Date: 31/07/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

නිරෝධානුපස්සනාව වඩනුයේ එය කෙසේ දුක්ඛය කෙළවර කිරීමට අඩිතාලම සකස් කරයි ද? 24/07/2026 නිබ්බාන භාවනාවේ එකතු කරන ලද හතර වන කරුණ නැවතත් විමසා බලමු. පථය 2 මගින් චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනංවා සනාථ කරනු ලබයි යනුවෙන් ඉගෙනගෙන ඇත. විරාගානුපස්සනාව සාර්ථක වීම යම් අයෙකුට වන්නේ නම් ඔහු නිර්වාණයට ළඟා වන බව පැහැදිලි ය. එනමුදු මෙය මනා කොට කර ගැනීම වළකන තව දහමක් ඇත. එය භව ආශ්‍රවය බව කිව යුතු ම ය. භව ආශ්‍රවය යනු අත්තා යන්නෙහි පසු සඤ්ඤා බව අපි දනිමු. මෙය මගින් කෙසේ නිර්වාණය වළකයි ද?

භූත පථය සමග විමසන්නේ අත්තා මගින් දිට්ඨි ආශ්‍රවය වන්නේ නිර්වාණය වැළකීම එක ආකාරයකි. එනමුදු භව ආශ්‍රවය මගින් පමණක් වළකන අවස්ථා ඇත. ඒ මොනවා ද?

1. පහළ සංස්කාර කොටුව මගින් යම් පරාමාසගත වීමක් වන්නේ නම් එය අත්තා සමග එකතු වන දහමුන් මගින් වේදනාව ඇවිස්සීම සිදු වීම එකකි. දී ඇති සටහන බලන්න.

MM_31_07_2026.jpg

මෙය සෝකය හරහා සිදු වේ. කෙසේ ද? විඤ්ඤාණය තුළ ඇති දහමුන් පරාමාසය හරහා පරාවර්තනය වී සෝකය ඇති වීම මගිනි.

2. යම් දහමක් අත්තා කර ගත්තා ද එමගින් ජීවිත ඉන්ද්‍රිය යම් පැවැත්මක් කෙරෙහි යොමු කරන්නේ ද එය මගින් වන බලපෑම ඉදංසච්චය හරහා පැමිණේ. Line 5 ගැන සිතන්න. එසේ සෝකය කරා ගමන් කිරීමක් සිදු වේ. විඤ්ඤාණ ධාරාව සටහන යොදා ගන්න.

Vinnanadaharava2.jpg

මෙහි වැළකීම කෙසේ ද? පළවෙනි අවස්ථාවේ දී සංස්කාරයන් ඉවත් කිරීමට තරම් අවිද්‍යාව නසා තිබිය යුතු ය. ඒ සඳහා අනිච්චානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා හොඳින් වඩා තිබිය යුතු ම ය.

දෙවන අවස්ථාවේ දී ජීවිත ඉන්ද්‍රිය පැවැත්වීම කෙරෙහි යම් කැමැත්තක් ඇති ද, එය පහ කළ යුතු ය. මෙහි තණ්හාව අතහැරීම යන්න විශේෂිත ය. ඉහත පළවෙනි අවස්ථාවේ දී යොදා ගත් අනිච්චානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා යන දහමුන් මෙහි දී උදව් උපකාර කරනු ලබයි. කුමක් නිසා ද? යමෙක් දුක්ඛ නිරෝධයට කැමති වන්නේ නිරෝධයෙන් තොර වූ අවස්ථාවන් දුක වශයෙන් දැකීම නිසා ය. මෙලෙස තණ්හාව ඉවත් කිරීමට කැමැත්ත ඇති වේ.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙහි පළවෙනි අවස්ථාවේ දී සඤ්ඤාවට තුඩු දෙන සංස්කාරයන් ඉවත් කළ යුතු බව වැටහේ. මෙහි දී දකුණු ඇස ඇරේ.

2. මෙහි දෙවන අවස්ථාවේ දී මම ඉන්න නෙමෙයි අත හැරීම සඳහා ජීවත් වන්නෙක් යැයි සතිය තිබිය යුතු ය. මෙහි දී වම් ඇස ඇරේ. මෙම අවස්ථාවට උදාහරණ වශයෙන් කසාය මුට්ටිය ලිපේ තියා ඇති අයෙකු භාවනාවේ දී ලිප නිව්වා ද නැද්ද යන්න සිහි වීම ගත හැකි ය. කසාය මුට්ටිය ලිපේ තියා ඇත්තේ ජීවිත ඉන්ද්‍රිය පැවැත්වීම සඳහා ය. එහි තණ්හාව ඉවත් කළ හැකි විය යුතු මෙන් සිතන්න.

3. මෙහි පළවෙනි අවස්ථාවේ දී සංස්කාරයන් ඉවත් කිරීමට තරම් අවිද්‍යාව නසා තිබිය යුතු ය. ඒ සඳහා අනිච්චානුපස්සනාව area 1 සහ area 6 වල දුක ස්වභාවය නොගිලිහෙන ප්‍රමාණයට සඤ්ඤාවේ අනිත්‍යභාවය වැඩීම කරන විට ම ඇස් දෙක ම විවෘත වන බව දැනේ. එය ම විරාගයට තුඩු දීමක් වී දෙවන අවස්ථාවේ දී සඳහන් තණ්හාව ඉවත් කිරීමට සුදුස්සෙක් බවට පත් වන බව වැටහේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.