ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
10/07/2026 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද පළවන කාරණය නැවතත් විමසා බැලුවා. “අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වන්නේ නම් මගේ යැයි ගන්න වටිනවා ද?” යන්න මනා කොට පෙර භාවිතා කර ඇත්තේ, සමුදය දහමක් මගින් පමණක් උප්පත්තියක් වන බව දන්නේ එහි තණ්හාව ඉවත් කිරීමට සුදුස්සෙක් වී ඇති බව වැටහේ යැයි, ඉගෙන ගත්තා.
මෙහි කර්ම විපාකය සමුදය දහම ලෙස යොදා බලමු. එනම් පාණාතිපාත වැනි අකුසල කර්මයන් සිදු කිරීම නිසා අබ්‍යග්ග නිමිත්ත, (the sign of non dispersal) වටහා ගැනීමට දෙන ලද සටහනේ දකුණු පැත්තේ ධර්මයන් පවත්වා ගත නොහැකි වීම විමසා බලමු.

මෙහි දී කුම්මග්ග පටිසේවනයේ යෙදෙන නිසා three kinds of bad conduct සටහනේ මෙන් අරි අට මඟ ගිලිහේ. ලෝභ ද්වේෂ මෝහ ඇති වේ. මෙසේ වන්නේ නම් කර්ම විපාක නිසා ඉපදීමත් ඒ නිසා තණ්හා වීමත් ඇත. තව ද තණ්හාව ඇත්තේ පාණාතිපාත වැනි අකුසලයන් කරන්නේ කර්ම විපාක වශයෙන් ඉපදීමට අඩිතාලම සකස් කර ගනු ලබයි. මෙසේ කර්ම විපාක වශයෙන් ඉපදීම නිසා තණ්හාව ඇති වීමත්, තණ්හාව නිසා කර්ම විපාක වශයෙන් ඉපදීමට අඩිතාලම සකස් කර ගැනීම යන දෙයාකාරයන් වන බැවින් නිර්වාණය බොහෝ දුර වේ. මෙය නවතා ගැනීමට කුමක් කළ යුතු ද?
1. කර්ම විපාක වශයෙන් ඉපදීම වළකා ගැනීමට පාණාතිපාත අදින්නාදාන වැනි සංස්කාරයන් අතහැරිය යුතු ය. මෙයට සම්මා ආජීවය අවශ්‍ය වේ.
2. තණ්හාව නිසා කර්ම විපාක වශයෙන් ඉපදීමට අඩිතාලම සකස් කර ගැනීම වැළකීමට නම් තණ්හාව ඉවත් කළ යුතු ම ය.
මෙම දෙයාකාර දහමුන් සඳහා කුමන ධර්මතාවයක් උදව් උපකාර කරයි ද? මෙහි පළවෙනි අවස්ථාවේ දී සංස්කාරයන් ඉවතලීම සඳහා සම්මා ආජීවයට පත් වූ අයෙකුට බොජ්ඣඞ්ග දහමුන් උදව් උපකාර කරනු ලබයි. එය සුභ ධාතු සමග සම්බන්ධ වන නිසා ය. සුභ ධාතුවේ යම් නොගැලපීමක් වන අවස්ථාවල ධාරාව නොගැලීමට එම බොජ්ඣඞ්ග දහමුන් උදව් උපකාර කරනු ලබයි. තව ද එහි අබ්‍යග්ග නිමිත්ත (the sign of non dispersal) පිරීමක් වන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.
මෙහි දෙවන අවස්ථාවේ දී තණ්හාව නිසා කර්ම විපාක වශයෙන් ඉපදීමට අඩිතාලම සකස් කිරීම වැළකීමට සතර ඉද්ධිපාදයෝ වැඩීම මනා කොට කළ යුතු ය. එහි area 1, 2, 6 සහ විඤ්ඤාණය සළකුණු කරන ප්‍රදේශයන්, දුක බව වැටහෙන්නේ නම් තණ්හාවට ඇති ඉඩ කඩ ඇහිරේ. මෙසේ තණ්හාව තුනී වන්නේ නම් චතුරාර්ය සත්‍යය ස්ථාපිත වේ. එමගින් නිර්වාණය වේ.
ඒක තමයි භාවනාව.
මේකට ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ මෙහි සඳහන් පළවෙනි අවස්ථාව සිහි කරන විට ම සමාධිය ඇති වී ප්‍රීතිය ගලයි. එය බොජ්ඣඞ්ග දහමුන් මෙනෙහි කිරීමට පෙර ඇති වේ. එසේ ම දෙවන අවස්ථාව සිහි කරන විට ම සමාධිය ඇති වී ප්‍රීතිය ගලයි. එය ඉද්ධිපාදයන් මෙනෙහි කිරීමට පෙර ඇති වේ. දහම් කරුණු සිහියේ තිබීම පමණක් ප්‍රමාණවත් ය. මෙසේ ඇති වන සමාධියට මනස යොමු වන්නේ නම් අනාශ්‍රව වේ.
2. මෙහි පළවෙනි අවස්ථාවේ දී නොගැලපීම තවදුරටත් විමසා බැලුවා. යමෙක් මහණ වන්නේ පෙර මිරිස් ඇතිව කෑම ගෙන පුරුද්ද ඇත්තේ, සීත කාලයේ දී මිරිස් අඩුවෙන් ආහාර ලැබෙන්නේ මිරිස් නැති නිසා නොගැලපීම ඇත. මෙසේ සිතන්නේ තුන් වන ධ්‍යාන වන්නේ ප්‍රීතිය නැත්තේ ප්‍රීතිය නැති නිසා නොගැලපීම ඇත. අට වන ධ්‍යාන වන්නේ හත් වන ධ්‍යාන සඤ්ඤා නැති නිසා නොගැලපීම ඇත. මෙසේ නොගැලපීම වටහා ගත යුතු ය.
3. අපගේ කර්මය වී ඇත්තේ අබ්‍යග්ග නිමිත්ත (the sign of non dispersal) වටහා ගැනීමට දෙන ලද සටහනේ දකුණු පැත්තේ ධර්මයන් කරගත නොහැකි වීම ය. එය එසේ ය. මෙහි දී ශාන්ත සුවිමුක්ත චිත්තය ඇති වේ.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.