Date: 28/08/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

21/08/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී එකතු කරන ලද තෙවන කාරණය තවදුරටත් විමසා බැලුවා. එනම් අපගේ කර්මය වී ඇත්තේ අබ්‍යග්ග නිමිත්ත (the sign of non dispersal) වටහා ගැනීමට දෙන ලද සටහනේ දකුණු පැත්තේ ධර්මයන් කරගත නොහැකි වීම ය.

MM_03_07_2026.jpg

මෙය ඉවත් කිරීම සඳහා සම්මා ආජීවය අවශ්‍ය බවත් එය මනා කොට පැවැත්වීමට බොජ්ඣඞ්ග දහමුන් උදව් උපකාර කරනු ලබයි යනුවෙන් ඉගෙන ගත්තා. මෙහි දී කෙසේ වඩන ලද බොජ්ජංගයෝ උදව් උපකාර කරයි ද යන්න විමසා බැලුවා. එයට 17/02/2023 ආහාර සූත්‍ර - උපෙක්ඛා භාවනාවේ සඳහන් අයුරින් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වැඩීම විමසා බලමු.

සමාධි සම්බොජ්ඣඞ්ගය 30/12/2022 නිබ්බාන භාවනාවේ අයුරින් ඇති වන්නේ සමාධි සම්බොජ්ඣඞ්ගය තුළ යම් දහමක් නිසා, සුඛ දුඛ යන්න කෙරෙහි යම් නුවණින් සෙවීම (පවිචිනති), පරීක්ෂා කෙරෙයි (පවිචරති), හාත්පසින් විමසීම (පරිවිමංස) යන ධර්මතාවයන්ගෙන් ප්‍රගුණ වන්නේ එහි යම් උපෙක්ඛාවක් වේ ද, එනම් කැමති වුණා වූ නිරෝධය ම නොසැලී පවතින්නේ නම්, එය ඇතුළත සහ පිටත යන දහම්හි උපෙක්ඛා යන්න වේ. මෙහි වෙන් කිරීම ඇතුළත යන්න මනෝමය කාය හා සම්බන්ධ වන අතර පිටත යන්න බාහිර කාය හා සම්බන්ධ වේ.

පිටත දහම්හි උපෙක්ඛාව පළමුව විමසනුයේ සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ සියල්ල ම පහ කළත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි යන්න විමසන්නේ එහි පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් ධාතු විෂයෙහි සිත සමාදන් නොවේ. එහි ම නිර්වාණය ගැබ් වේ යනුවෙන් ඉගෙන ගත්තා. මෙහි දී සුභ ධාතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ ධාරාව නොගැලීමට තරම් උපෙක්ඛාව කෙසේ ප්‍රබල කරගත හැකි ද? මෙයට විරාගය අවශ්‍ය වන බව කිව යුතු ය. එය එසේ ය. එසේ නොවන්නේ නම් පථය 2 ක්‍රියාත්මක වීම වන්නේ චිත්ත සංස්කාරයන් නැවතත් ගොඩනංවා සනාථ කිරීම විය හැකි ය. එසේ නම් උපෙක්ඛාවත් විරාගයත් යුගනද්ධ කොට වැඩිය යුතු ම ය.

ඇතුළත දහම්හි උපෙක්ඛාව දෙවනුව විමසනුයේ අබ්‍යග්ග නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ සංස්කාර විෂයයෙහි සිත නොපිහිටන්නේ අවිද්‍යාව නිසා වන සංස්කාරයන් තුනී වී යන්නේ කිසිදු ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් සියුම් වූ ධාතු ස්වභාවය ඉක්මවීමට හැකි වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. මෙහි ආපෝ ධාතු - එනම් බැඳීම කරන ධාතු - ඉවත් කරන බව වටහා ගත යුතු ය. මෙය කර්මය හා සම්බන්ධ ය යනුවෙන් ඉගෙන ගත්තා. මෙහි දී නිරෝධය අවශ්‍ය බව වැටහේ. කුමක් නිසා ද? සංස්කාරයන් ගොඩනංවන තාක් කල් නිරෝධය නැත. ඒ නිසා ය. හාත්පසින් විමසීම (පරිවිමංස) මනා කොට පැවැත්විය යුතු ම ය.

පාණාතිපාත වැනි අකුසල දහම් ඉවත් කර සම්මා ආජීවයට බැසගෙන ඇත්තේ දැන් පවතින කාය, කර්මය නිසා බවත්, ඉදිරියේ දී නැවතත් කායක් සකස් වුවහොත් වන ආදීනවය මනා කොට විමසා හාත්පසින් විමසීම (පරිවිමංස) ධර්මතාවය මනා කොට යෙදිය යුතු ය. මෙසේ සංස්කාර නිරෝධය වන්නේ නම් සියුම් වූ ධාතු ස්වභාවය ඉක්මවීමට හැකි වේ. මෙයට බාධාව වී ඇත්තේ එක ධ්‍යාන තලයක අඩුපාඩු දකින්නේ එසේ නොවන තවත් ධ්‍යාන තලයක් ඇති යැයි චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසා ම ඇති වී ඇති කුතුහලය මගිනි. එය එසේ ය. එම බාධාව ඉද්ධිපාදයන් මගින් area 1, 2, 6 සහ විඤ්ඤාණය සළකුණු කරන ප්‍රදේශයන් දුක බව පෙන්වීම මගින් පමණක් නැතිවේ. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.

ඒක තමයි භාවනාව.

මේකට තව කාරණා එකතු කරනවා නම්,

1. පිටත දහම්හි උපෙක්ඛාව පළමුව විමසනුයේ සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ සියල්ල ම පහ කළත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි යන්න විමසීම සඳහා සවිතක්ක සවිචාර සමාධිය මෙහි දී සිහි කළ යුතු ය. මෙහි දී අරිය විහාරය සිහි කරන්නේ කිසිවක් මගේ යැයි නොගනී යන්න මෙනෙහි කරන විට 24/07/2026 නිබ්බාන භාවනාවේ සඳහන් යමක් දකින විට ම එය මගේ යැයි නොගන්නා ප්‍රමාණයට සිත පැවැත්වීමට හැකි වීම සහ යම් සඤ්ඤාවක් වේ ද එමගින් යම් දහමක් ඇති වන්නේ ද එය දුක බව දැන ගැනීමට තරම් දුක යන සඤ්ඤාව දියුණු වී තිබිය යුතු ය, යන ධර්මතාවයෝ විරාගයත් සමග යෙදිය යුතු ය. මෙහි දී ඇති වන විමුක්ති ස්වභාවය පුදුමාකාර ය.

2. ඇතුළත දහම්හි උපෙක්ඛාව දෙවනුව විමසනුයේ අබ්‍යග්ග නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ සංස්කාර විෂයයෙහි සිත නොපිහිටන්නේ, අවිද්‍යාව නිසා වන සංස්කාරයන් තුනී වී යන්නේ කිසිදු ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් සියුම් වූ ධාතු ස්වභාවය ඉක්මවීමට හැකි වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි යන්න මෙනෙහි කරන විට 07/08/2026 නිබ්බාන භාවනාවේ පරිදි line 7 හරහා ධාරාව ගැලීම නැවතීම කළ යුතු බව වැටහේ. මෙහි දී ජීවිත ඉන්ද්‍රිය කර්ම විපාක වශයෙන් දැක අකුසල කර්ම නිරෝධයට කැමති විය යුතු ය. එහි යම් තණ්හාවක් වේ ද එය පහ කළ යුතු ය.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.