Date: 11/09/2026 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

04/09/2026 නිබ්බාන භාවනාවේ දී එකතු කරන ලද තෙවන කාරණය නැවතත් විමසා බැලුවා. එහි දී කුමන ලෝකයක ඉපදුනත් සිත සිතා සිටීම ම වැඩියෙන් කරනු ලබයි. මේ නිසා එය ලෝභ අකුසල මූලය ලෙස තථාගතයන් වහන්සේලා පවසයි යනුවෙන් ඉගෙන ගත්තා.

ද්වේෂ අකුසල මූලය කෙසේ අර්ථ දක්වා ගත හැකි ද? යම් දහමක් සිත සිතා සිටීමට යම් කැමැත්තක් ඇති ද එය සිදු කිරීමට යම් බාධාවක් වෙත් ද එයයි. මෙය කෙසේ වටහා ගත යුතු ද? යමෙක් හානි කරනවා, මේ පුද්ගලයා මට හානි කරන්නේ ය, මගේ ඥාතීන්ට හානි කරන්නේ ය, හිත මිතුරන්ට හානි කරන්නේ ය, ආදී වශයෙන් ද්වේෂය ඇති වන බව අපි දනිමු. මෙය ම යමක් සිතීමට ඇති බාධාව වන්නේ ය. “අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසාරණං අයං අදොසො”, එනම් අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපය, ඒ කියන්නේ මුලාව කියන එක පහ කිරීම තමයි අදෝසය කියන්නේ යන්න සමග විමසන්නේ හොඳින් වැටහේ.

බ්‍රහ්ම ලෝකයක වේවා සිත සිතා සිටීමට යම් කැමැත්තක් වේ ද එයට විරුද්ධව යම් දහමක් පැන නගින්නේ ද අසමාහිත ස්වභාවයක් හට ගනී. මෙය කෙසේ වටහා ගත යුතු ද? සිත සිතා සිටීමට කැමැත්තක් ඇත්තේ එය අභ්‍යන්තරයේ සමාහිත ස්වභාවය යැයි යමෙකුට හැඟෙන්නේ යම් සේ ද, මෙය එසේ වටහා ගත යුතු ය. මෙය චිත්‍රපටියක කතාව තමා විසින් තම මනසින් පමණක් නිපදවීම කරන අවස්ථාවක් මෙන් සිතන්න. එයට බාධාවන් බොහෝ ය. තම ජීවිත පැවැත්ම නිසා ඇති වන බාධාවන් ද මෙයට ඇතුළත් ය. මෙසේ ලෝභ අකුසල මූලය මගින් යමක් පවසන්නේ ද අදහස් වන්නේ ද එය මනා කොට කරගත නොහැකි වීම නිසා ම ද්වේෂ අකුසල මූලය හට ගනී. එය එසේ ය. එහි යම් ස්ථාවරයක්, නිතර සිදු වන බවක් ඇත්තේ නම් ද්වේෂ අකුසල මූලයේ මනා කොට බැස ගැනීම සිදු වේ. මෙය නිතර සිදු වීම දුක්ඛ දොළහ මගින් ම වටහා ගත යුතු ය. උදාහරණ වශයෙන් ව්‍යාධිය ඇත්තේ එය සඳහා නිදා ගැනීම කළ යුත්තේ සිත සිතා සිටීම සිදු කිරීම අපහසු ය.

මෝහ අකුසල මූලය කෙසේ ඇති වේ ද? යම් ප්‍රඥාවක් නොමැතිකම නිසා ම එය ඇති වේ. සෑම සිතුවිල්ලක් ම දුකේ ඇතුළත් බව නොදන්නාකම නිසා ම එය ඇති වේ. මෙය හතර ආකාර බව අපි දනිමු. එනම් දුක යන්න නොදන්නාකම එකකි. දුක්ඛ සමුදය යන්න නොදන්නාකම තව එකකි. දුක්ඛ නිරෝධය යන්න නොදන්නාකම තව එකකි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව යන්න නොදන්නාකම තව එකකි. අලෝභ අදෝෂ අමෝහ භාවනාවන් මගින් මෙහි ඉවත් කිරීම ඇති බව අපි දනිමු.

ඒක තමයි භාවනාව.

මේකට තව ටිකක් එකතු කරනවා නම්,

1. මෙම භාවනාව කරන විට, 28/11/2025 ජාති 2 භාවනාවේ සටහන 2 සිහි කරන්නේ එහි දක්වා ඇති 50% පථයට පැමිණීම එය සිදු වූවා යැයි මාන වීම විමසන්නේ, සංකල්පයේ පැවතීම තවමත් සුඛ යැයි පවසන නිසා ය. මෙය සිත සිතා සිටීමට ඇති කැමැත්ත මෙන් ය යන්න සිහි කරන විට ප්‍රීතිය ගැලීම සිදු වී ඉන් අනතුරුව අනාශ්‍රව වේ.

MM_28_11_2025_d2.jpg

2. ද්වේෂ අකුසල මූලය සිහි කරන විට ප්‍රීතිය ගැලීම සිදු වී ඉන් අනතුරුව අනාශ්‍රව වේ.

3. චින්තාමය ප්‍රඥාව හොඳින් වැටහෙන්නේ දැන් ය. අස්තංගමය දන්නේ එහි යම් ධර්මයක් නාභිනන්දති නාභිවදති නජොසාය තිට්ඨති ලෙස බැස ගැනීම. මෙය අදෝෂ කුසල මූලයෙන් පටන් ගත්තේ ය. ද්වේෂ අකුසල මූලයෙහි අර්ථ දැක්වීම සමග විමසන්නේ හොඳින් වැටහේ. එනම් යම් දහමක් සිත සිතා සිටීමට යම් කැමැත්තක් ඇති ද එය සිදු කිරීමට යම් බාධාවක් වෙද්ද එයයි. මෙය දන්නා අයෙකු සංකල්පයේ පැවතීම තවමත් සුඛ යැයි නොපැවසීමට නාභිනන්දති නාභිවදති නජොසාය තිට්ඨති ලෙස බැස ගැනීම යොදා විමසා බලන්න.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.