Date: 24/07/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

17/07/2026 නිබ්බාන භාවනාවේ මෙන් විරාගානුපස්සනාව වඩන්නේ නමුදු එය පටිනිස්සග්ගානුපස්සනාව දක්වා දියුණු නොවන්නේ නම් කුමක් වේ ද? එසේ වන්නේ නම් තුන් වන පථය එනම් භය අගති සෝක වේදනා රූප ක්‍රියාත්මක වීම දිට්ඨි ආශ්‍රව නිසා සිදු වේ.

s_BrokenNiccaSankalpa1.jpg

මෙය ඉවත් කිරීමට කුමක් කළ යුතු ද?

26/09/2025 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත් පරිදි 29/08/2025 උපෙක්ඛා අප්‍පමාණ භාවනාවේ සිට 19/09/2025 දක්වා වූ උපෙක්ඛා අප්‍පමාණ භාවනාවන් මගින් පෙන්වා දුන් ආකාරයට සෑම ධ්‍යාන තලයක් ම ඉක්මවීමට දක්ෂ වීම එක ක්‍රමයකි. තව ක්‍රම දෙකක් ඇත.

එක ක්‍රමයකට විමසන්නේ අනිච්චානුපස්සනාව තුළ භූත පථය මඟහැරීමට තරම් දක්ෂව එය වඩා තිබිය යුතු ය.

s_bhuta.jpg

මෙහි කුමන දක්ෂතාවයක් අඩංගු විය යුතු ද? යමක් දකින විට ම එය මගේ යැයි නොගන්නා ප්‍රමාණයට සිත පැවැත්වීමට හැකි බව කිව යුතු ය.

අනෙක් ක්‍රමය සඳහා යම් සඤ්ඤාවක් වේ ද එමගින් යම් දහමක් ඇති වන්නේ ද එය දුක බව දැන ගැනීමට තරම් දුක යන සඤ්ඤාව දියුණු වී තිබිය යුතු ය. මෙය අනිත්‍ය දන්නකුට දක්නකුට අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත්වන්නේ නම් මගේ යැයි ගන්න වටිනවා ද, යන අර්ථය මනා කොට ඉදිරිපත් වන පරිදි දියුණූ වී ඇති අයකුට පවතී.

මෙම ක්‍රම දෙකෙන් කුමක්, හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය ඇත්තෙකුට වඩා සුදුසු වේ ද? මෙහි දෙවනියට සඳහන් කළ ක්‍රමය වඩා උචිත බව වැටහේ. කුමක් නිසා ද? ඔහු අතහැරීම පුරුදු කර ඇත්තේ යම් දහමක් ඔඩු දිවීමට පෙර නවත්වා ගත යුතු යැයි හැඟීම් ඇති නිසා ය. මෙහි දී යම් දෙයක් සඤ්ඤාවෙන් හඳුනා ගන්නා විට ම නැවතීමට දක්ෂ විය යුතු ම ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙහි සඳහන් පළවෙනි ක්‍රමයේ දී යමක් දකින විට මගේ යැයි ගැනීමට මාට්ටු කරගත් සක්කාය දක්වා එය ඔඩු දුවා තිබිය යුතු ය. එය එසේ ය.

2. සාරිය උදාහරණය සමග විමසා බැලූවා. සාරිය ගැන මෙම වර්ණ මෙවැනි මල් ආදි වශයෙන් සිතේ ඇත. මෙය හත් වන ධ්‍යානය ඉවත් කිරීමෙන් පසුව ඇති වූ විමුක්ති ස්වභාවය ඇති අවස්ථාවේ දී අට වන ධ්‍යාන නිරෝධය වැනි සැනසීමක් තමයි මට ඕන යන්න සිතේ ඇත. අට වන ධ්‍යානය හෝ නිරෝධය හෝ ඇති වන්නේ එය ලැබේ. අත්තා 1 සහ 2 එකතු වන්නේ එයට මාන වන්නේ, මිච්ඡා දිට්ඨිය ඇති වේ. එකතු වී පවතී යැයි සිතයි. මාට්ටු කර සාදාගත් සක්කාය දිට්ඨිය මෙසේ ඇති වේ. මෙය අට වන ධ්‍යානය හෝ නිරෝධයට ගිය අයෙකුට එම තත්වයෙන් මිදුණු පසුව ඇති වේ. අට වන ධ්‍යානය හෝ නිරෝධය නොගනී යැයි සිතන්නේ සිත විශාල වී විශ්වය පෙනේ.

3. මෙම භාවනාව කරන්නේ සඤ්ඤාව නොගන්නා බව භාවනාවෙන් පසුවත් පවතී.

4. පථය 2 මගින් චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනංවා සනාථ කරනු ලබයි යනුවෙන් ඉගෙන ගත්තා. විරාගානුපස්සනාව කරන්නේ මෙය යම් පමණකට පමණක් ඉවත් වන්නේ නම් චිත්ත සංස්කාරයෝ සම්පූර්ණයෙන් ම ඉවත් නොවන බවක් සඤ්ඤා ඇති නැති අවස්ථාවල අතහැරීම සඳහා ජීවත් නොවන්නෙකුට සිදු විය හැකි ය. එය එසේ වන්නේ දිට්ඨි ආශ්‍රවය මගින් තවමත් යම් පමණකට හෝ ජීවත් වීම සුඛ යැයි පවසන නිසා බව වැටහේ. එය ඉවත් කිරීම සඳහා මෙම භාවනාවේ සඳහන් යම් සඤ්ඤාවක් වේ ද එමගින් යම් දහමක් ඇති වන්නේ ද එය දුක බව දැන ගැනීමට තරම් දුක යන සඤ්ඤාව දියුණු වී තිබිය යුතු ය යන්න යෙදීමෙන් මනා කොට පැහැදිලි වේ. එනම් පිරිසිදු වූ සඤ්ඤාව මගින් චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනැංවීමක් නොකිරීමට වග බලා ගත යුතු ය.

5. සඤ්ඤාවෙන් හඳුනා ගන්නා විට ම නැවතීමට දක්ෂ විය යුතු ම ය යන්න තවදුරටත් විමසන්නේ මෙය විභන්තචිත්තා යන පථය මගින් වන ක්‍රියාවලිය නැවතීම ලෙස ගත හැකි ය. එය එසේ ය.

s_vibanthacitta.jpg

ජරා වූ අපි, ප්‍රිය දෙයින් වෙන් වූ අපි, සඤ්ඤාවක් අලුතින් මතුවන්නේ එම අවස්ථාවේ දී කරගන්නා වූ ක්‍රියාවලිය නැවතීම ලෙස සිතන්න.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.