ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
12/06/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී 4a සම්මා විමුක්තිය මගින් රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, පොට්ඨබ්බ තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව ඉවතලීම පෙන්වා දී ඇත. අනිත්‍යභාවය දැක එමගින් සඤ්ඤා ඉවතලීම එහි අඩංගු ය. එනමුදු වේදනා දහමුන් ඇවිස්සීමක් වන්නේ නම් රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, පොට්ඨබ්බ තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව ඉවත් නොවේ. එනමුදු අත්හැරීම ප්‍රගුණ කළ අයකුට මෙය මනා කොට කරගත හැකි බව වැටහේ යනුවෙන් ඉගෙන ගත්තා. තව ද වේදනා දහමුන් ඇවිස්සීම පෙර විමුක්ති ස්වභාවය දැන් පවතින විමුක්ති ස්වභාවය සමග සැසඳීම නිසා බව ඉගෙන ගත්තා.
10/02/2023 ආහාර සූත්‍ර - සමාධි භාවනාවේ දී ඉගෙන ගත් කරුණු මෙහි මනා කොට යෙදෙන බව වැටහේ. එනම් සමාධි සම්බොජ්ඣඞ්ගය සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන්නේ නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම නිසා යම් ප්‍රීතියක් වේ ද එම ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් පවතී ද එය සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය වන්නේ ය.
මෙහි දී සමථ නිමිත්තෙහි අර්ථ දැක්වීම සිහි කළ යුතු ය. සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව, අධිචිත්ත ශික්ෂාව තුළට කා වදින්නේ යම් ධර්මයක් පහ කළ යුතු ද එයට සමවදිනවා යන්න සමථ නිමිත්ත බව අපි දනිමු. ඉහත රූපයට නිත්‍ය එකතු නොකර එයින් ඇති වන ප්‍රීතිය නිසා සතුටු නොවන්නේ, එහි ලෝභ දෝෂ මෝහ පහ වීම ඇත. මේ සඳහා පස්සද්ධි සම්බොජ්ඣඞ්ග භාවනාවේ දී වටහා ගත් කරුණු භාවිතා කළ යුතු ය. මෙහි දී චිත්ත විවේකයෙහි ගුණය සිහි කරමු. පළමු ධ්‍යානයට ගිය පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානයට සමවැදිච්ච එක්කෙනාගෙ සිත විතක්ක විචාරයන්ගෙන් වෙන් වෙනවා. තුන් වෙනි ධ්‍යානයට සමවැදී සිටි පුද්ගලයාගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙනවා. හතර වෙනි ධ්‍යානයට සමවැදුණු කෙනා සුඛ දුඛ දෙකෙන් ම වෙන් වෙනවා. ඊළඟට ආකාසානඤ්චායතනයට සමවැදුණු පුද්ගලයාගේ සිත, රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤා කියන ඒවායින් වෙන් වෙනවා, ආදී වශයෙන්.
මෙසේ වෙන් වීමක් ඇති ද, එනමුදු සියල්ල ම ගැලවී ගියත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි, තද ගතිය, උෂ්ණය. මෙසේ ජරාවට පත් වන්නා වූ රොඩු මඩ සුන්බුන් වැනි ධාතු ස්වභාවයෙහි ම සිත පිහිටන්නේ නම් ව්‍යාධිය වැළකිය නොහැක. පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදෙනවා යන්න සිදු නොවේ. මෙසේ වටහාගෙන කාය පස්සද්ධි සිහි කරන්නේ, මෙහි මනා කොට සිත පිහිටන්නේ එමගින් සමථ නිමිත්ත සම්පූර්ණ වීම නිසා සමාධි සම්බොජ්ඣඞ්ගයේ ඇති වීමත් වැඩිදියුණු වීමත් සිදු වේ.
තව ද එහි දී එකතු කරන ලද හය වෙනි කාරණය නැවතත් බලමු. එනම් විමංසා සමාධිය දක්වා යන්නේ, එහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ක්‍රියාත්මක වේ. මෙය සමග සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීම සිදු වේ. මෙහි සංස්කාර විෂයෙන් ඇති වන දුක, එනම් පාණාතිපාත කරන අයෙකුට මරණය දුක බව නොදනී, ආදී වශයෙන් දැන, වේදනා සඳහා සාදන චිත්ත සංස්කාරයන් ඉවතලීම නිසා ද්වේෂ සල්ලය ඉවත් වීම මගින් සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීම. මෙහි සමථ නිමිත්ත සම්පූර්ණ වීම ඇත යනුවෙන් විමසා ඇත. මෙසේ සංස්කාරයන් ඉවතලීම නිසා දුක බව දැන ධ්‍යාන තලයන් පවා ඉවත් කිරීමත් සම්මා විමුක්තියට තුඩු දුන් දහමුන් මගින් දුක බව දැක වේදනා දහමුන් ඇවිස්සීම නොකරන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කර ගත හැකි ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව area 6 සිට area 2 දක්වා නොයෑම සහ එමගින් කවුළුවේ නාමරූප නොවීම විමසා කළ යුතු ය. සමාධි සම්බොජ්ඣඞ්ගයෙහි දක්වා ඇති කරුණු සිහි කිරීම මගින් දස අකුසලයේ සිට සියලු ධ්‍යාන තලයන් ඉවත් කිරීම ද උපධි විවේකය දක්වා පෙන්වා දී ඇති බාධාකාරී දහමුන් අත්හැරීම මනා කොට කළ යුතු ය. මෙහි දී ඇති වන්නා වූ විමුක්ති ස්වභාවය පුදුමාකාර ය.
2. මෙසේ විමුක්ති ස්වභාවය ඇති වීම ඇවිදින විට පවා සිදු වේ. මේ සඳහා පස්සද්ධි සම්බොජ්ඣඞ්ග භාවනාවේ දී වටහා ගත් කරුණු භාවිතා කළ යුතු ය. එහි චිත්ත විවේකයෙහි ගුණය සිහි කිරීම අඩංගු ය. එම දහමුන් උපධි විවේකය දක්වා සිහියේ තිබිය යුතු ය.
3. මෙම භාවනාවෙන් හතළිහක් නිවන් දකින්නේ ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.