙන් උපදනා වේදනාව, මනෝ සංස්පර්ශයෙන් උපදනා වේදනාව ලොව ප්‍රිය ස්වභාවයක, මධුර ස්වභාවයක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වේ.

6. රූප සඤ්ඤාව, ශබ්ද සඤ්ඤාව, ගන්ධ සඤ්ඤාව, රස සඤ්ඤාව, පොට්ඨබ්බ සඤ්ඤාව, ධර්ම සඤ්ඤාව ලොව ප්‍රිය ස්වභාවයක, මධුර ස්වභාවයක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි යනුවෙන් දක්වයි.

මෙහි 5 සහ 6 යන ධර්මතාවයෝ නාමරූපවල කොටසක් ලෙස ම තථාගතයන් වහන්සේ දුක්ඛ නිරෝධ සත්‍ය දේශනා කළ අනුපිළිවෙල විමසීමේ දී වැටහේ. කුමක් නිසා 5 සහ 6 යන ධර්මතාවයෝ මෙසේ පවසා ඇත් ද? මෙය නිස්සාරණීය සූත්‍රයේ 3, 8, 13, 18 යන ධර්මතාවයෝ අනුපිළිවෙලින් විමසීමේ දී වැටහේ.

එහි 3 වන ධර්මතාවය විමසමු. කාමයන්ගෙන් මොනවට නැගී සිටියේ (well emerged - සුවුට්ඨිතං) - ගෙට නැවත පැමිණීම දුක වශයෙන් වැටහිය යුතු ය. එනම් 06/06/2025 විමංසා ඉද්ධිපාද භාවනාවේ සඳහන් අයුරින් මණ්ඩලාධිපති බුදුපියා පෙන්වා දුන් දහම භාවිතා කර, සුඛ යන සඤ්ඤා විපල්ලාසය නොරැඳෙන තත්වයට මනස පත්ව තිබිය යුතු ම ය. දුක යන්න ඉස්මතු වීමක් විය යුතු ම ය. මෙසේ දුක බව දැන ඉන් ඉවත් විය යුතු ය.

8 වන කාරණය විමසන්නේ ව්‍යාපාදය ඇත්තේ නම් සුඛ යන සඤ්ඤාවෙන් ඉවත් විය නොහැක. 13 වන කාරණය විමසන්නේ විහිංසාව ඇත්තේ නම් වේදනා හැඟීම් වලින් ඉවත් විය නොහැක. 18 වන කාරණය විමසන්නේ උපෙක්ඛා සහගත වූ විහිංසා ධාතු ඇත්තේ නම් ඇදී යන ගතිය ඉවත් නොවේ. කුමක් නිසා ද? ඇදී යාමට තුඩු දෙන සුඛ වේදනා කෙරෙහි ඇති සඤ්ඤා මනසිකාරයෝ ඇති ද එය හත් වන ධ්‍යානය නොමැති නම් ඉවත් නොවේ. මෙහි දී හත් වන ධ්‍යානය ඉවත් කිරීම කරන බව අපි දනිමු. එය ඇදී යාමට තුඩු දීම මනා කොට ඉවත් කිරීම සඳහා ය.

මෙසේ ඉවත් කිරීම අතපසු නොකරන්නේ නම් 15/05/2026 නිබ්බාන භාවනාවේ දක්වා ඇති පරිදි, යම් සක්කාය ධර්මයක් හොඳ යැයි බැස ගැනීමක් ඇති ද එමගින් විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප ඇති වීමක් ඇති ද එය චේතනා ධර්මයන් ඉවත් වන්නේ නම් ඇති නොවේ. මෙහි ස්ථාවරභාවය රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, පොට්ඨබ්බ තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි යන ධම්මානුපස්සනා කොටස මගින් ක්‍රියාත්මක වේ. කුමක් නිසා මෙසේ පවසයි ද? මෙහි සඳහන් දෙවන කාරණයේ දී එනම් රූපයෝ ශබ්දයෝ ගන්ධයෝ රසයෝ පොට්ඨබ්බයෝ ධර්මාලම්බනයෝ ඉවත් කර ඇත්තේ කුමක් නිසා නැවත රූප තෘෂ්ණාව සඳහන් කරයි ද? රූපයන් ප්‍රිය වීමත් රූප තණ්හාවත් අතර වෙනස විමසන්න. රූප තණ්හාව ඇති වන්නේ යම් රූපයක් හොඳ යැයි ගෙන වට අටක් කැරකවීම මගිනි. එය පෙර ඇති වූවක් ලෙස ගත යුතු ය. රූපයක් දකින විට ඇති වන කැමැත්ත, ප්‍රිය වීම පෙර පහ කළ නමුදු එවැනි රූපයක් නිසා ඇති වූ තණ්හාවන් සියුම් සඤ්ඤා මගින් ඇවිස්සිය හැකි ය.

මෙහි දී පෙර ඉගෙන ගත් ධර්මය සිහි කරමු. හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වන මානසික තත්වය නිසා වූ නිත්‍යභාවය පසු සඤ්ඤාවක් ලෙස තැන්පත් වී ඇත. එය පෙර අට වන ධ්‍යාන නිසා හෝ නිරෝධයට යෑම නිසා හෝ ඇති වූ මානසික තත්වය නැවත සිහිපත් වීමක්, මතු වීමක් මෙනි ය. මෙය නිසා සෝකය 2 පථය ක්‍රියාත්මක වීම මනා කොට සිදු වේ. කාම ආශ්‍රවය කරා ගමන් කිරීම මෙහි දී පෙර ධර්මයන් නිසා අධිකව සිදු වුව ද එය දැන් ධර්මතාවයන් නිසා සිදු වන්නේ ද යන්න සොයා ගැනීමට නොහැකි තරමට සඤ්ඤා අගයෝ තුනී වී ඇත. එපමණට පෙර ධර්මයන් විද්‍යාමාන ය, ඒ නිසා ය. මෙහි දී රාග සල්ලය ඇති අතර එය කුමක් නිසා ද යන්න නොවැටහේ. නමුත් එහි ජීවත් වීමට කැමැත්ත පෙර ධර්මයන් නිසා මතු වී ඇත. මෙසේ සුඹුල මෙන් වූ රූප සොයා නොදැනුවත්ව ම ඇදී යයි. එහි ම ගැලී සිටී යැයි ඉගෙන ගත්තා. මෙසේ සියුම් සඤ්ඤා මගින් ඇවිස්සීම වටහා ගත යුතු ය. මින් අනතුරුව සඳහන් වන කරුණු විමසමු.

රූප විතක්කය, ශබ්ද විතක්කය, ගන්ධ විතක්කය, රස විතක්කය, පොට්ඨබ්බ විතක්කය, ධම්ම විතක්කය ලොව ප්‍රිය ස්වභාවයක, මධුර ස්වභාවයක. තෙල තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.

රූප විචාරය, ශබ්ද විචාරය, ගන්ධ විචාරය, රස විචාරය, පොට්ඨබ්බ විචාරය, ධම්ම විචාරය ලොව ප්‍රිය ස්වභාවයක, මධුර ස්වභාවයක. තෙල තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වේ. නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි යනුවෙන් පෙන්වන ධර්ම කොටස් මගින් මුලින් ම උපුටා දැමීමක් කරනු ලබයි. මෙසේ නිරුද්ධ වීම සාර්ථක වේ.

ඉහත සියුම් සඤ්ඤා මගින් තණ්හාව ඇවිස්සීමක් නොවන්නේ නම් කුමක් නිසා රූප විතක්ක, රූප විචාර සඳහන් කරයි ද?

රූප විතක්ක කෙසේ ඇති වන්නේ ද? රූප ධාතු යන්න ධාරාව ගැලීමට තුඩු දෙන ක්‍රියාවලිය රූප සමග පැවැත්වීම ලෙස ගත හැකි ය. රූප ධාතු නිසා රූප සඤ්ඤා ඇති වේ. රූප සඤ්ඤාව තුළ ක්‍රියාවලිය මගින් ඇති වූ සඤ්ඤා මනසිකාරයෝ රඳයි. එමගින් රූප විතක්කය ඇති වේ. ධාරාව ගැලීමට තුඩු දෙන ක්‍රියාවලිය ධාරාව නොගලන ජලාශය දක්වා ඔඩු දුවා තිබුනත් තවමත් ඉන්නට කැමැත්ත ඇත. මේ නිසා රූප විතක්ක රූප විචාර ඉවත් කළ යුතු ම ය.

ඒක තමයි භාවනාව.

මේකට අපි තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව 3, 8, 13, 18 යන ධර්මතාවයෝ අනුපිළිවෙලින් වීම සිහි කර කළ හැකි ය. ඉන් අනතුරුව 15/05/2026 භාවනාවේ සටහන යොදාගෙන ඉතුරු කොටස කරන්න.

2. මෙම භාවනාව කරන්නේ, ඇති වන්නා වූ විමුක්ති ස්වභාවය අධික ය. අවසානයේ කෘතගුණ පල කරන්නේ ඇස් වලින් කඳුළු පිට විය. එය තථාගතයන් වහන්සේගේත් බුදුපියවරුන්ගේත් උදව් කලා වූ දෙවි දේවමාතාවන් බ්‍රහ්ම මාතාවන්ගේ කරුණාව ගැන සිහි කිරීම නිසා ය.

3. මෙම භාවනාවේ සඳහන් 1, 2, 3, 4 සිහි කරන විට ම අනාශ්‍රව වීම සිදු වන්නේ ය. මෙය රූපයෝ, ශබ්දයෝ, ගන්ධයෝ, රසයෝ, පොට්ඨබ්බයෝ, ධර්මාලම්බනයෝ වශයෙන් සම්පූර්ණව සිහි කළ යුතු ය. එයින් යම් ඉවත් වීමක් වන්නේ ද එහි දී විමුක්ති ස්වභාවය ම පවතී. බොහෝ කාලයක් එසේ සිටීමට හැකි ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 06/06/2026

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේකට තව කාරණා දෙකක් එකතු කරනවා නම්,

4. රහතන් වහන්සේලා සිටින්නේ 1, 2, 3, 4 ධර්මය මෙනෙහි කරන ස්ථානයේ යැයි බුදුපියා පැවසුවා. ඉන් ඉදිරියට නොයයි. කුමක් නිසා ද? රහත් නිසා ය. රහත් අවබෝධය මනා කොට යොදාගෙන වාසය කරන නිසා ය. ආශ්‍රව නොනැසූ කෙනෙකු මෙම භාවනාවේ අවබෝධය භාවිතා කරයි.

5. ධර්මාලම්බනයෝ සහ ධර්ම තෘෂ්ණාව අතර වෙනස මෙසේ වටහා ගත හැකි ය. රැකියාවක් කරන කාලයේ යම් ධර්මයක් භාවිතා කර ජීවත් වූවා ද, එම රැකියාවෙන් ඉවත් වූ පසුත් යමෙක් එය ගැන අසන්නේ මනා කොට විස්තර කිරීමට කැමැත්ත ඇති ද මෙය එසේ වටහා ගත යුතු ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.