ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
05/06/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි area 6 සිට area 2 දක්වා නොයෑමත්, එමගින් area 2 වල ගිද්ධිලෝභ belt එක (වේදනාව ගිද්ධිලෝභය ජාති belt එක) කැරකවීම නොවීම සාකච්ඡා කළා. මෙසේ කවුළුවේ නාමරූප නොවීම විමසා ඇත්තේ, කුමන ධර්මයක් ඒ සඳහා උදව් උපකාර කරයි ද? Area 6 සිට area 2 දක්වා නොපැමිණීම පමණක් ප්‍රමාණවත් ද? එහි දී එකතු කරන ලද 4a අවස්ථාව සහ 4b අවස්ථාව විමසා බලමු.
4a සම්මා විමුක්තිය මගින් රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, පොට්ඨබ්බ තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව ඉවතලීම පෙන්වා දී ඇත. අනිත්‍යභාවය දැක එමගින් සඤ්ඤා ඉවතලීම එහි අඩංගු ය. එනමුදු වේදනා දහමුන් ඇවිස්සීමක් වන්නේ නම් රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, පොට්ඨබ්බ තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව ඉවත් නොවේ. එනමුදු අත්හැරීම ප්‍රගුණ කළ අයකුට මෙය මනා කොට කරගත හැකි බව වැටහේ.
4b පෙර වේදනා නොඉල්ලීම. හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය මගින් සිදු වීම. මෙය භවයන්ගේ අඩුපාඩු දන්නකුට දක්නකුට ඇති වේ. පෙර භවයන්ගෙන් පිරිහී යම් පහළ තැනකට වැටී ඇති නමුදු දුක වටහා නොගන්නා අයකුට අඩුපාඩු නොපෙනේ. කුමක් නිසා ද? කෙසේ හෝ ජීවත් වන්නේ යැයි අස්මිතිය නිසා සිතෙන නිසා ය. මෙහි සක්කාය යන්න බිඳීම පටිච්චසමුප්පන්න අවබෝධයෙන් පමණක් ම සිදු වේ.
මෙසේ 4a අවස්ථාවේ දී අත්හැරීම තිබිය යුතු අතර 4b අවස්ථාවේ දී පටිච්චසමුප්පන්න අවබෝධය තිබිය යුතු ය. මෙය සමථ විපස්සනා යන දෙයාකාර ධර්මයන් මගින් සිදු වන බව වැටහේ.
අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ, පටිපදා වග්ගයේ අරහත්තප්පතති සූත්‍රයේ (යුගනද්ධ සූත්‍රය කියලත් කියනවා) ආනන්ද හාමුදුරුවෝ පවසනවා, ඇවැත්නි, යම් කිසි මහණෙක් හෝ වේවයි මෙහෙණක් හෝ වේවයි මා ඉදිරිපිට අර්හත්ව ප්‍රාප්තිය පවසා ද, ඒ හැම සතර මගින් හෝ මොවුන් අතුරෙන් එක්තරා එකෙකින් හෝ වෙයි. කවර සතර මගින යත්;
ඇවැත්නි, මේ සස්නෙහි මහණ සමථ පූර්වඞ්ගම කොට විවසුන් වඩයි. සමථ පූර්වඞ්ගම කොට විවසුන් වඩන ඔහුට ප්‍රථම ලෝකෝත්තර මාර්ගය උපදනේ ය. හේ ඒ සමග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. ඒ මග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුසයෝ විනාශ වෙත්. මෙය ඉහත සඳහන් 4b අවස්ථාව ය.
තව ද ඇවැත්නි, මහණ විදර්ශනා පූර්වඞ්ගම කොට සමථය වඩයි. විදර්ශනා පූර්වඞ්ගම කොට සමථය වඩන ඔහුට මාර්ගය උපදී. හේ ඒ මග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. ඒ මග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුසයෝ විනාශ වෙත්. මෙය ඉහත සඳහන් 4a අවස්ථාව ය.
තව ද ඇවැත්නි, මහණ සමථ විදර්ශනා යුගනද්ධ කොට ගෙණ වඩයි. සමථ විදර්ශනා යුගනද්ධ කොට ගෙණ වඩන ඔහුට මාර්ගය උපදනේ ය. ඒ මග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. ඒ මග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුසයෝ විනාශ වෙත්. මෙය 08/05/2026 නිබ්බාන භාවනාවේ සමාන ලකුණ යොදා කරන ලද විමසීම මෙනි ය.
තව ද ඇවැත්නි, මහණහට ධර්මයෙහි උද්ධතභාවයෙන් පෙළා ගත් මානය වෙයි. ඇවැත්නි යම් කලෙක ඒ විදර්ශනා වීථියට බැස ගත් සිත ගෝචර සඞ්ඛ්‍යාත ආධ්‍යාත්ම ආලම්බනයෙහි ම පිහිටා ද, සන්හිඳී ද, එකඟ වේ ද, සමාහිත වේ ද, එබඳු කාලයෙක් වෙයි. ඔහුට මාර්ගය උපදී. හේ ඒ මග සෙවුනේ ය. වඩනේ ය. බහුල විසින් කරන්නේ ය. ඒ මග සෙවුනා වඩනා බහුල විසින් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුසයෝ විනාශ වෙත්. මෙය 03/03/2023 අග්ගි සූත්‍රය - උද්‌ධතං චිත්ත භාවනාවේ සඳහන් පරිදි ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ ඇති වන්නා වූ විමුක්ති ස්වභාවය පුදුමාකාර ය.
2. භාවනාව අවසානයේ කෘතගුණ පළ කරන්නේ, මණ්ඩලාධිපති බුදුපියා “දරුව ඔබට දැන් නිර්වාණය කෙසේ දැයි යමෙකුට පැවසිය හැකි” යැයි පැවසුවා. එය ඇති වන්නා වූ විමුක්ති ස්වභාවය සමග වැටහේ.
3. වේදනා දහමුන් ඇවිස්සීමක් වන්නේ නම් රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, පොට්ඨබ්බ තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව ඉවත් නොවේ යන්න විමසා බැලුවා. මෙය පෙර විමුක්ති ස්වභාවය දැන් පවතින විමුක්ති ස්වභාවය සමග සැසඳීම නිසා බව වැටහුණා.
4. වේදනා දහමුන් ඇවිස්සීමක් නොවීම සඳහා පෙර විමුක්ති ස්වභාවය අත් හරිනවා යැයි සිතන්නේ මුළු විශ්වය ම පෙනේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.