ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
12/06/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී 4b පෙර වේදනා නොඉල්ලීම හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය මගින් සිදු වීම. මෙය භවයන්ගේ අඩුපාඩු දන්නකුට දක්නකුට ඇති වේ. පෙර භවයන්ගෙන් පිරිහී යම් පහළ තැනකට වැටී ඇති නමුදු දුක වටහා නොගන්නා අයකුට අඩුපාඩු නොපෙනේ. කුමක් නිසා ද? කෙසේ හෝ ජීවත් වන්නේ යැයි අස්මිතිය නිසා සිතෙන නිසා ය. මෙහි සක්කාය යන්න බිඳීම පටිච්චසමුප්පන්න අවබෝධයෙන් පමණක් ම සිදු වේ. මෙය සමථ පූර්වඞ්ගම කොට විදර්ශනා වඩන අවස්ථාව ලෙස ගන්නේ මෙහි කුමන දහමක් මගින් මනා කොට පටිච්චසමුප්පන්න අවබෝධය ඇති වේ ද යන්න විමසුවා.
මෙය සඳහා අරි අට මඟ භාවනාව යොදා ගත හැකි බව අපි දනිමු. එනමුදු සිත දැනට පත් වී ඇති ස්වභාවය නොනැසී පවත්වා පටිච්චසමුප්පන්න අවබෝධය යම් දහමක් මගින් ඇතිවන්නේ නම් එය වඩා උචිත ය. පවතින්නා වූ සමාධි ස්වභාවයට ගෝචර ය. මෙයට සුදුසු වන්නේ 17/02/2023 ආහාර සූත්‍ර - උපෙක්ඛා සම්බොජ්ඣඞ්ග භාවනාව යැයි වැටහිණ. එහි දැක් වූ කරුණු විමසා බලමු.
මහණෙනි, ඇතුළත දහම්හි යම් උපෙක්ඛා බවකුත් වේ නම් එය ද උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයකි. පිටත දහම්හි යම් උපෙක්ඛා බවකුත් වේ නම් එය ද උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයකි. මෙසේ මෙය උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය යැයි උදෙසීමට යේ. මේ ක්‍රමයෙන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය දෙකක් වේ.
මෙය කෙසේ වටහා ගත යුතු ද? සමාධි සම්බොජ්ඣඞ්ගය 30/12/2022 නිබ්බාන භාවනා අයුරින් ඇති වන්නේ, සමාධි සම්බොජ්ඣඞ්ගය තුළ යම් දහමක් නිසා, සුඛ දුඛ යන්න කෙරෙහි යම් නුවණින් සෙවීම (පවිචිනති), පරීක්ෂා කෙරෙයි (පවිචරති), හාත්පසින් විමසීම (පරිවිමංස) යන ධර්මතාවයන්ගෙන් ප්‍රගුණ වන්නේ එහි යම් උපෙක්ඛාවක් වේ ද, එනම් කැමති වුණා වූ නිරෝධය ම නොසැලී පවතින්නේ නම්, එය ඇතුළත සහ පිටත යන දහම්හි උපෙක්ඛා යන්න වේ. මෙහි වෙන් කිරීම ඇතුළත යන්න මනෝමය කාය හා සම්බන්ධ වන අතර පිටත යන්න බාහිර කාය හා සම්බන්ධ වේ. මෙහි දී හත් වෙනි ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය තුළ, සුඛ දුඛ යන්න කෙරෙහි යම් නුවණින් සෙවීම (පවිචිනති), පරීක්ෂා කෙරෙයි (පවිචරති), හාත්පසින් විමසීම (පරිවිමංස) යන ධර්මතාවය යොදා විමසිය යුතු ය.
පිටත දහම්හි උපෙක්ඛාව පළමුව විමසන්නේ සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ සියල්ල ම පහ කළත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි යන්න විමසන්නේ එහි පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් ධාතු විෂයයෙහි සිත සමාදන් නොවේ. එහි ම නිර්වාණය ගැබ් වේ.
ඇතුළත දහම්හි උපෙක්ඛාව දෙවනුව විමසනුයේ අබ්‍යග්ග නිමිත්ත the sign of non dispersal පෙරටු කොට භාවනාව වඩන්නේ සංස්කාර විෂයයෙහි සිත නොපිහිටන්නේ අවිද්‍යාව නිසා වන සංස්කාරයන් තුනී වී යන්නේ කිසිදු ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් සියුම් වූ ධාතු ස්වභාවය ඉක්මවීමට හැකි වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. මෙහි ආපෝ ධාතු - එනම් බැඳීම කරන ධාතු- ඉවත් කරන බව වටහා ගත යුතු ය. මෙය කර්මය හා සම්බන්ධ ය. මෙහි දී අධි ප්‍රඥා ශික්ෂාව සිහි කළ යුතු ය. එහි අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යෑමක් නොවන්නේ නම් කිසිදු ධ්‍යාන තලයක් මගේ යැයි නොගනී යන්න ඇතුළත් ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙහි පවිචිනති, පවිචරති, පරිවිමංස යන ධර්මතාවයන්ගෙන් ප්‍රගුණ වන්නේ මෙහි 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව යන්න යොදා විමසිය යුතු ය. මෙම අවස්ථාවේ දී හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය ඇත්තේ පෙර භවයන් පෙනෙන්නේ, පෙර භවයන්ගෙන් පිරිහී යම් පහළ තැනකට වැටී ඇති බව දන්නේ “අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වේ නම් මගේ යැයි ගන්න වටින්නේ ද?” යන්න යෙදිය යුතු ය.
2. මෙම භාවනාව කරන්නේ ඵල චිත්තය නැංවෙන අතර එය නොගිලිහී පවතී. Serious බව පවතී.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.