Date: 07/08/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

නිරෝධානුපස්සනාව වඩනුයේ 31/07/2026 නිබ්බාන භාවනාවේ සඳහන් දෙවන කාරණය වළක්වා ගැනීම සාර්ථක නොවුවහොත් කුමක් සිදු වේ ද? මෙහි ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච line 5 යන්නට මනස යොමු කරන්නේ මෙහි අවස්ථා දෙකක් ඇති බව වැටහේ.

1. විඤ්ඤාණ ධාරාව සටහනේ දැක් වූ ආකාරයට සෝකය දක්වා ගමන් කිරීම.

2. Line 5 දුර්වල වීම.

මෙහි පළවෙනි අවස්ථාවේ නිර්වාණය නැත. දෙවන අවස්ථාවේ දී ඉදංසච්චය ළඟ චතුරාර්ය සත්‍ය තබන්නේ නම් line 5 හරහා ගැලීම නවතාගත හැකි ය. එනමුදු ජීවිත ඉන්ද්‍රිය නිසා පරාමාසයට වන ගැලීම තිබිය හෑකි ය. මෙය සුභ ධාතු යන්න සමග සම්බන්ධ ය. මෙහි දී පරාමාසය ඇවිස්සීමක් යම් පමණකට වේදනා හරහා සිදු වේ. එය භව ආශ්‍රවය නිසා ය. දී ඇති සටහන බලන්න.

MM_07_08_2026.jpg

එහි line 7 හරහා ධාරාව ගැලීම පෙන්වා දී ඇත. මෙසේ වේදනා දහමුන් ජීවිත ඉන්ද්‍රියේ සිට ගලන්නා වූ දහමුන් සමඟ එකතු වන්නේ නම් නිර්වාණය නොවේ.

සුභ ධාතු යන්න කෙසේ අර්ථ දක්වන්නේ ද? ධාරාව ගැලීමට තුඩු දෙන ක්‍රියාවලිය සුභය සමග පැවැත්වීම ලෙස විමසන්නේ මෙහි ඕලාරික වූ කබලිංකාර ආහාරයේ සිට ආලෝකය වැනි සියුම් වූ සුඹුල මෙන් වූ රූප කොටස් සුභයෙහි ඇතුළත් වේ. මෙහි යම් නොගැලපීමක් ඇත් ද එය ධාරාව ගැලීමට ඉඩ සලස්වයි.

මෙහි වැළකීම කෙසේ ද? සියලු ධාතු කෙරෙහි තණ්හාව ඉවත් කිරීම මගින් පමණි. ඒ සඳහා සතර ඉද්ධිපාදයෝ සමග අනිච්චානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා දහමුන් හොඳින් වැඩිය යුතු ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ සතර ඉද්ධිපාදයෝ සමග අනිච්චානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා දහමුන් වැඩීම ආරම්භ කරන විට ම සිත අප්‍රමාණව විශාල වන්නේ ය.

2. මෙහි පළවෙනි අවස්ථාව යම් දහමක් අත්තා කර ගෙන ඇත්තේ එමගින් ජීවිත ඉන්ද්‍රිය යම් පැවැත්මක් කෙරෙහි යොමු කරන්නේ ද එය මගින් වන බලපෑම ඉදංසච්චය හරහා පැමිණේ යන්න සමග විමසන්නේ මෙයට උදාහරණ වශයෙන් උෂ්ණ රටක් අතහැර වෙන රටක වාසය සඳහා යන්නේ එහි ගිය පසු සීතල නිසා සෝක වීම ගත හැකි ය.

3. මෙහි දෙවන අවස්ථාවේ දී line 7 වලින් ධාරාව ගැලීමට වැඩියෙන් බලපා ඇත්තේ වේදනා දහමුන් මගින් පරාමාසය ඇවිස්සීම ය. භව ආශ්‍රවයේ බලපෑම එම වේදනා දහමුන්ට ඇත. එම නිසා line 7 දුර්වල නැත. මෙසේ හත් වන ධ්‍යානය ඉවත් කළ අයකුට පවා භව ආශ්‍රවය නිසා පරාමාසය ඇවිස්සීමක් යම් පමණකට වේදනා හරහා සිදු වන බව වටහා ගත යුතු ය.

4. මෙම භාවනාව කරන්නේ විඤ්ඤාණය ඉතා කුඩා කාලයක් පවතින්නේ ඡන්ද සමාධිය සංස්කාර ඉවත් කරන්නේ යන්න සිහි කරන්නේ එහි පාණාතිපාතය අදත්තාදානය කාමයෙහි වරදවා හැසිරීම් ඉවත් කිරීම සිහි කරන විට ම පරාමාසය ළඟ star එකක් මතු විය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.