ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
07/11/2025 නිබ්බාන භාවනාවේ දී රූපයට නිත්‍ය එකතු නොකර එයින් ඇති වන ප්‍රීතිය නිසා සතුටු වන්නේ නම් කුමක් වන්නේ ද යන්න විමසා ඇත. එසේ සතුටු වන්නේ නම් මානය ඇති වේ. මෙමගින් පෙර අත්තා ඇවිස්සීම සිදු වන බවත්, එය එසේ වන්නේ මානය නිසා ප්‍රඥාව නසන ලද්දේ නම් පදුට්ඨමනසඞ්කප්පය ක්‍රියාත්මක වේ. ද්වේෂය දක්වා ගමන් කරන්නේ, ද්වේෂ සල්ලය ක්‍රියාත්මක වේ. එමගින් සෝකය 2 ක්‍රියාත්මක වේ යනුවෙන් ඉගෙන ගත්තා. සෝකය 2 සටහන සමග මෙය විමසනුයේ

ද්වේෂ සල්ලය ක්‍රියාත්මක වේ නම් වේදනා උපග විඤ්ඤාණස්ථිතිය ඇති වේ. යම් ද්වේෂ සල්ලයක් වන්නේ ද එය තුළ පෙර වින්දා වූ වේදනා අගයෝ ඇත. දුක් වූ දෙයක් සුඛ වශයෙන් විඤ්ඤාණයට කිඳා බැස ඇත යනුවෙන් ඉගෙන ගත්තා.
මෙහි දී ද්වේෂ අකුසල මූලය යෙදීම විමසා බලමු. එය යම් දහමක් සිත සිතා සිටීමට ඇති කැමැත්තක් ඇති ද එය සිදු කිරීමට යම් බාධාවක් වෙත් ද එයයි. ඉහත සඳහන් වේදනා උපග විඤ්ඤාණස්ථිතිය ඇති වේ යන්න සමග විමසන්නේ වේදනාව කෙරෙහි විඤ්ඤාණය බැඳී පවතින අවස්ථාවකි. එයට බාධාවක් වෙද්ද එම නිසා රාග සල්ලය වෙනස් වූ රූපයන්ගෙන් සැනසීමක් සොයන බව වැටහේ. මෙසේ සෝකය 2 පථයෙන් ගැලවීමක් නොවන අයුරින් විඤ්ඤාණය බැඳී පවතී. මෙසේ තණ්හා වේ. මේ නිසා තථාගතයන් වහන්සේලා තණ්හා නිසා දුක ඇති වෙන බව පවසයි.
මෙය තවදුරටත් වටහා ගැනීමට 11/09/2026 නිබ්බාන භාවනාවේ ඉගෙන ගත් ධර්ම කොටස් සිහි කරමු. එනම් ලෝභ අකුසල මූලය මගින් යමක් පවසන්නේ ද අදහස් වන්නේ ද එය මනා කොට කරගත නොහැකි වීම නිසා ම ද්වේෂ අකුසල මූලය හට ගනී. මෙය සමග විමසන්නේ a) ලෝභ අකුසල මූලය මගින් ද්වේෂ අකුසල මූලය හටගැනීම වීමත් b) පෙර අත්තා ඇවිස්සීම නිසා වේදනාව කෙරෙහි විඤ්ඤාණය බැඳී පවතින්නේ යන දෙයාකාර දහමුන්ගෙන් පෝෂණය වන්නේ නම් වේදනාව ඉක්මවා යෑමට සිතක් හට නොගනී. මෙයට මෝහ අකුසල මූලය ද එකතු වී ඇත. එය මානය නිසා ප්‍රඥාව නසන ලද්දේ පදුට්ඨමනසඞ්කප්පය ක්‍රියාත්මක වන විට ම එකතු වූයේ ය. මෙසේ තුන් තණ්හාවන් එනම් කාම තණ්හා භව තන්හා විභව තණ්හා එකතු වීම ම පෙනේ.
මෙයින් ගැලවීමට මෙබඳු රාග සල්ලයන් ඉවත් කළ යුතු ය. එනම් පෙර භවවල දන් දී රජෙකු මෙන් විඳින ලද්දා වූ නොමැරී පවතින සුඛ සඤ්ඤා අගයෝ හෙවත් සියලු ධාතූන් අභිබවා ගිය රූප විෂයෙහි වූ කාම ධාතු ඉවත් කළ යුතු ය. මෙය අරි අට මඟේ නොකඩවා සිටීම මගින් පමණක් ම සිදු කළ හැකි ය.
ඒක තමයි භාවනාව.
මේකට තව ටිකක් එකතු කරනවා නම්,
1. මෙම භාවනාව කරන්නේ ශාන්ත සුවිමුත්ත චිත්තය ඇති වේ.
2. මෙහි සඳහන් ධර්මතාවයන්ගෙන් සටහනක් සාදාගත හැකි ය. දී ඇති සටහන බලන්න.

3. සෝකය 2 පථයෙන් ගැලවීමක් නොවන අයුරින් විඤ්ඤාණය බැඳී පැවතීම වන්නේ නම් වේදනාව ඉක්මවා යෑමට සිතක් හට නොගනී යන්න තවදුරටත් විමසා බැලුවා. මෙහි තණ්හාව ගැබ් වී ඇති බව හොඳින් වැටහේ. කුමක් නිසා ද? පෙර අත්තා කරගත් ධර්මයන්ගේ බලපෑම අධික ලෙස මෙහි බලපාන නිසා ය.
ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.