ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
28/08/2026 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි පිටත දහම්හි උපෙක්ඛාව පළමුව විමසනුයේ සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ සියල්ල ම පහ කළත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි යන්න විමසන්නේ එහි පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් ධාතු විෂයෙහි සිත සමාදන් නොවේ. එහි ම නිර්වාණය ගැබ් වේ. සුභ ධාතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ ධාරාව නොගැලීමට තරම් උපෙක්ඛාව කෙසේ ප්‍රබල කරගත හැකි ද? මෙයට විරාගය අවශ්‍ය බව කිව යුතු ය යනුවෙන් ඉගෙන ගත්තා. මෙම ධර්මතාවය සමග 28/11/2025 ජාති 2 භාවනාවේ සටහන 2 සම්බන්ධ විය.

එහි දක්වා ඇති රූපයට නිත්‍ය එකතු නොකර එයින් ඇති වන ප්‍රීතිය නිසා සතුටු වීම මාන වීම විමසා බලමු. මෙය විරාගය නොමැතිකම නිසා ම සිදු වන බව වැටහේ. එය එසේ ය. යමක් අතහරින්නෙක් කොටසක් අතහැර තව කොටසක් ඉතුරු කරගන්නවා වැනි ය. නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් එපා යැයි කීවේ ය. අරූප ධ්‍යාන සඤ්ඤාවන් එපා යැයි කීවේ ය. එනමුදු රූපයට නිත්‍ය එකතු නොකර, එයින් ඇති වන ප්‍රීතිය එපා යැයි නොකීවේ ය. එහි විරාගය ගිලිහී ගියේ ය. කුමක් නිසා ද? විරාගය සම්පූර්ණයෙන් නැති නිසා ය. මෙයට අප්පනා දහම නොවීම දුක සංකල්පයේ සිත බැස නොගැනීම බලපායි. කෙසේ ද? එහි දක්වා ඇති 50% පථයට පැමිණීම එය සිදු වූවා යැයි මාන වීම විමසන්න. සංකල්පය පැවතීම තවමත් සුඛ යැයි පවසන නිසා ය. මෙය සිත සිතා සිටීමට ඇති කැමැත්ත මෙන් ය. කිසිවක් වැය නොවන බවක් ඇති බවක් යමෙකුට හැඟේ. මෙය බඩගින්න පිපාසය ඉවසා සිටීමට තරම් ඔඩු දුවා ඇති අය ඇත. එය එසේ ය.
මෙහි දී සමාධි සම්බොජ්ඣඞ්ගය සම්පූර්ණ නොවේ. පිටත දහම්හි උපෙක්ඛාව නැත. විරාගය ඇත්තේ නම් පමණක් එය සම්පූර්ණ කරගත හැකි ය. මෙහි විරාගය වන්නේ සිත සිතා සිටීමට ඇති කැමැත්ත පහ කිරීම ය. එය එසේ ය. “සංකප්ප රාගො පුරිසස්ස කාමො.” ලෙස විමසන්නේ මෙය කාමය පහ කිරීම ලෙස තථාගතයන් වහන්සේලා පවසයි. එය එසේ ය.
ඇතුළත දහම්හි උපෙක්ඛාව දෙවනුව විමසනුයේ අබ්‍යග්ග නිමිත්ත (the sign of non dispersal) පෙරටු කොට භාවනාව වඩන්නේ සංස්කාර විෂයයෙහි සිත නොපිහිටන්නේ අවිද්‍යාව නිසා වන සංස්කාරයන් තුනී වී යන්නේ කිසිදු ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් සියුම් වූ ධාතු ස්වභාවය ඉක්මවීමට හැකි වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. මෙහි ආපෝ ධාතු - එනම් බැඳීම කරන ධාතු - ඉවත් කරන බව වටහා ගත යුතු ය. මෙය කර්මය හා සම්බන්ධ ය යනුවෙන් ඉගෙන ගත්තා. මෙහි දී නිරෝධය අවශ්‍ය බව වැටහේ. කුමක් නිසා ද? සංස්කාරයන් ගොඩනංවන තාක් කල් නිරෝධය නැත යනුවෙන් ඉගෙන ගත්තා. මෙහි දී 28/11/2025 ජාති 2 භාවනාවේ දී ඇති සටහන 3 යොදා ගන්න.

එහි මාන පාරේ රූප අගය සෝකය ලෙස ලකුණු කර ඇත. සිත සිතා සිටීමට ඇති කැමැත්ත දිට්ඨීන් දක්වා ඔඩු දුවා ඇති අයෙකුට සිත සිතා සිටීමට ඇති කැමැත්ත යම් ප්‍රමාණයකට පහ වන අවස්ථා ඇත. එනම් line 5 හරහා ජීවිත ඉන්ද්‍රිය නිසා ධාරාව ගලන දේ නවතා ගැනීමට තරම් ප්‍රබලතාවයක් ඇති අවස්ථා, ඉදංසචචය ළඟ චතුරාර්ය සත්‍යය තැබීමෙන් ඇති වන අවස්ථා ඇත. එය එසේ ය. එනමුදු, තවමත් ඉවතලා නොමැති දිට්ඨීන් නිසා 40% පථය දිගේ යෑම සිදු වීම line 7 හරහා සිදු විය හැකි ය. මෙය භව ආශ්‍රවය සමග සම්බන්ධ ය. මෙම ධර්මතාවයෝ භව ආශ්‍රවය නිසා ම හටගත් දිට්ඨීන් ය. මෙය සියුම් ය. සෝකය මෙහි වැඩි බරක් දරනු ලබයි. කුමක් නිසා ද? සංසාරයේ ගිය නිසා ය. සෑම සෝක අවස්ථාවල දී ම පැලැස්තර දමන ලද බැවිණි. තවත් පැලැස්තරයක් ඇති යැයි සිතයි. මෙසේ දිට්ඨි සහගත වේ. අස්මිති මානයේ දහම් කරුණු වල b කොටස යොදා විමසා බලන්න. බාහිර පුද්ගලයෙක්ගෙන් අසා දැන ගැනීම නිසා හෝ තමා විසින් දැක ඇති නිසා හෝ ඇති වන්නා වූ අස්මිති ඡන්දය මෙයට බලපායි. එක ධ්‍යාන තලයක අඩුපාඩු දකින්නේ එසේ නොවන තවත් ධ්‍යාන තලයක් ඇති යැයි චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසා ම ඇති වී ඇති කුතුහලය ඉවත් කළ යුතු ම ය. එය එසේ ය. එම බාධාව ඉද්ධිපාදයන් මගින් area 1, 2, 6 සහ විඤ්ඤාණය සළකුණු කරන ප්‍රදේශයන් දුක බව පෙන්වීම මගින් පමණක් නැතිවේ. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. රූපයට නිත්‍ය යැයි එකතු නොකර එයින් ඇති වන ප්‍රීතිය නිසා සතුටු වීම මාන වීම තවදුරටත් විමසා බැලුවා. එසේ නම් එක තැනකින් තව තැනකට පැන පැන යන්නෙක් මෙන් වෙනස් වන්නා වූ රූප ම සොයන බවක් වැටහේ. එහි වේමත්තතාවයට කැමැත්ත ඇති බව වැටහේ. එහි යම් වෙනසක් එමගින් ලැබෙන්නේ ද එය ම කාමයට තුඩු දේ. කාමච්ඡන්දය විමසන්න.
2. මෙම භාවනාව කරන්නේ ඇස් දෙක ම විවෘත වන්නේ ය. තව ද භාවනාව අවසානයේ කෘතගුණ පළ කරන්නේ මනෝමය කායේ හිස තුළ බාහිර කායේ හිස ඇති බවත් විශාල හිසක් ඇතිව සිටින බවත් මනා කොට දැනේ. කරුණාව පතුරවන විට ද මෙය එසේ ම පවතී.
3. සිත සිතා සිටීමට ඇති කැමැත්ත ඇත්තේ, සත්වයන් කුමන ලෝකයක ඉපදුනත් සිත සිතා සිටීම ම වැඩියෙන් කරනු ලබයි. මේ නිසා එය ලෝභ අකුසල මූලය ලෙස තථාගතයන් වහන්සේලා පවසයි. එය එසේ ය. අට වන ධ්‍යාන තලයේත් එය එසේ යැයි පවසන්නේ ඝෝෂාව මතු වන අවස්ථාවන් බහුල බව නිසා ය. මනුලොව වුව ද නිදාගෙන සිටින අවස්ථාව සිත සිතා සිටීම කරන අවස්ථාව යන කොටසට නොවැටේ. වෙනස වන්නේ අට වන ධ්‍යාන ඵල ලාභියා අලුතින් සංස්කාර නොසෑදී ම ය. එනමුදු, සිත සිතා සිටීමට ඇති කැමැත්ත ඇත.(*1)
4. බ්‍රහ්ම ලෝකවල සිත සිතා සිටීමට ඇති කැමැත්ත වැඩි ය. මේ නිසා බාහිර කාය මතු වීම වැඩියෙන් සිදු වේ. එහි දී අභ්‍යන්තර කාය ගිලිහේ. හැකියාව ඇති නිසා ධර්මයන් භාවිතා කර නැවත එහි පිහිටයි.
5. එකතු කරන ලද පළවෙනි කරුණ මෙසේ වටහා ගත හැකි ය. යමෙක් සම්බෝලයක් කන්නේ එහි සතුටු වීම ඇත. එනමුදු එය නිත්‍ය යැයි නොකියයි. පරිප්පු මස් වර්ග ගැන ද මෙසේ සිතන්න. මෙහි මාන වීම ඇත්තේ එය line 7 හරහා ගැලීම ඇත. මෙහි දී මාන පාරේ රූප අගය සෝකය වන්නේ මෙම අගයන් නොලැබීම missing නිසා ය. එනම් පරිප්පු කන්නේ මාන වුණා වූ සම්බෝල අගය නොමැති ය. එය missing ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
සාකච්ඡාව 12/09/2026
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතනට උදාහරණයක් දෙනවා නම්, අතීත භව පෙනෙන්නේ අනිත්‍යභාවය මෙනෙහි කරන නිසා එය ඉදිරියට ගෙන යෑමක් නැත. නමුත් දැක්ක දේ ගැන කැමැත්ත ඇත. ඒ නිසා භාවනාවෙන් පසුව අන් අයට දුටු දේ පවසයි. මෙය මානය හා සම්බන්ධ ය.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව කාරණාවක් එකතු කරන්න පුළුවන්,
Advanced 2 මෝහ භාවනාවේ දී සවිතක්ක සවිචාර සමාධියෙන් මෙත්තාවට ඇවිල්ලා අපි රූපය ජරා වෙනවා කියලා දැකලා, එය ඉක්මවීමක් කළා යනුවෙන් සාකච්ඡා කළා. මෙය හොඳින් වැටහෙන්නේ දැන් ය. සිත සිතා සිටීමට ඇති කැමැත්ත “සංකප්ප රාගො පුරිසස්ස කාමො” සමග විමසන්න. මෙහි සංකල්පයේ පැවතීම තවමත් සුඛ යැයි පැවසීම ඇත. මෙත්තාව භාවිතා කරන්නේ අපි දුක යැයි දැන, නිදුක් වේවා යැයි පවසයි. මෙසේ සිත සිතා සිටීමට ඇති කැමැත්ත පහවන්නේ නම් සියලු ලෝකයන්හි ජරාව ඉක්මවීමක් කරනු ලබයි.
ඒක තමයි අලුතෙන් එකතු කරන්න තියෙන්නේ.