Date: 03/07/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

26/06/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි පිටත දහම්හි උපෙක්ඛාව පළමුව විමසනුයේ සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ සියල්ල ම පහ කළත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි යන්න විමසන්නේ එහි පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් ධාතු විෂයෙහි සිත සමාදන් නොවේ. එහි ම නිර්වාණය ගැබ් වේ. මෙහි දී කෙසේ පටිච්චසමුප්පාද ධර්මයෝ යෙදෙත් ද? එහි දෙයාකාරයකට එම දහමුන් යෙදීම ඇති බව වැටහේ.

1. සමාධි සම්බොජ්ඣඞ්ගය 30/12/2022 නිබ්බාන භාවනාව අයුරින් ඇති වන්නේ, සමාධි සම්බොජ්ඣඞ්ගය තුළ යම් දහමක් නිසා, සුඛ දුඛ යන්න කෙරෙහි යම් නුවණින් සෙවීම (පවිචිනති), පරීක්ෂා කෙරෙයි (පවිචරති), හාත්පසින් විමසීම (පරිවිමංස) යන ධර්මතාවයන්ගෙන් ප්‍රගුණ කිරීම සඳහා භාවිතා කරන ලද සටහන විමසන්න.

S_Sabbasava3_S8.jpg

එහි 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව ඇත. මෙය භාවනා කිරීමේ දී “අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වන්නේ නම් මගේ යැයි ගන්න වටිනවා ද?” යන්න යොදා විමසන බව අපි දනිමු. එහි දී යම් දහමක් නොගන්නේ නම් පවතින්නා වූ සමාධි ස්වභාවයට ගෝචර ය. සමාධිය ඇත්තෙකුට එය උචිත ය.

2. භව පච්චයා ජාති. ජාතිය දුක බව සවිතක්ක සවිචාර සමාධිය මගින් පෙන්වා දෙනු ලබයි. මොහු සමථ පූර්වඞ්ගම කොට භාවනාව වඩා ඇත්තේ ය. සමාධිය ඇත්තෙකුට දුක බව වැටහේ. කුමක් නිසා ද? Advanced 2 උපෙක්ඛා භාවනාවේ උපෙක්ඛා නිමිත්ත සිහි කරන්නේ මෙය හොඳින් වැටහේ. පාණාතිපාත පෙර කළා ද, එයින් ඉවත් වූ පසු ඇති වන සුඛය නිසා පෙර කළා වූ දෙය දුක වශයෙන් දැකීම ආදී වශයෙන් සිතීම එහි ඇතුළත් ය.

ඇතුළත දහම්හි උපෙක්ඛාව දෙවනුව විමසනුයේ අබ්‍යග්ග නිමිත්ත (the sign of non dispersal) පෙරටු කොට භාවනාව වඩන්නේ සංස්කාර විෂයෙහි සිත නොපිහිටන්නේ අවිද්‍යාව නිසා වන සංස්කාරයන් තුනී වී යන්නේ කිසිදු ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් සියුම් වූ ධාතු ස්වභාවය ඉක්මවීමට හැකි වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. මෙහි දී කෙසේ පටිච්චසමුප්පාද ධර්මයෝ යෙදෙත් ද? එහි දෙයාකාරයකට එම දහමුන් යෙදීම ඇති බව වැටහේ. මෙය වටහා ගැනීමට දී ඇති සටහන යොදා ගන්න.

MM_03_07_2026.jpg

එතකොට ඒ diagram එකේ තියෙනවා අබ්‍යග්ග නිමිත්ත සමාන ලකුණක් දාලා අවිතක්ක අවිචාර සමාධිය තුළ පග්ගහ නිමිත්ත ස්ථිර වීම නිසා ඇති වන ප්‍රීතිය කෙරෙහි උපේක්ඛාව කියල පෙන්නලා දීලා තියෙනවා. දකුණු පැත්තෙන් චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම, දුක නැති කිරීමේ මාර්ගය, ප්‍රාණඝාතයෙන් වෙන් වීම අදින්නාදානයෙන් වෙන් වීම ආදී වශයෙන් පෙන්වා දීලා තියෙනවා. වම් පැත්තේ යම් දහමක පෙර සිත ගොඩනැඟුවා ද එමගින් යම් උපතක් සිදු වූවා ද එම සියල්ල දුක වශයෙන් දැක එහි නැවත නොපිහිටයි ආදී වශයෙන් පෙන්වා දීලා තියෙනවා. එතනින් එනවා අපි දුක ඇති වන බව දැන එහි නොපිහිටයි කියන එකට. එතකොට ඒක සමාන වෙනවා දුක නැති කිරීමේ මාර්ගය කියන එකට.

මෙහි දී කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාවය ඇතිව උපදනේ ය, කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය, ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාවය ඇතිව උපදනේ ය, ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය, යන අවස්ථා හතර යොදා වම් පැත්තේ ධර්මයන් විමසිය යුතු ය. මෙහි දී අතීත භවයන් දැකීමට තරම් සමාධිය දියුණු වී ඇත්තේ කර්ම විපාක වශයෙන් ඉපදීම දකින්නේ මෙහි පටිච්චසමුප්පාදය එයයි. මෙය එසේ නොවන අයකුට දකුණු පැත්තේ පටිච්චසමුප්පාදය යොදාගත හැකි ය. තව අයෙකුට මේ දෙක ම වේ.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ ඇති වන්නා වූ විමුක්ති ස්වභාවය පුදුමාකාර ය. මෙහි කොටස් හතර මෙනෙහි කරන විට පුදුමාකාර සුඛයන් මුහුණේ ඇති වන්නේ ය. එය එක වර්ණයක් ඇති භාජනයකට තව වර්ණයක් එකතු කරන්නේ, එය ද තව වර්ණයක් යැයි සිතන්නේ යම් සේ ද, එසේ සුඛයන් ඇති වුව ද පවතින්නා වූ විමුක්ති ස්වභාවය නොගිලිහී පවතී. තථාගතයන් වහන්සේ දවස් හතක් නොසෙල වී සුඛයෙන් පමණක් සිටිය හැකි යැයි පැවසුවේ මෙවැනි දහම් මෙසේ භාවිතා කළ හැකි නිසා යැයි බුදුපියා මෙය ලියන විට පැවසුවා.

2. දින කිහිපයක් මෙම භාවනාව කරන්නේ serious ස්වභාවය අධික වන්නේ මනෝමය කායේ ඇස දැකීම සිදු වේ.

3. 26/06/2026 නිබ්බාන භාවනාවේ සඳහන් සිත දැනට පත් වී ඇති ස්වභාවය නොනැසී පවත්වා පටිච්චසමුප්පන්න අවබෝධය යම් දහමක් මගින් ඇති වන්නේ නම් එය වඩා උචිත ය. පවතින්නා වූ සමාධි ස්වභාවයට ගෝචර ය, යන්න සිහි කරන විට serious ස්වභාවය ඇති වේ. සමාධි සම්බොජ්ඣඞ්ගය තුළ යම් දහමක් නිසා, සුඛ දුඛ යන්න කෙරෙහි උපෙක්ඛාව සිහි කරන්නේ සුඛයන් මුහුණේ ඇති වන්නේ ය. මෙම ස්වභාවයන් අතර මාරු වීම කළ හැකි ය. එනමුදු එකක් වත් පිරිහී නැත. මනසිකාරය මගින් එසේ serious ස්වභාවය සහ සුඛ ස්වභාවය අතර මාරු වීම සිදු වේ. “අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වන්නේ නම් මගේ යැයි ගන්න වටිනවා ද?” යන්න යොදා විමසන විට නිකට සුඛ වශයෙන් දැනීම මෙයට එකතු වේ. මෙම තුන් ආකාර වූ ස්වභාවයන් අතර මාරු වීම මනසිකාරය මගින් කළ හැකි ය. තුන් ස්වභාවය ම නොපිහිරිහී පවතී. දී ඇති සටහනේ දකුණු පැත්තේ දහමුන් සිහි කරන්නේ දකුණු කකුල දක්වා ම ප්‍රීතිය ඇති වන අතර ඉහත සඳහන් ස්වභාවයන් නොගිලිහී පවතී. එම සටහනේ වම් පැත්තේ දහමුන් සිහි කරන්නේ මුහුණේ වම් පැත්ත ද සුඛ වීම මෙයට එකතු වේ. පෙර පරිදි ස්වභාවයන් අතර මාරු වීම මනසිකාරය මගින් කළ හැකි ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.