Date: 10/07/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

07/03/2025 ව්‍යාපාද භාවනාවේ සඳහන් සෝකය 2 පථය මගින් පෙර විඳින ලද්දා වූ සුඛ සඤ්ඤාවේ, පසු සඤ්ඤාව වන කාම ආශ්‍රව මගින් රාග සල්ලය හරහා, රූපයන්ගේ වැඩි අගයන් ම සනාථ කරනු ලබයි. එනම් පෙර භවවල හොඳ වූ භවයන්ගේ රූප අගයෝ ම, සනාථ කරයි, යනුවෙන් ඉගෙන ගත්තා. මෙහි රාග සල්ලයට පැමිණීම ඇත.

Soka2.jpg

සුඹුල මෙන් වූ රූපයන් සොයා මෙසේ යෑම වන්නේ නම්, එය හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය මගින් ඉවත් කිරීම කෙසේ සිදු වේ ද? මෙය සඳහා කුමන පටිච්චසමුපාද දහමක් අවශ්‍ය වේ ද? භව පච්චයා ජාති, ජාතිය දුක යන්න ප්‍රමාණවත් ද? අට වන ධ්‍යාන නිසා ඇති වූ සුඛය, මෙය නිදා ගැනීම නිසා ඇති වූ සුඛය ලෙස විමසන්නේ මෙහි අවස්ථා දෙකක් ඇති යැයි වැටහේ.

1. අට වන ධ්‍යානයේ වාසය කිරීම නිසා ඇති වූ සැනසීම් ස්වභාවය සුඛ ලෙස ගැනීම.

2. නිරෝධයට යෑම නිසා ඇති වූ සැනසීම් ස්වභාවය සුඛ ලෙස ගැනීම.

මෙහි පළවන අවස්ථාවේ දී සඤ්ඤාවන් ඇති නැති ස්වභාවය නිසා ඇති වූ සැනසීම් ස්වභාවය කෙරෙහි නොඇලීමට, භව පච්චයා ජාති, ජාතිය දුක යන්න නොසෑහේ. කුමක් නිසා ද? එහි ඕලාරික ගතිය වැඩි නිසා ය. ගිලිහුණ සඤ්ඤා නිසා ඔහුට එම ධර්මතාවය වැටහීම අඩු ය. මෙය සඳහා “අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වන්නේ නම් මගේ යැයි ගන්න වටිනවා ද?” යන්න, 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව යන සතිය සමග යෙදීම වඩා උචිත ය. කුමක් නිසා ද? සඤ්ඤාවන් නැති අවස්ථාව, සඤ්ඤාව ඇති අවස්ථාව සමග සසඳන්නේ සඤ්ඤාවන් නැති අවස්ථාව අගයන නිසා ය. මෙය අනිත්‍යභාවය සමග සම්බන්ධ ය. ඒ නිසා ය. ඔහු කුමන හේතුවක් නිසා මෙසේ පෙර භවයන්ගේ සඤ්ඤා ඇති වේ ද, එය නැතිනම් හොඳ යැයි පවසන්නේ එය ම අනිත්‍යභාවය වටහා ගැනීමට උදව් වන්නේ ය.

දෙවන අවස්ථාව මෙනෙහි කරන්නේ මෙහි සඤ්ඤා තිබූ බවක් මතකයේ නැත. සැනසීම ඇත. මෙයට 03/07/2026 නිබ්බාන භාවනාවේ අබ්‍යග්ග නිමිත්ත (the sign of non dispersal) වටහා ගැනීමට දෙන ලද සටහනේ දකුණු පැත්තේ ධර්මයන් මනා කොට යොදාගත යුතු ය.

MM_03_07_2026.jpg

එනම් චතුරාර්ය සත්‍යයෙන් පෝෂණය වී ඇත්තේ දුක්ඛ සමුදය දන්නේ, දක්නේ, නිරෝධයෙන් ඉවත් වූ අවස්ථාව දුක වශයෙන් දැන, දැක, සමුදය දහමක් මගින් පමණක් උප්පත්තියක් වන බව දන්නේ එහි තණ්හාව ඉවත් කිරීම ඇත. මෙය සඳහා අබ්‍යග්ග නිමිත්තේ කරුණු මනා කොට දන්නේ සෑම උපතක ම දුක බව අවබෝධ විය යුතු ම ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙහි දෙවන අවස්ථාව පළවන අවස්ථාවට පත් වූ අයෙකුට වන බැවින් ඔහු “අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වන්නේ නම් මගේ යැයි ගන්න වටිනවා ද?” යන්න මනා කොට පෙර භාවිතා කර ඇත්තේ, සමුදය දහමක් මගින් පමණක් උප්පත්තියක් වන බව දන්නේ එහි තණ්හාව ඉවත් කිරීමට සුදුස්සෙක් වී ඇති බව වැටහේ. මෙසේ සියලු ලෝකයන් ඉක්මවයි.

2. මෙහි පළවන අවස්ථාවේ සඳහන් කළ ධර්මතාවයෝ සිහි කරන්නේ ප්‍රඥා ඇස ඇරෙන අතර දකුණු කකුලෙන් පවා ප්‍රීතිය දැනේ.

3. දෙවන අවස්ථාවේ සඳහන් කළ ධර්මතාවයෝ සිහි කරන්නේ සතිය සහිත වම් ඇස ඇරෙන අතර අවදිව නොසැලී සිටිය හැකි ය. මෙහි දී මුළු නළල ම සමාන ආකාරයකට ශාන්ත ලෙස දැනෙන අතර එසේ මිනිත්තු තුනක් නොසැලී සිටින්නේ නම් නිරෝධය ඇති වේ. මෙසේ නිරෝධ සමාපත්තියේ බොහෝ කාලයක් සිටිය හැකි බව බුදු පියා මෙය ලියන විට පැවසුවා.

4. මෙහි සඳහන් ගිලිහුණු සඤ්ඤා නිසා ඔහුට එම ධර්මතාවය වැටහීම අඩු ය යන්න මෙසේ වටහා ගත හැකි ය. අට වන ධ්‍යාන වන්නේ සඤ්ඤා ඇති අවස්ථාවේ දී පෙර භවයන් මතු වීම නිසා භවයන් සාදයි. එහි ම නිරෝධ අවස්ථාවේ දී භවයන් නොසාදයි. මේ නිසා භව පච්චයා ජාති, ජාතිය දුක යන්න නොවැටහේ. නිතර ම සත්වයන් තමාට පිහිටක් වූ අවස්ථාවල වැඩියෙන් ගැවසෙන නිසා ය. මෙහි පිහිටක් වූ අවස්ථාව නිරෝධයයි.

5. ඉහත 1 සහ 2 හි සඳහන් සැනසීම් ස්වභාවය සිහි කරන විට deep space ඇදී යෑම සිදු වේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.