Date: 14/08/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

03/07/2026 නිබ්බාන භාවනාවේ සඳහන් ධර්මතාවයෝ, කෙසේ 07/08/2026 නිබ්බාන භාවනාවේ සඳහන් ධර්මතාවයන්ට උදව් උපකාර කරයි ද යන්න, විමසා බැලුවා.

03/07/2026 නිබ්බාන භාවනාවේ දී සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ සියල්ල ම පහ කළත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි යන්න විමසා ඇත. එහි ධාතු යන්න සුභ ධාතු ලෙස යොදා විමසා බලමු. එමගින් ධාරාව දිවීම, මෙහි දී කෙසේ නවතා ගත හැකි ද? එහි සඳහන් පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වීම එක ආකාරයකි. තවත් ක්‍රමයක් ඇත. එය සඳහා භව ආශ්‍රවය ඉවත් කිරීමට යම් දහමක් වැඩිය යුතු ද, එය වැඩීම මගින් කළ හැකි බව වැටහේ. දී ඇති සටහන බලන්න.

MM_14_08_2026.jpg

භව ආශ්‍රවය යනු අත්තා යන්නෙහි පසු සඤ්ඤා බව අපි දනිමු. මෙහි දී අත්තා යන්න සඳහා පෙර අත්තා යොදාගෙන විමසීම වඩා සුදුසු ය. එහි අතහැරීමක් ඇති ද, එනම් වේදනා දහමුන් අත්තා කරගැනීමක් නැති ද, හත් වන ධ්‍යානය ඉවත් කර ඇති අයකුට පහසුවෙන් වේදනා දහමුන් ඉවත් කිරීම මගින්, මෙසේ භව ආශ්‍රවය සකසන අත්තා යන්න ඉවත් කළ හැකි ය. එනමුදු එපමණකින් මෙය අවසන් නොවේ. ජලාශයක වතුර ඉවත් කළත් ජලාශයට එන්නා වූ උල්පත් දිය පහරවල් ඉවත් නොකරන්නේ නම් එම ජලාශය හිස්වීමක් නොවේ. මෙය සඳහා රූප විෂයෙහි වූ සියලු ධාතු ඉවත් කළ යුතු බව වැටහේ. මෙය කෙසේ කරගත හැකි ද?

රාග සල්ලය ඉවත් කිරීම ප්‍රමාණවත් ද? නැත. කුමක් නිසා ද? කාම ආශ්‍රවය පවතී නම් රාග සල්ලය නැවතත් හටගනී. කාම ආශ්‍රවය යනු සුඛ යන්නෙහි පසු සඤ්ඤාව වේ. එසේ නම් සුඛ යන්න ඉවත් කළ යුතු ම ය. මෙය චතුරාර්ය සත්‍යය අවබෝධය මගින් පමණක් ඇති වේ. එය සඳහා දුක යන්නත්, දුක්ඛ සමුදය යන්නත්, දුක්ඛ නිරෝධය යන්නත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යන්නත්, හොඳින් වඩා දියුණු කරගත යුතු ය. මේ නිසා තථාගතයන් වහන්සේලා අරි අට මඟ පෙන්වා දෙනු ලබයි. එහි ඉහත සත්‍යයන් තුන ම අඩංගු ය. කෙසේ ද?

සංස්කාරයන් ඉවත් කරන්නේ දුක බව වැටහේ. මිච්ඡා දිට්ඨිය ඉවත් කරන්නේ දුක බව වැටහේ. අභිජ්ඣා නිසා දෝමනස්ස ඇති වන බව දන්නේ, දක්නේ එමගින් දුක බව වැටහේ. මෙසේ දුක හඳුනා ගනී. එහි ම ගැබ් වේ. දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධ දහමුන් three kinds of bad conduct, three kinds of good conduct මෙන් වටහා ගන්නේ එහි තණ්හාව නිසා දුක ඇති වන බවත්, තණ්හාව නැති වන විට දුක නැති වන බවත්, පෙන්වාදීම අඩංගු ය. කෙසේ ද?

යම් පාණාතිපාතයක් වේ ද එය සංස්කාරයකි. එම සංස්කාරය කරන්නේ කුමක් සඳහා ද යන්න විමසන්නේ එය වැටහේ. භව පැවැත්ම කෙරෙහි ඇති තණ්හාව නිසා එසේ කරන බව වැටහේ. මෙසේ දස අකුසලය ම සිහි කළ යුතු ය. අනෙක් අතට පාණාතිපාතයෙන් වෙන් වන්නේ කුමක් නිසා ද? ඉහත දුක බවත්, දුක්ඛ සමුදය බවත්, දන්නා අයෙකු එයින් ඉක්මවීම සඳහා ය. එනම් පාණාතිපාත වැනි සංස්කාර අතහැරීම සඳහා කටයුතු කිරීමට සූදානම් වී ඇත්තේ අතහැරීම පුරුදු කරන්නේ ධ්‍යානයන් කරා ගමන් කරයි. එහි ද නොපවතින බවක් දැන ගැනීම, අභිජ්ඣාවන් ඉවත් කර පසු වැටහෙන්නේ ය. කෙසේ ද?

අනිච්චා භික්ඛවෙ, කාමා තුච්ඡා මොසධම‍්මා. මායාකතමෙතං භික්ඛවෙ, බාලලාපනං. මහණෙනි කාමයෝ අනිත්‍ය ය, හිස් ය, විනාශ වන්නාහු ය, විනාශ වන ස්වභාවය ඇත්තාහු ය. මහණෙනි මෙය මායාවකින් කරන ලද්දක් වැනි ය. අඥානයන් විසින් මගේ ය, මගේ ය, කියනු ලබන්නාහු ය, යන්න සිහි විය.

මායාවකින් කරන ලද්දක් වැනි ය. මෙහි මායාව වූයේ පාණාතිපාත වැනි සංස්කාරයන් මගින් මේතාක් භවය ම පැවැත් වූ බව වටහා ගැනීම ය. මෙසේ වටහා ගන්නේ නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන්නේ මුල දී ම අනාශ්‍රව වන බැවින් භාවනාව කිරීම ටිකක් අපහසු ය.

2. සංස්කාරයන් ඉවත් කරන්නේ දුක බව වැටහීමත් දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධ දහමුන් three kinds of bad conduct, three kinds of good conduct මෙන් වටහා ගන්නේ එමගින් සම්මා දිට්ඨිය ඇති වේ. සම්මා දිට්ඨියෙන් අනභිජ්ඣා. මායාව ඉවත් කරන්නේ එමගින් සම්මා දිට්ඨිය ස්ථිර වේ.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.