Date: 05/06/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

29/05/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි හතර වෙනියට එකතු කරන ලද කාරණාව නැවතත් විමසා බැලුවා. එනම් එම භාවනාවේ දී අඹ ගෙඩිය කෑම නිසා ඇති වූ වේදනාව අඹ ගෙඩිය එපා කීමෙන් පසුව ඉල්ලනවා යන්න ඉවත් කරන බව වැටහේ. කුමක් නිසා ද? සඤ්ඤා මනසිකාරයෝ නැති තත්වයට සිත පත් වී ඇති නිසා ය. එය හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය මගින් සිදු වේ. මෙය භවයන්ගේ අඩුපාඩු දන්නකුට, දක්නකුට ඇති වේ.

හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වන මානසික තත්වය නිසා වූ නිත්‍යභාවය පසු සඤ්ඤාවක් ලෙස තැන්පත් වී ඇත. එය පෙර අට වන ධ්‍යාන නිසා හෝ නිරෝධයට යෑම නිසා හෝ ඇති වූ මානසික තත්වය නැවත සිහිපත් වීමක්, මතු වීමක් මෙනි ය. මෙය නිසා සෝකය 2 පථය ක්‍රියාත්මක වීම මනා කොට සිදු වේ. කාම ආශ්‍රවය කරා ගමන් කිරීම මෙහි දී පෙර ධර්මයන් නිසා අධිකව සිදු වුව ද එය දැන් ධර්මතාවයන් නිසා සිදු වන්නේ ද යන්න සොයා ගැනීමට නොහැකි තරමට සඤ්ඤා අගයෝ තුනී වී ඇත යනුවෙන් පෙර භාවනාවල දී ඉගෙන ගත්තා. හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය සම්මා විමුක්තිය මගින් ඇති වන්නේ නම් අට වන ධ්‍යාන නිසා හෝ නිරෝධයට යෑම නිසා හෝ ඇති වූ මානසික තත්වය සිහිපත් වීම සිදු නොවේ. එම දහමුන් කෙරෙහි සඤ්ඤා මනසිකාරයෝ නැත. මේ නිසා area 6 සිට කාම ආශ්‍රවය සහිත area 2 දක්වා යෑමක් නැත.

Area 2 දක්වා යෑමක් නැතිනම් 20/09/2024 ශාන්ත සුවිමුත්ත චිත්ත භාවනාවේ සඳහන් කළ නන්දිය සහගතව ඇති වන belt එක, එනම් area 2, වේදනාව ගිද්ධිලෝභය ජාති මගින් ඇති වන බලපෑම නැතිවේ. මෙහි දෙපැත්තට ගමන් කිරීමක් මගින් වන කම්පනය (vibration) නැත. එනම් area 6 සිට කාම ආශ්‍රවය සහිත area 2 දක්වා යෑම සහ area 2 සිට අවිද්‍යා ආශ්‍රවය සහිත area 6 දක්වා යෑම මගින් යම් කම්පනයක් ඇති වීමක් ඇති ද එය සිදු නොවේ. මෙසේ වන්නේ නම් කවුළුවේ නාමරූප පිහිටීමක් නැත. නාමරූප නිසා ස්පර්ශය නැත. “Excellent” යැයි ඇසුණා.

මෙසේ ස්පර්ශ නිරෝධ වන්නේ ස්පර්ශ සමග ඇති වන වේදනා නිරෝධ වේ. මේ සමග වේදනා නිසා ඇති වන තණ්හාව නිරෝධ වේ. මෙසේ දුක් කෙළවර කරයි.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. සබ්බාසව සටහන් තුනේ හත් වන පිටුව සිහි විය.

s_sabbasava3_s7.jpg

මගේ යැයි ගැනීමෙන් මෝහය ඇති වන බවත්, එමගින් දකුණු ත්‍රිකෝණය සෑදීම වන බවත්, එමගින් වම් පැත්තේ ත්‍රිකෝණය සෑදීම වන බවත්, විඤ්ඤාණය ධාරාවක් මෙන් පවත්වා තණ්හාව ඇති විය යනුවෙන් එහි පෙන්වා දෙයි. Area 6 සිට කාම ආශ්‍රවය සහිත area 2 දක්වා යෑම සහ area 2 සිට අවිද්‍යා ආශ්‍රවය සහිත area 6 දක්වා යෑම මගින් යම් කම්පනයක් (vibration) ඇති වීමක් සිදු නොවෙයි නම් තණ්හාව ඇති නොවීම මෙසේ එම සටහන මගින් ද වැටහේ.

2. මෙම භාවනාව කරන්නේ ඇති වන්නා වූ විමුක්ති ස්වභාවය අධික ය.

3. හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය සම්මා විමුක්තිය මගින් ඇති වන්නේ නම් අට වන ධ්‍යාන නිසා හෝ නිරෝධයට යෑම නිසා හෝ ඇති වූ මානසික තත්වය සිහිපත් වීම සිදු නොවේ. එම දහමුන් කෙරෙහි සඤ්ඤා මනසිකාරයෝ නැත යන්නෙහි මනසිකාරය නැති වීම පළමුවත් සඤ්ඤා නැති වීම දෙවනුවත් සිදු වන බව වැටහේ. එය එසේ ය. කුමක් නිසා ද? හැම දහම්හු මනසිකාරය ප්‍රභවකොට ඇත්තාහ. (මනසිකාරසම්භවා සබ්බේ ධම්මා. They come in to being through attention)

4. මෙම භාවනාවේ දුක කෙළවර කරන අවස්ථා දෙකක් පෙන්වයි.

4a. සම්මා විමුක්තිය මගින් රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, පොට්ඨබ්බ තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව ඉවතලීම.

4b. පෙර වේදනා නොඉල්ලීම. හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය මගින් සිදු වීම. මෙය භවයන්ගේ අඩුපාඩු දන්නකුට දක්නකුට ඇති වේ.

මෙහි 4a අවස්ථාවේ දී අනිත්‍යභාවය දැක එමගින් සඤ්ඤා ඉවතලීම ඇති නිසා තණ්හා නොවේ. 4b අවස්ථාවේ සඳහන් භවයන්ගේ අඩුපාඩු දන්නකුට යන්න පෙර එම භවයන්ගෙන් වැටී නැවත උත්පත්තියක් ඇති වූ බව දන්නකුට ලෙස වටහා ගත යුතු ය. භවයන්ගේ අඩුපාඩු දක්නකුට යන්න පටිච්චසමුප්පන්නව සිදු වන ක්‍රියාවලිය දක්නකුට වශයෙන් වටහා ගත යුතු ය. එනම් තණ්හාව නිසා ඉපදීමත්, එහි දුක්ඛභාවය, ව්‍යාධි ස්වභාවය දක්නකුට තණ්හාවට තුඩු දුන් වේදනා නොඉල්ලීම ඇත.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.