Date: 29/05/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

22/05/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි තුන් වන කාරණාව මෙනෙහි කරන්න. එනම් චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය. ලොව ප්‍රිය ස්වභාවයක, මධුර ස්වභාවයක. ඒ තෘෂ්ණාව ප්‍රහීණ වනුයේ මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වනුයේ මෙහි නිරුද්ධ වෙයි.

මනෝ විඤ්ඤාණය තුළ මනෝ ධාතු ඇත. එහි අර්ථ දැක්වීම විමසා බලමු. මනෝ ධාතු යන්න ධාරාව ගැලීමට තුඩු දෙන ක්‍රියාවලිය ධර්මය සමග පැවැත්වීම ලෙස ගත හැකි ය. කුමක් නිසා ද? ධර්ම ධාතුව යන්න ධාරාව ගැලීමට තුඩුදෙන ක්‍රියාවලිය ධර්මය සමග පැවැත්වීම ලෙස නොගත යුතු ය. එය එසේ ය. කුමක් නිසා ද? ධර්මයෝ සිතේ ඇති වන දෙයක් නිසා ය. සිතේ ඇති වන දෙයකින් පැවැත්විය හැකි නම් අපිට නොමැරී ජීවත් විය හැකි ය. එය එසේ ය.

මනෝ ධාතුව තුළ කුමන ධර්මයෝ අඩංගු ද? එහි සඤ්ඤා චේතනා වැනි ධර්මයන් අඩංගු බව අපි දනිමු. මෙහි නිබ්බාන ධාතුව හැර අන් සියලු ධර්මයන් අඩංගු ය. කුමක් නිසා එසේ පවසයි ද? නිබ්බාන ධාතුව මගින් ධාරාව පැවැත්වීමක් නොකරන නිසා ය. උදාහරණ වශයෙන් අනුපාදිශෙෂ නිබ්බාන ධාතුව භවය පැවැත්වීමට උත්සාහ නොකරයි.

22/05/2026 නිබ්බාන භාවනාවේ දී මෙන් සියලු තණ්හා ඉවත් කිරීම තවදුරටත් විමසන්නේ, එහි කාම තණ්හා, භව තණ්හා ඉවත් කිරීම මනා කොට වැටහේ. එහි කෙසේ විභව තණ්හාව ඉවත් කරයි ද?

විභව තණ්හාවේ අර්ථ දැක්වීම විමසා බලමු. අරි අට මඟ භාවනාවේ ඉගෙන ගත් අඹ ගෙඩිය උදාහරණය සමග විමසන්නේ, අඹ ගෙඩියෙන් තොරව ඉන්න කැමති වීම ඇතත්, අඹ ගෙඩිය කාල ඇති වූ වේදනාව තවම ඉල්ලනවා යන්න ඇත. මෙය තෙවන සත්‍යයේ දී පස් වෙනියට සඳහන් කළ මනෝ සංස්පර්ශයෙන් උපදනා වේදනාව සමග යොදා බලන්න. එය මනසත් ධර්මයත් මනෝ විඤ්ඤාණයත් එකතු වීමෙන් ඇති වූ ස්පර්ශය වේ. 20/09/2024 ශාන්ත සුවිමුත්ත භාවනාවේ සඳහන් කළ කවුළුවේ දෙවෙනි සටහන සමග විමසා බලන්න.

MM_20_09_2024_D2.jpg

එහි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලකුණු කර ඇත. ධර්මය වශයෙන් සඤ්ඤාව යොදා ගන්නේ මනසෙන් එම ධර්මය ස්පර්ශ වන්නේ මනෝ විඤ්ඤාණය සැකසේ. එය එසේ ය. එසේ සැකසුණා වූ මනෝ විඤ්ඤාණය මගින් අරූප ධ්‍යාන කෙරෙහි යොමු වීමක්, බැස ගැනීමක් වන්නේ ද එය විභව තණ්හා කොටසට ඇතුළත් ය. එය එසේ ය. එසේ නම් විභව තණ්හාවට පෙර සිදු වූ ක්‍රියාවලිය, එනම් කාම තණ්හා, භව තණ්හා මනා කොට ඉවත් වන්නේ නම් විභව තණ්හාව ඇති වීමට ඇති අඩිතාලම එයින් ම ගිලිහී යයි. නිර්වාණය එහි ම ගැබ් ගනී. කවුළුවේ දහම තුළ මුළු පටිච්චසමුප්පාදය ම ඇතුළත් වන බව අපි දනිමු. අස්මිති අනුසය නිරූපණය කරනු ලබන ප්‍රදේශයෙහි පරාවර්තනය වන ප්‍රදේශය area 6 ය. Area 6 වල සම්මා සමාධි සම්මා විමුක්ති පෙර සාකච්ඡා කළ පරිදි මනා කොට ඇති වන්නේ නම් කවුළුවක් නොපවතී. එය එසේ ය. මෙසේ නිර්වාණය සාක්ෂාත් කර ගනී.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. වේදනාවේ ඇති අඩුපාඩු නිසා ම අරූප ධ්‍යානයන් සොයා යන බව පෙර ඉගෙන ගත්තා. භවයන්ගේ අඩුපාඩු ඇති බව මනා කොට දන්නේ නම් අරූප ධ්‍යානයන් සොයා යෑමක් සැකසුණා වූ මනෝ විඤ්ඤාණය මගින් සිදු නොවේ. මෙසේ භවයන්ගේ අඩුපාඩු ඇති බව මනා කොට දන්නේ නම් ධාරාව ගැලීමට තුඩු දෙන ක්‍රියාවලිය ධාරාව නොගලන ජලාශය දක්වා ඔඩුදුවා තිබුනත් තවමත් ඉන්නට කැමැත්ත නැතිවේ. මේ නිසා රූප විතක්ක, රූප විචාර ඉවත් කළ හැකි ය. “Excellent” යැයි ඇසුණා.

2. විඤ්ඤාණය යම් බඳු ද ධර්ම ධාතුව එබඳු යැයි බුදුපියා පැවසුවා.

3. හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇතිවන උපෙක්ඛා ස්වභාවය සම්මා සමාධියට කා වදින බව 15/05/2026 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගතිමු. එය සතිය හරහා සිදු විය. මෙය එම භාවනාවේ දී එකතු කරන ලද 4b කාරණාව සමග විමසන්න. එනම්, වේදනා කෙරෙහි සඤ්ඤා මනසිකාරයෝ නැත. මෙසේ සම්මා විමුක්තිය ඇති වන්නේ නම් මනෝ සංස්පර්ශයෙන් උපදනා වේදනාව ඇති නොවේ. කුමක් නිසා ද? සඤ්ඤා මනසිකාරයෝ නැතිනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා නූපදී. මේ නිසා තථාගතයන් වහන්සේලා නාමරූප ප්‍රත්‍යයෙන් ස්පර්ශය උපදී යැයි පවසයි. එය එසේ ය.

4. මෙම භාවනාවේ දී අඹ ගෙඩිය කෑම නිසා ඇති වූ වේදනාව අඹ ගෙඩිය එපා කීමෙන් පසුව ඉල්ලනවා යන්න ඉවත් කරන බව වැටහේ. කුමක් නිසා ද? සඤ්ඤා මනසිකාරයෝ නැති තත්වයට සිත පත් වී ඇති නිසා ය. එය හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය මගින් සිදු වේ. මෙය භවයන්ගේ අඩුපාඩු දන්නකුට, දක්නකුට ඇති වේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

සාකච්ඡාව 06/06/2026